සාමාන්‍ය පෙළ විභා­ගය අව­සන් වූ වහාම උසස් පෙළ පන්ති ඇරඹීමට පියවර

Published in පුවත්
Tuesday, 30 April 2024 12:30

මෙවර සාමාන්‍ය පෙළ විභා­ගය අව­සන් වූ වහාම විභා­ග­යට පෙනී සිටි සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කරන බව අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත පැවැ­සීය.

මහ­ර­ගම ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ නිල අන්ත­ර්ජාල ගුවන් විදුලි නාළි­කාව (NIE Visual Radio) ආරම්භ කිරීමේ වැඩ­ස­ට­හ­නෙහි ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගි වෙමින් ඇමැ­ති­ව­රයා මෙලෙස පැවසීය.

අමාත්‍යවරයා පවසා සිටියේ පසු­ගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අත­පසු වූ අධ්‍ය­යන කට­යුතු හා පාසල් විභාග කාල­ස­ට­හන යථා­වත් කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළට අනුව මෙවර සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටින සිසුන්ට එම විභා­ගය අව­සන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරී­මට සිදු වන බවයි.

මෙම අභි­යෝ­ගා­ත්මක කාර්ය සිදු කිරීම සඳහා ගුරු­භ­ව­තුන්ගේ දැඩි කැප­වී­මක් අවශ්‍ය බවත් ඒ සඳහා මේ වන විටත් උසස් පෙළ විද්‍යා, ගණිත, තාක්ෂ­ණ­වේ­දය හා විදේශ භාෂා විෂය ධාරා ඉගැ­න්වී­මට අලු‍තෙන් ගුරු­ව­රුන් 3000ක් බඳවා ගන්නා බවත් ඇමැ­ති­ව­රයා කීය. මේ සතිය තුළ ඔවුන් බඳවා ගැනීමේ සම්මුඛ පරී­ක්ෂණ පවත්වා අව­සන් වන බව ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us