O/L ප්‍රශ්නපත්‍ර ගැටළුව ගැන පාර්ලිමේන්තුවේදී අධ්‍යපන ඇමති අදහස් දක්වයි - ලකුණු ලබා දීමේදී සිසුන්ට සහනයකුත්

Published in පුවත්
Monday, 13 May 2024 11:45

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් පළ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක දරුවන්ට අසාධාරණයක් සිදුනොවීමට වගබලා ගන්නා බවය.

එමෙන්ම විද්‍යාව ප්‍රශ්නපත්‍රය සැකසු පිරිස රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට කටයුතු කරමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේය.

"විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් සහ බහුවරණ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්නය ඇති වූ වේලාවේ සිට ඒ ප්‍රශ්නපත්‍රය සකස් කළ අය රැස්වෙලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඒ වගේම විභාග කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළා. සාමාන්‍යයෙන් වෙන්නේ ඕනෑම විභාගයක දී සාම්පල් මාර්ක් එකක් කරනවා. එතැනින් පස්සේ බරතැබීම සම්බන්ධයෙන් වෙනස්කම් කරනවා. ඒ නිසා දරුවන්ට අසාධාරණයක් නොවන ආකාරයට මාර්කින් ස්කීම් එක සකස් කිරීමට ඒ පැනල් එක කටයුතු කිරීමට නියමිතයි."

මේ අතර, සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා ද ලකුණු ලබා දීමේදී සිසුන්ට සහනයක් වන පරිදි අවශ්‍ය පියවර ගැනීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

එහිදී ඉංග්‍රීසි විෂයට අදාළ ගුරුවරුන්ට පත් වීම් ලබා දීමේදී සහ ක්‍රීඩා පුහුණු ගුරු පත්වීම් ලබා දීමේ දී පවතින ගැටලු සම්බන්ධයෙන්ද අදහස් දැක්විය.

"ඉංග්‍රීසි විෂයට අදාළ ගුරුවරුන්ට 2021 ඩිප්ලෝමාධාරීන් 500ක් බඳවා ගැනීමට තිබූ විභාගයේ ප්‍රතිඵල අනුව තමයි දැන් පත්වීම් දෙන් වෙලා තියෙන්නේ. එම නිසා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වාගෙන යනවා. 100ක් ජාතික පාසල්වලට 400ක් ග්‍රාමීය පාසල්වලට.‍ එකක් තියෙන්නේ යම් ප්‍රශ්නපත්‍රයක ප්‍රමිතිය පවත්වාගෙන යන්නත් ඕනේ. ගුරුවරු නැති දරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙමයි කියලා ප්‍රශ්නපත්‍රයක ප්‍රමිතිය අඩුකරන්න බෑ. කරුණු ගැන සැලකිල්ලට අරන් සාම්පල් මාර්ක් එකෙන් පස්සේ ඒ දරුවන් ගැන අවශ්‍ය පියවර ගන්නවා කියලා විභාග කොමසාරිස්වරයාදැනුම් දුන්නා. "

"සාමාන්‍යයෙන් ක්‍රීඩා ගුරුවරු බඳවා ගත්තේ විද්‍යාපීඨවලින්. ක්‍රීඩා පුහුණුකරුන් විදියට 3,000කට පමණ පත්වීම් ලබා දුන්නා දැන් අවරුදු කිහිපයකට පෙර. නමුත් ඒ දිලා තියෙන්නේ අනධ්‍යයන කාර්යමණ්ඩලවලට. ගුරු වෘත්තියට නෙමෙයි. කොහොම වුණත් ඒ අය ගුරුවෘතීයට බඳවා ගැනීමට අවශ්‍ය ගුරු සේවා ව්‍යවස්තාවට අදාළ සුදුසුකම් සපුරා තියෙනවා ද කියලා බලලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන්න උපදෙස් දෙන්නම්."

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us