අසූචි මිශ්‍ර අපජලය මහවැලි ගගට දාලා..ලොකු ප්‍රශ්නයක් !

Published in පුවත්
Thursday, 16 May 2024 19:04

දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ගඟ ඇතුළු බාහිර පරිසරයට අක්‍රමවත්ව බැහැර වන බව නාගරික සනීපාරක්‍ෂක අංශ පවසයි.

මෙය බරපතළ ප්‍රශ්නයක් බවත්, මේ ඔස්සේ පැන නඟින සෞඛ්‍ය හා පාරිසරික ගැටලු මහනුවර නගරයේ සිට මහවැලි ගඟ මුහුදට වැටෙන ත්‍රිකුණාමලය දක්වා බලපා හැකි බව ඔවුන් පවසා ඇත.

මහනුවර නගරයේ අප ජලය කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වූ ‘ජයිකා’ ආධාර ව්‍යාපෘතිය අතරමග ඇනහිටීම මෙයට ප්‍රබල ලෙස බලපා තිබේ.

2010 දී ආරම්භ කරන ලද ජයිකා ආධාර සහිත මහනුවර අප ජල පිරිපහදු ව්‍යාපෘතිය සඳහා ජයිකා ආයතනයෙන් ව්‍යාපෘතිවලට ලැබිය යුතු රුපියල් බිලියනයක මුදලක් අහිමිවීම නිසා මෙම ව්‍යාපෘතිය අතරමග ඇනහිට ඇති බව නාගරික සනීපාරක්‍ෂක අංශ පවසා සිටියි.

ඒ හේතුවෙන් ඔවුන් පවසා සිටින්නේ, අවම වශයෙන් තවත් රුපියල් මිලියන 150ක මුදලක් හෝ මේ සඳහා රජය මගින් ලබාදෙන්නේ නම් දැනට සිදුවන අප ජල හානිය සියයට 50 කින්, එනම් ඝන මීටර 3500කින් අවම කරගත හැකි බවයි.

රුපියල් බිලියන 22ක ජයිකා ආධාර යටතේ ආරම්භ කරන ලද මෙම මහනුවර අප ජල කළමනාකරණ ව්‍යාපෘතියේ පිරිපහදු ඒකකය ඇතුළු නළ මාර්ග පද්ධතිය රුපියල් බිලියන 21ක වියදමෙන් ස්ථාපිත කර ඇති නමුත් නිවාස, කර්මාන්ත, හෝටල් සහ ව්‍යාපාරික ස්ථාන 10,000කින් 6000ක් අප ජල නළ පද්ධතියට සම්බන්ධකර ගැනීමට නොහැකිවීම මෙම ගැටලුවට හේතුව බවද කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය (WDC) සහ පරිසර යුක්ති කේන්ද්‍රය (CES) එක්ව පෙරේදා (14දා) මහනුවර නගරාශ්‍රිතව සිදුකරන ලද ක්‍ෂේත්‍ර මාධ්‍ය අධ්‍යයනයකදී අනාවරණය කර ගැනීමට හැකි විය.

ජයිකා ආයතනයෙන් ලැබිය යුතු ඉතිරි රුපියල් බිලියනයක මුදල ලැබෙන්නේ නම් මෙම තත්ත්වය වළකාගත හැකි බවද නාගරික බලධාරීහු පවසති. එම මුදල ලබාගැනීමට රජය වහා මැදිහත්ව කටයුතු කළ යුතු බවද පරිසරවේදීහු පවසති.

මහයියාව, දෙයියන්නේවෙල, කටුගස්තොට, ගාලේවත්ත, සුදුහුම්පල, පතනේ වත්ත ආදී ප්‍රදේශවල තිබෙන නිවාස 4000 කින් පමණ පොදු වැසිකිළිවලින් ගලා යන අසූචි මිශ්‍ර අප ජලය මැද ඇළට සම්බන්ධවී කටුගස්තොටදී කෙළින්ම මහවැලි ගඟට මිශ්‍ර වන බවද මෙම අධ්‍යයනයේදී අනාවරණය විය.

මහනුවර නගර සභාව සහ ජල සම්පාදන මණ්ඩලය එක්ව ‘ජයිකා’ ආධාර යටතේ මහනුවර අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබන අතර 2020 දී අවසන් වීමට නියමිතව තිබූ ව්‍යාපෘතියට අපේක්‍ෂිත ආධාර මුදල් ඇණහිටීම මත මෙසේ ව්‍යාපෘතිය අතර මග කඩා වැටී ඇත.

මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය හා පරිසර යුක්ති කේන්ද්‍රයේ නියෝජිතයන් පිරිසක් මෙම ක්‍ෂේත්‍ර මාධ්‍ය ආවරණය සඳහා සහභාගි වූ අතර මහනුවර මහනගර සභාවට අයත් අංශ කීපයකින්ම තොරතුරු අනාවරණය කරගනු ලැබීය.

 
Last modified on Thursday, 16 May 2024 19:56

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us