ව්‍යාජ සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වන හොර වෛද්‍යවරුන් අල්ලන්න පොලිස් ඇස යොමුවෙයි

Published in පුවත්
Monday, 06 May 2024 17:13

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ (Government Medical Officers Association - GMOA) සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් 2024.05.03 වන අද දින පොලිස් මුලස්ථානයේදී පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

 

එම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන නිලන්ත ජයවර්ධන මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා රන්මල් කොඩිතුවක්කු මහතා, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් පොලිස් මුලස්ථානයේදී සහ දිවයින පුරා කොට්ඨාස භාර නිළධාරීන් පිරිසක් මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේද එම සාකච්ඡාවට සහභාගි වී ඇත.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍යවරුන් මුහුණුපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අවධානය යොමු කරන ලද අතර, එහිදී විශේෂයෙන්ම, රජයේ වෛද්‍ය නිළධාරී සංගමය විසින් වෛද්‍යවරුන් වෙත නිකුත් කර ඇති නිල ලාංජනය සහිත ස්ටීකරය වාහන වල තබාගනිමින් එය අවභාවිතා කර ඇතැම් නීති විරෝධි ක්‍රියාකාරකම් වල නිරත වන පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, මහාමාර්ගයේ ව්‍යාජ සහතික ඉදිරිපත් කරමින් වෛද්‍යවරුන් ලෙස පෙනීසිටින පුද්ගලයින් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම, නිසි ප්‍රමිතියකින් තොර ඖෂධ, සුවද විලවුන් ඇතුළු විවිධ රූපලාවන්‍ය ආලේපන වර්ග ආදිය වෙළදාම් කිරීම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම, දිවයිනේ විවිධ පළාත් වල පිහිටි රෝහල් වල වෛද්‍යවරුන්ට පහරදීමේ සිද්ධීන් ඇතුළු විමර්ශන කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සහ මහාමාර්ගයේ දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඇතුළු කරණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාවේදී පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් 2007 අංක 54 දරණ ඖෂධ වලට ඇබ්බැහිවූ තැනැත්තන් (ප්‍රතිකාර සහ පුනරුත්තාපන) පිළිබද සංශෝධන පනතේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමේදී ශ්‍රී ලංකා පොලිසිය මුහුණපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති අතර, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද ගැටළු සම්බන්ධයෙන් ද ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදවද පොලිස්පතිවරයා විසින් අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

එහිදි විශේෂයෙන්ම ව්‍යාජ සහතික ඉදිරිපත් කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින් සහ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් ඇතැම් නීති විරෝධි ක්‍රියාකාරකම් වල යෙදී සිටින තැනැත්තන් ඉදිරියේදී අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද සැලසුම් කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සදහන් වැඩිදුරටත් සදහන් කරයි.

 

WhatsApp Image 2024 05 06 at 17.08.33 5b6ef83d

Last modified on Monday, 06 May 2024 17:16

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us