කෘෂිකර්මාන්තය නවීකරණයට එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක්

Published in පුවත්
Wednesday, 08 May 2024 15:13

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, දේශගුණික අවදානම් සංසදය (CVF) වෙනුවෙන් එහි මහ ලේකම් මාලදිවයිනේ හිපටු ජනාධිපති මොහොමඩ් නෂීඩි සහ පෘතුගාලයේ Nativa Capital සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කාලෝස් ගෝමස් යන අය අත්සන් තැබූහ.

ගොවිපල අස්වැන්න සහ ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් වැඩිදියුණු කළ සහ වඩාත් තිරසාර ගොවිතැන් පිළිවෙත් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම මෙම ගිවිසුමේ අරමුණයි. ශ්‍රී ලංකාවේ බොහෝ ගොවිපළවල් දැනට කුඩා පරිමාණයෙන් පවතින අතර, ඒ නිසාම, අඩු අස්වැන්නක් සහ අඩු ආදායම් හමුවේ පීඩාවට පත්ව තිබේ.

ඒ හේතුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සිදු කර ගොවීන් පවුල් 15,000කට අවශ්‍ය ආධාර හා තාක්ෂණය ලබාදෙන නියමු ව්‍යාපෘතියක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට ද නියමිතය.

අවබෝධතා ගිවිසුමට ඇතුළත් කර ඇති ගොවිතැන් හා වන වගා ව්‍යාපෘති හඳුනාගෙන තිබෙන්නේ දේශගුණික අවදානම් සංසදය (CVF) හි සහාය ඇතිව ශ්‍රී ලංකාව විසින් කෙටුම්පත් කරන ලද ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම තුළිනි.

මේ සම්බන්ධයෙන් 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන කියා සිටියේ තිරසර කෘෂිකර්මාන්තයක් මඟින් ශක්තිමත් අපනයන ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බවය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මෙසේද පැවසීය.

නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනයන වැඩපිළිවෙළ අනුව කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වාදීම සඳහා සහායවීමට පෘතුගාල සමාගමක් ආයෝජකයකු ලෙස ඉදිරිපත්ව සිටිනවා. මෙය එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක පමණ ආයෝජනයක් බව සඳහන් කළ යුතුයි.
මේ සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 15,000ක් හා අක්කර 15,000ක් දැනටමත් හඳුනාගෙන තිබෙනවා. ඉන් පවුල් 15ක් සහ අක්කර පහළොවක් මෙම නියමු ව්‍යාපෘතියට එක් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. එක් පවුලකට එක්සත් ජනපද ඩොලර් 6000ක පමණ පිරිවැයක් දැරීමට ආයෝජන සමාගම එකඟතාව පළ කර තිබෙනවා. මේ ගිවිසුම අනුව ඉදිරි වසර 25ක් සඳහා කෘෂිකර්මාන්තයට තාක්ෂණික සහාය ලබාදීමට සැලසුම් කර තිබෙන බව කිය යුතුයි.

කෘෂිකාර්මාන්තයට අදාළ නවීන තාක්ෂණික උපකරණ ලබාදීමද මෙම ව්‍යාපෘතිය හරහා සිදුවෙනවා. ඒ වගේම ගොවි ජනතාවට ප්‍රශ්නයක්ව පැවති තම නිෂ්පාදන සඳහා අවශ්‍ය වෙළෙඳ පොළක් මෙහිදී නිර්මාණය කර දීමටත් හැකි වෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් නිෂ්පාදනය කරන භාණ්ඩ මිලදී ගැනීමට ආයෝජන සමාගම එකඟතාව පළකර තිබෙනවා. දැනට මිරිස්, තක්කාලි සහ කොමඩු වගාවන්ට යොමු වී තිබෙන බව කිව යුතුයි. ඉදිරියේදී වෙනත් බෝග නිෂ්පාදනය සඳහාත් අවධානය යොමුව තිබෙනවා.

මෙම නියමු ව්‍යාපෘතිය සාර්ථකවීමෙන් අනතුරුව අනෙකුත් දිස්ත්‍රික්වලට නවීන තාක්ෂණය හඳුන්වාදීමට ද රජය බලාපොරොත්තු වෙනවා. මෙම නවීන කෘෂිකර්මාන්තය සමඟ අපනයන ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට හැකියාව ලැබෙනවා. ඒ සමගම ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට හැකියාව ලැබෙනවා.

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සම්බන්ධව වඩාත් ආර්ශනීය හා ඵලදායි සැලැස්ම තිබෙන්නේ ශ්‍රී ලංකාවට බව මෙහිදී අදහස් දැක්වූ දේශගුණික අවදානම් සංසදයේ (CVF) මහ ලේකම් මාලදිවයිනේ හිපටු ජනාධිපති මොහොමඩ් නෂීඩි පැවසීය.

ශ්‍රී ලංකා දේශගුණික සෞභාග්‍ය සැලැස්ම තුළ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

දේශගුණික අවදානම් සංසදය විසින් මෙහෙයවනු ලබන මෙම සැලසුම් පාරිසරික ආරක්ෂාව සමඟ ආර්ථික වර්ධනය සමතුලිත කරන අඩු කාබන් සංවර්ධන උපාය මාර්ග ප්‍රවර්ධනය කරන බවත් ශ්‍රී ලංකාව, බංගලිදේශය සහ ඝානාව යන රටවල සාර්ථක ලෙස ක්‍රියාත්මක වීම සහ තවත් රටවල් හතක උනන්දුව සමඟින්, මෙම සැලසුම් ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

WhatsApp Image 2024 05 08 at 14.54.53 0fab0b50

WhatsApp Image 2024 05 08 at 14.54.53 708e9b27

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us