'වසත් සිරිය 2024 ' හෙට

Published in පුවත්
Friday, 26 April 2024 12:53

“වසත් සිරිය – 2024” අලුත් අවුරුදු උත්සවය ගාලුමු‍වදොර ෂැංග්‍රිලා හරිත භූමියේ දී හෙට(27) පැවැත් වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ සේවක සුබ සාධක සංගමය සහ රජයේ අමාත්‍යාංශ එක්ව මෙය සංවිධාන කර තිබේ.

“වසත් සිරිය – 2024” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සමඟ රට පුරා ජනතාව මහත් උද්‍යෝගයෙන් අත්වැල් බැඳගෙන සිටින අතර අවුරුදු කුමරා – කුමරිය, මැරතන් ධාවන තරගය සහ පාපැදි සවාරිය සඳහා දැනටමත් අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබී තිබේ.

විවිධ පළාත් නියෝජනය කරමින් කොළඹින් දුර බැහැර ප්‍රදේශවල තරුණ තරුණියන් ද මේ සඳහා ඉදිරිපත්වී තිබීම විශේෂත්වයකි.

දේශීය සංස්කෘතික වටිනාකම් පිළිඹිඹු කෙරෙන විශේෂාංග රැසකින් සමන්විතව රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03ක් යටතේ සංවිධානය කෙරුණු ‘වසත් සිරිය’ අවුරුදු උත්සවය තරග ඉසව් රැසකින් සමන්විතය.

“වසත් සිරිය 2024” රූ සිරියෙන් සැරසීමට වයස අවුරුදු 18-30 අතර යෞවන යෞවනියන්ට ආරාධනා කෙරේ.“වසත් සිරිය” අවුරුදු කුමරා/ කුමරිය පළමු ස්ථානය සඳහා රුපියල් 100,000/-ක්ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000/-ක් සහ තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000/-ක මුදල් ත්‍යාග ඇතුළු වටිනා ත්‍යාග ද 12 වන ස්ථානය දක්වා සැනසිලි ත්‍යාග සහ සහතික පත් ද පිරිනැමේ

ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය (පිරිමි/ කාන්තා) දිවයිනටම විවෘත අතර 2024 අප්‍රියෙල් 25 දින මධ්‍යහන 12.00 දක්වා ඒ සඳහා අයදුම් කළ හැකිය.

ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගය (පිරිමි) පළමු ස්ථානය සඳහා රුපියල් 100,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 35,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, 6 සිට 10 ස්ථාන දක්වා රුපියල් 10,000 බැගින් ද, 11 සිට 20 ස්ථාන දක්වා රුපියල් 6,000 බැගින් ද ත්‍යාග පිරිනැමේ.

කාන්තා තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 60,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 40,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක් ද, 6 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින් පිරිනමනු ලබයි.

“වසත් සිරිය” මැරතන් ධාවන තරගය සඳහා වයස අවුරුදු 16ට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවස්ථාව හිමි වේ. සම්පූර්ණ කරන ලද අයදුම්පතේ පැහැදිලි ඡායාරූපයක් 2024 අප්‍රේල් 26 දින පෙ.ව 10.00ට පෙර 0710573828 යන දුරකථන අංකයට WhatsApp මඟින් යොමු කළ හැකිය.

මැරතන් තරගයේ (පිරිමි) පළමුවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද පිරිනැමෙන අතර සිව්වන ස්ථානයට රුපියල් 20,000ක් සහ පස්වන ස්ථානයට රුපියල් 15,000ක් ද, හයවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින්ද, එකළොස්වන ස්ථානයේ සිට පහළොස්වන ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින් ද පිරිනැමේ.

කාන්තා මැරතන් තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක්ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 10,000ක්ද , හය සහ හත්වන ස්ථාන සඳහා රුපියල් 7,500ක් බැගින් ද පිරිනැමෙන අතර අටවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින් පිරිනැමේ.

තවද දුෂ්කර කාල පරිච්ඡේදයකට පසුව යළි ගොඩනැගෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ අභිමානවත් ඉදිරි මග ඇතුළුව මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කරගත් ලාංකීය සංස්කෘතිය මෙන්ම අතීත උරුමය ලොව හමුවේ විදාහ දැක්වෙන අංග රැසකින් ද “වසත් සිරිය 2024” අලුත් අවුරුදු උත්සවය විචිත්‍රවත් කෙරේ.

“වසත් සිරිය – මියැසි ප්‍රසංගය” දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් එදින රාත්‍රී 7.00ට එම ස්ථානයේ දී ආරම්භ කෙරේ.

- දිනමිණ 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us