ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ නීතියට විපක්ෂයේ 15 ක සහය Featured

Published in පුවත්
Sunday, 05 May 2024 11:41

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවලට සහාය ලබාදීම හා රටේ ශීඝ්‍ර සංවර්ධනයට අදාළ නීතිරීති ඇතුළත් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ නීතිය ( Economic Transaction Law ) අදාල පනත් කෙටුම්පතට විපක්ෂයේ මන්ත්‍රිවරු පහළොස් දෙනකු පමණ සහාය දීමට සූදානමින් සිටින බව රජයේ ආරංචි මාර්ග පවසන බව අරුණ පුවත් පත සඳහන් කරයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවලට සහාය ලබාදීම සහ රටේ ශීඝ්‍ර සංවර්ධනයට අදාළ නීතිරීති ඇතුළත් මෙම කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මාලිගාවත්තේදී පැවැති එක්සත් ජාතික පක්ෂ‍ මැයි දින සැමරුම් උළෙලේදී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අතර එයට සහාය දෙන්නැයි සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයට ආරාධනා කළේය.

විපක්ෂය මෙයට විරුද්ධ වුවද එයට සහාය ලබාගැනීමේ අරමුණෙන් විපක්ෂයේ මන්ත්‍රිවරු සමග ආණ්ඩුවේ මන්ත්‍රිවරු සාකච්ඡා කර තිබිණි. ඒ අනුව මෙය ජාතික වශයෙන් වැදගත් කෙටුම්පතක් ලෙස සලකා එයට කැමැත්ත පළකිරීමට විපක්ෂයේ මන්ත්‍රිවරු 10ත් 15ත් අතර පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.

එම මන්ත්‍රිවරු පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමගද සාකච්ඡා කර ඇත. මේ පිරිස ඉකුත් මැයි 1 වැනිදා පැවැති එක්සත් ජාතික පක්ෂ රැළියට එක්වීමට සූදානමින් සිටියද එය ජනාධිපතිවරයා විසින් වළක්වා තිබිණි. කෙසේ වෙතත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ එයට සහාය දීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 15ක් පමණ දැඩි තීරණයක සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාළ මීට දෙසතියකට පමණ ඉහතදී මාධ්‍ය වෙත කියා තිබුණි. තලතා අතුකෝරාළ, රාජිත සේනාරත්න, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් ඇතුළු මන්ත්‍රිවරු රැසක් මෙවර සමගි ජන බලවේගයේ මැයි රැළියටද එක්ව නොසිටීමද කැපී පෙනුණි.

Chatham Street Journal පුවත් පතෙහි අප්‍රේල් ද 07 වනදා පළවු ලිපියක්.

රටේ සංවර්ධනය ආපසු හරවන්න බැරි නිතියක්

දේශපාලන පක්ශ සහ ඒවායේ නායකයන් තමන් බලයට පත් වූ විට කරන කියන දේවල් ගැන පොරොන්දු ටොන් ගනන් ලෝස් නැතිව බෙදා හරිමින් තිබේ. සාමාන්‍යයෙන් සහන මළු, ලාබ සිල්ලර පොරොන්දු වැඩියෙන් දෙන තරමට ජනතාවගේ කැමැත්ත ලැබී බලයට පත්වීමට ලෙහෙසි පහසු මාර්ගයක් විවෘත්ත වෙනු ඇතැයි මේ අය කල්පනා කරයි. එසේම මේ රටේ බහුතරක් ජනතාවද පුරුදු වී සිටින්නේ මේ පොරොන්දු දේශපාලනය අනුව තීන්දු තීරණය ගැනීමටය. මේවායේ හරි වැරැද්ද කුමක් වුවත් දශක ගනනාවක් තිස්සේ මේ පොරොන්දු දේශපාලනය විසින් රටට කළ දෙයෙහි කූටාප්ප්‍රාප්තිය පසුගිය ගෝඨාභය පාලනය සමයේදී සිදු විය.

රටෙ ආර්ථිකය ඇද වැටුණු තැන අනුව තවදුරටත් පොරොන්දු ඉටුකිරීමේ හෝ දීමේ හැකියාව නැත්තටම නැතිව ගියත් ඒ අර්බුද අස්සෙත් විපක්ෂය නම් දිගින් දිගටම පොරොන්දුම දෙමින් සිටියේය. එහෙත් ඒවා කරන්න තබා රටේ එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් ප්‍රමාණයවත් දරාගැනීමට තරම් රජයට ආදායම් උපදවා ගැනීමට නොහැකිව සිටියදී මේ විපක්ෂය ආදායම් සොයාගනීම ගැන කිසිවක් යෝජනා කළේ නැත.

තමන් බලයට පත්වූ විට අරවා කරනවා මේවා කරනවා කියන්නෙත් හරියට රජය ඒ දේවල් නොකර රාජ්‍ය ආදායම් ගොඩගහගෙන හංගගෙන සිටිනවා යන අදහසත් සමඟය. නැතිනම් විපක්ෂය ඇත්තටම එහෙම සිතනවාද විය හැකිය.
මීට දෑ අවුරුද්දකට පෙර තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටිකවත් ගෙන එන්න ඩොලර් නැතිව වැලේවැල් නැතිව සිටියා කියා වත් විපක්ෂයට දැන් මතක නැත.

කොහොම වුණත් අද රාජ්‍ය ආදායම වර්ධනය කරගනිමින් විදේශ සංචිත වර්ධනය කරගනිමින් රට යම් ස්ථාවරත්වයකට පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා හැකි විය.

එහෙත් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අවසන් නැත. එය තව වසරකින් දෙකකින් අවසන් වන්නක්ද නොවේ. මේ ප්‍රතිසංස්කරණ අනුව රටේ ආර්ථිකය නිවැරදි මාර්ගයට ගැනීම පමණක්ද ප්‍රමාණවත් නොවේ. එම මාර්ගයෙහිම 2048 සංවර්ධන ඉලක්කය කරා ඉදිරියට යායුතුව තිබේ.

එහෙත් විපක්ෂ කණ්ඩායම් මැතිවරණ වේදිකාවල දී ලබා දෙන පොරොන්දු කන්දරාව අනුව ඔවුන්ගේ බලයක් හමුවේ මේ සංවර්ධන මාර්ගයේ ගමන් කිරීමක් ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැක. රටේ ආර්ථිකය සංවර්ධනයේ දිශාවට හරවා වේගවත් කරන ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සමඟ අර්බුද විසඳාගෙන යන ගමනක් වෙනුවට යෝජනා කරන්නෙම සහන ගැනය. මේ සහන බෙදිමට නම් මේ කරගෙගන යන ප්‍රතිසංස්කරණයන් වහාම නවතා දමා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට බම්බු ගහ ගන්න කියා ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මෙරට වැද්ද ගැනීම නොකළ යුතුය. ද්විපාර්ශ්විය බහු පාර්ශ්වික ගිවිසුම් පවා ක්‍රියාත්මක නොවන තැනට පත් විය යුතුය.

බදු ආදායම් වෙනුවට බදු ලිහිල් කිරීම වෙත යා යුතුය. ඉන්ධන මිල, විදුලි මිළ ආදිය රජය පාඩු දරාගෙන අඩු කළ යුතුය. රාජ්‍ය ආදායම් සහන වෙනුවෙන් යොදා ගත යුතුය. තම තමන්ගේ ජනප්‍රිය දේශපාලනය පවත්වගෙන යාම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් රටේ ජාතික ප්‍රතිපත්ති වුව වෙනස් කිරීමට සිදුවෙනු ඇත.

කොහොමත් මේ තත්වයන්, අලුතෙන් වීමට නියමිත දේවල් නොවේ, මේ රටේ සාමන්‍යයෙන් වුණු දේවල්ය. ඉදිරියටත් සිදු විය හැකි දේවල්ය.

මෙම අනතුර ජනාධිපති රනිල් අවබෝධ කරගෙන තිබේ. ඔහුට එම අවබෝධය තිබෙන්නෙම ඔහු මේ ජනප්‍රිය පොරොන්දු දේශපාලනයෙහි නොයෙදෙන්නෙක් නිසාය. ඔහු ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට අදාලව ගන්නා පියවරන් නව ජාතික ප්‍රතිපත්ති නීතිගත කිරීම සිදුකරමින් සිටින්නේ ඒ නිසාය. මහ බැංකුවට හෝ රජයකට හිතු මනාපේ මුදල් අච්චු ගැසීම තහනම් කරමින් නීති ගෙනාවේ ඒ නිසාය. රජයට හිතු මනාපේ වියදම් කරන්න බැරි වෙන්න නීති ලෙනාවේ ඒ නිසාය.

මේ අනුව පසුගියදා අනුරාධපුරයේ පැවැති ‘මගෙන් පටන් ගමු’ අනුරාධපුර දිස්ත්‍රින තරුණ සමුළුවේදී

ජනාධිපතිවරයා තවත් අතිශය වැදත් පියවරක් ගැන හෙළිකර තිබිණි. ඒ අනුව මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ න්ිර්දේශ මත වන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාල සියලු පියවරයන් රටේ නීතියක් බවට පත් කිරීමට සූදානම් බවය. ඒ අනුව එළැඹෙන මැයි මාසයේදි ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ නීතිය ( Economic Transaction Law ) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කිරීම සිදුවනු ඇත.

මේ අනුව ඉදිරියේදී කවර පාර්ශ්වයක් රාජ්‍ය බලය අත්කර ගත්තත්, මැතිවරණ වේදිකා වල මොන පොරොන්දු දුන්නත්, තමතමන්ගේ ජනප්‍රිය දේශපාලනය පවත්වාගෙන යෑමට, වංචාවට දුෂණයට නාස්තියට අකාර්යක්ෂමතාවට ඉඩ සලසන ක්‍රමවේදයන්ට ඉඩක් ලැබෙන්නේ නැත.

මේ යන ධාවන පථයේම අධිවේගයෙන් ජයග්‍රහණය තෙක් දුවන්න සිදුවේ. කවුරු බලයට ආවත් කරන්න වෙන්නේ එකම දේය. ජනාධිපති රනිල් ඉදිරිපත් කර ක්‍රියාත්මක කරමින් යන පුළුල් නිවැරදි වැඩසටහන හැර වෙනකක් සිදු කිරීමට අවස්ථා අහිමි වෙනු ඇත.

මෙය කවදුරටත් අතිශය වැදගත් වන්නේ රටේ ආර්ථික අර්බුදය විසඳීමට කිසිදු සාදනීය විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකරපු විපක්ෂ කණ්ඩායමකට බලය මාරු වුවහොත් විය හැකි පිස්සු විගඩම් වලක්වා ගැනිමට හැකි වීමය.

ජනාධිපති රනිල් මේ පිස්සු විගඩම්කාරයන්ගේ තරම දන්නා නිසා, විය හැකි අනාගත අනතුරු වලක්වාලීම වෙනුවෙන් මේ ගන්නා පියවර ද රටේ අනාගත අභිවෘද්ධිය ගැන කල්පනාකර ගත් ජනතාවාදි පියවරකි.

කෙසේ නමුත් මේ අනුව සංවර්ධිත ශ්‍රී ලංකාවක සිහින යථාර්තයක් කරගන් තෙක් රටේ එකම නායකත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනු ඇත. එය වෙනස් වන්නේ නැත. වෙනස් කිරීමටද නොහැක. බංකොලොත් බාවයෙන් රට මුදවා, යළි ගොඩනැගෙන සංවර්ධිත ශ්‍රී ලංකාව නම් මේ අලුත් රටේ පදනමම රනිල් වික්‍රමසිංහ වෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us