ශ්‍රී ලංකන් එයාර් මිල දී ගන්න සුප්‍රීම් සමාගමත් ලංසු තබයි

Published in පුවත්
Monday, 29 April 2024 15:28

ගුවන් සේවා ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් සිදු කරමින් මෙරට ජාතික ගුවන් සේවය අන්තර්ජාතික තලයට ගෙන ඒමටත් වර්තමානයේ පත්ව ඇති ඛේදනීය තත්ත්වයෙන් මුදවා ගැනීමටත් මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කිරීමට මෙරට කීර්තිමත් ව්‍යවසායකයෙක් වන සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම සූදානම්ව සිටින බව එම සමාගම නිවේදනය කරයි.

ඒ අනුව, ආර්.එම්. මනිවන්නන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අත්පත් කර ගැනීම සඳහා ලංසු තැබීමේ ක්‍රියාවලියට පිවිස ඇත.

අද දින අවසන් වූ උනන්දුව ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලිය ට සිය කැමැත්තත් නිල වශයෙන් ප්‍රකාශ කරමින් කරන ලද පිවිසීම සමගින් මෙම ලංසු තැබීමේ අවස්ථාවට සුප්‍රීම් ග්ලෝබල් සමාගම විසින් අනුග්‍රාහකත්වය දක්වන ශෙරිෂා ටෙක්නොලොජීස් සමාගමේ සුවිශේෂී සහභාගීත්වය දැකගත හැකි වූ අතර, මෙම සමාගම විසින් ගුවන් සේවය අත්පත් කරගතහොත් එය මෙරට ජාතික ගුවන්සේවයේ ගුවන් සමාගමේ හිමිකාරිත්වය සහ කළමනාකාරිත්වයේ පරිවර්තනීය වෙනසක් පෙන්නුම් කිරීමට සමත් වනු ඇත.

සුප්‍රීම් ග්ලෝබල් සමාගම විසින් MBS Investments, කටාර්හි ශෙයික් නයෙෆ් බින් ඊඩ් අල්තානි ගේ පුද්ගලික කාර්යාලයේ ආයෝජන අංශය සහ කලින් SunEdison Energy India පුද්ගලික සමාගම ලෙස හැඳින්වූ Sherisha Technologies පුද්ගලික සමාගම ඇතුළු ප්‍රබල ආයෝජක සමාගම් කිහිපයක එකමුතුවෙන් ශක්තිමත් සමුහයක් පිහිටුවා ඇත.

මෙම උපායමාර්ගික සන්ධානය ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අත්පත් කර ගැනීම සඳහා සුප්‍රීම් ග්ලෝබල් හි ප්‍රයත්නයට අනුග්‍රහය දැක්වීම සඳහා සැලකිය යුතු මූල්‍ය හා මෙහෙයුම් උපක්‍රමික හා උපායමාර්ගික ශක්තිමත්භාවයක් ලංසු තැබීමේ ක්‍රියාවලියට ලබා දී ඇත.

මූල්‍ය අලාභ සහ උපායමාර්ගික නොගැලපීම් ඇතුළුව වසර ගණනාවක් පුරා අභියෝග රාශියකට මුහුණ දුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පුද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් තීරණාත්මක අදියරකට පැමිණ තිබේ. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයට සිය අනුබද්ධිත සමාගම් හා සේවා හරහා විවිධාංගීකරණ ව්‍යාපාර ක්ෂෙත්‍රයන් ඔස්සේ දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන අතර, පළපුරුදු ව්‍යවසයකත්වය හා ජාත්‍යන්තර ව්‍යවසායක සමාගම් හා එකතුව ගොඩ නගන්නාවු මූල්‍යමය ශක්තියෙන් ශ්‍රී ලංකාව වඩාත් සමෘධිමත් දිශානතියකට යොමු කිරීමට පුද්ගලික ව්‍යවසායකත්වය හැකියාව ඇති සුප්‍රීම් ග්ලෝබල් සමාගම ඒ වෙනුවෙන් නව්‍ය හා උපායමාර්ගික සැලසුම් හඳුන්වාදීම මගින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවයට අවශ්‍ය ජවය සහ ලාභ සහිත ව්‍යාපාරයක් ලෙස වර්ධනය කර සුබදායක දිශානතියකට යොමු කිරීමට මූලික පියවර දැනටමත් අරඹා ඇත.

ඉන්දු-ලංකා කලාපයේ වත්මන් භූ දේශපාලන ගතිකත්වය අනුව මෙම ලංසුව විශේෂයෙන් කැපී පෙනේ. ෂෙරීෂා පුද්ගලික සමාගමට ඉන්දීය රජයේ සහය ලැබෙන බව දැඩි ලෙස විශ්වාස කරන අතර, ශ්‍රී ලංකා සමාගමක් ප්‍රබල ඉන්දීය සමාගමක් සමඟ සම්බන්ධ වීම සහ කටාර් ආයතනයකින් සැලකිය යුතු මූල්‍ය අනුග්‍රහයක් ලැබීම, මෙම කලාප අතර සබඳතා සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා ශක්තිමත් කිරීම සංකේතවත් කරයි. එමෙන්ම කටාර්හි අති විශාල ආයෝජනයක් සහ උපාය මාර්ගික ව්‍යවසායක ක්‍රියාවලිය ගෝලීය වශයෙන් මෙම ක්‍රියාවලිය ප්‍රබල බවට පත් කරයි, මෙම හවුල්කාරීත්වය හරහා මෙම සමාගම විසින් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් අත්පත් කරගතහොත් වැඩිදියුණු කළ මෙහෙයුම් හැකියාවන් සහ වඩා හොඳ මූල්‍ය ස්ථාවරත්වයක් සඳහා මෙම සබඳතා උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අවස්ථාව සැලසෙනු ඇත.

තවද, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් විසින් මෑත කාලීනව ශ්‍රී ලංකාව තුල විශාල අර්බුදයක් නිර්මාණය කල බලශක්ති අර්බුදය තුළ අසරණ වූ පොදු ජනතාව ගේ ජීවිත යළිත් යම්තාක් දුරට හෝ යතාවත් කරන්නට මෙන්ම යළිත් ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා සිය කැපවීම සක්ෂි සහිතව පෙන්නුම් කර ඇත. එහිදී සෑම විදේශ ඉන්ධන සැපයුම්කරුවෙක් ම බංකොලොත් යැයි හංවඩු ගැසූ මේ ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කරද්දී , ඉන්ධන නොමැතිව මෙරට ආර්ථිකය සීඝ්‍රයෙන් කඩා වැටෙද්දී, ඒ හරහා ගිණි ඇවිළෙමින් ශ්‍රී ලංකාව දවා අළු කරමින් සිටි ගැඹුරු ආර්ථික අර්බුදයක් වැලැක්වීමට උපකාරී වූ ඉන්ධන ගෙවීම් සඳහා ශ්‍රී ලංකා රුපියල් භාර ගැනීම වැනි නව්‍ය ගෙවීම් විසඳුම් සමඟින් සියලු පුද්ගලික ව්‍යවසායකයින් කර හරිද්දී සුප්‍රීම් ග්ලෝබල් සමාගම මූල්‍යමය වශයෙන් අර්බුදකාරී රටට ඩොලර් බිලියන 1.5 කට අධික ණය ලබා දීමෙන් මියැදමින් තිබූ මෙරට ආර්ථිකය ට නව ජීවන මාර්ගයක් ලබා දුන්නේය.

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් විසින් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අනාගත අත්පත් කර ගැනීම තවදුරටත් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් කරන සහ සංවර්ධනය නව දිශානතියකට යොමු කරන ගමනක සුබවාදී ඇරඹුමක් වනු ඇත. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ කටාර් යන රටවල ව්‍යාප්තව ඇති ඒකාබද්ධ වාණිජ හා ක්‍රමෝපායික විශේෂඥතාව සහ සම්පත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පුනර්ජීවනය කිරීමට පමණක් නොව ජාත්‍යන්තර ගුවන් සේවා වෙළඳපොළ තුළ එහි තරඟකාරිත්වය ඉහළ නැංවීමට ද ශපත කර ඇත.

මෙම හවුල්කාරීත්වයට සම්බන්ධ පාර්ශ්වකරුවන් සහ මැදිහත්කරුවන් සමීපව නිරීක්ෂණය කරන විට මෙම ව්‍යවසයක තීරණය තුල ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනාගත ගමන් මග පිළිබඳව යහපත් සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකි අතරම සෑම අංශයකින්ම ජාතික ගුවන් සේවය සංවර්ධනය කිරීමට විශාල හැකියාවක් ඇති මෙම අත්පත් කර ගැනීම දකුණු ආසියාවේ සාර්ථක බහුජාතික සහයෝගීතාවයේ ව්‍යවසායකත්ව සංධානයක් ලෙසින් ආදර්ශයක් බවට පත් කරමින් රටක් සංවර්ධනයට පුද්ගලික සමාගම් වල හවුල්කාරීත්වයක් විසින් සිදු කළ විශිෂ්ටතම සන්ධානගත ක්‍රියාවලිය ලෙසින් ගෝලීය ආර්ථික ව්‍යුහය තුළ නිර්වචනය කළ හැකිය.

-P.M

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us