වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම ගැන යුරෝපා සංගමයේ ඇගයීමට

Published in පුවත්
Sunday, 19 May 2024 17:04

වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම සඳහා තම නිර්දේශ ශ්‍රී ලංකා රජය සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ යුරෝපා සංගමයේ ඇගයීමට ලක් කරයි.

වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම සදහා රබර් නිෂ්පාදනය කරනු ලබන රටවලට යුරෝපා සංගමය විසින් නිෂ්පාදන නියාමන පනතක් ( European Union Deforestation free Regulations- EUDR ) හඳුන්වා දී තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකාව ද රබර් නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන රටක් වශයෙන් එම පනතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇත. ඒ අනුව වනාන්තර විනාශ නොකර මෙරට රබර් වගාව ව්‍යාප්ත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් පසුගිය කාලය තුළ ගනු ලැබූ පියවර යුරෝපා සංගමය විසින් ඇගයීමට ලක් කර ඇති බව පසුගියදා මෙරට සංචාරයේ නිරත වූ සුප්‍රකට මිචලින් කර්මාන්ත සමුහයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.

එම නියෝජිත පිරිස පසුගිය සිකුරාදා (17) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී ‌ෙම් සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. මෙම සාකච්ඡාව සෙත්සිරිපාය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

ශ්‍රී ලංකාව වනාන්තර විනාශ නොකර රබර් වගාව ව්‍යාප්ත කරන රටක් වශයෙන් ඇගයීමට ලක් කරන බව එම නියෝජිතයෝ ප්‍රකාශ කළෝය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මෙම වසර තුළ හෙක්ටයාර් 1173 රබර් වගාව ව්‍යාප්ත කිරීමට නියමිතය. එමෙන්ම ඉදිරි කාලය තුළ පහත රට තෙත් කළාපයේ ඉඩම්වල නැවත රබර් වගාව ව්‍යාප්ත කිරීමට කටයුතු නොකරන අතර ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුළ තැනිතලාවල පිහිටි ඉඩම් රබර් වගාව සඳහා යොදා ගැනීමට පියවර ගෙන ඇත.

දැනටමත් මොණරාගල, අනුරාධපුර, අම්පාර වැනි ප්‍රදේශවල රබර් වගාවන් ඉතාමත් සාර්ථක වී ඇති අතර රබර් වගාව නිසා පාරිසරික වශයෙන් ධනාත්මක වෙනස්කම් රැසකට භාජනය වී ඇත.

නිදසුන් ලෙස මොණරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ රබර් වගාව හේතුවෙන් සෙල්සියස් අංශක දෙකකින් උෂ්ණත්වය පවා අවම වී ඇතිබව හෙළිදරව් වී ඇත.

මේ නිසා ඉදිරි කාලය තුළ පහතරට තෙත් කළාපයේ ඉඩම්වල වෙනත් අපනයන කෘෂිකාර්මික භෝග වන ගම්මිරිස් වැනි කුළුබඩු වගාවට ප්‍රමුඛත්වය ලබා දීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෙසේ වුවද යුරෝපා සංගමය දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කරමින් උසස් තත්ත්වයේ රබර් ලෝක වෙළෙඳපළට ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට ශ්‍රී ලංකාව විසින් අපනයනය කරනු ලබන රබර්වලින් සියයට 30ක් යුරෝපා සංගමයට අයත් රටවල් විසින් මිල දී ගනු ලබයි. මේ වනවිට හෙක්ටයාර් 65,000ක රබර් වගාකර ඇති අතර මෙට්‍රික් ටොන් 98,500ක් වාර්ෂිකව අපනයනය කරනු ලබයි. රබර් අපනයනයෙන් ශ්‍රි ලංකාවට ඩොලර් මිලියන 40ක ආදායමක් වාර්ෂිකව ජාතික ආදායමට ලැබේ.

කෘෂිකර්ම හා වැවිලිකර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුලු නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

- දිනමිණ

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us