ගංවතුර අවදානම තව දුරටත් ! පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් ! මහ වැස්සෙන් රටපුරා අනතුරු රැසකුත්

Published in පුවත්
Tuesday, 21 May 2024 07:43

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල ඇතැම් පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

අත්තනගලු ඔයේ සහ උරුවල් ඔයේ ජල මට්ටම මේ වනවිට වැඩි වෙමින් පවතින අතතර මේ හේතුවෙන් බලධාරීන් දැනුම් දෙන්නේ, දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, මිනුවන්ගොඩ, ජා ඇළ, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි.

අත්නගලුඔය ද්‍රෝණියට පසුගිය දින කිහිපයේ සැලකිය යුතු වර්ෂා පතනයක් ලැබීම මේ තත්ත්වයට හේතුව බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර ඉදිරි පැය 48 තුළ කුඩා ගඟ සහ මගුරු ගඟ සුළු ගංවතුර මට්ටමට පැමිණිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් බුලත්සිංහල, මදුරාව සහා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින්නයැයි ඔවුන් ඉල්ලා සිටි.

බෙංගාල බොක්ක අවට මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය ඉදිරි දිනවලදී පීඩන අවපාතයක් බවට පත් වෙමින් දිවයිනෙන් එපිටට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ, එහෙත් එහි වක්‍ර බලපෑම දිවයිනට බලපාන බවයි.

ඒ හේතුවෙන් මධ්‍යම, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුරු සහ මන්නාරම් දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 8ක පවුල් 8,974ක පුද්ගලයින් 33,493කට තවදුරටත් බලපෑම් එල්ල වී තිබේ.

වැඩිම බලපෑම වාර්තා වන්නේ, පුත්තලම දිස්ත්‍රික්කයෙනි.

එම දිස්ත්‍රික්කයේ පවුල් 8,780ක පුද්ගලයින් 32,710ක් පීඩාවට ලක්ව සිටි.

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල ගැලීමෙන් මුන්දලම ප්‍රදේශයේ පීඩාවට පත් පුද්ගලයින් 3ක් නාවික හමුදාව විසින් මුදවා ගෙන තිබේ.

පුත්තලම - වනාන්තවිල්ලුව ප්‍රධාන මාර්ගය හතරේ කණුව ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රීයේ ජලයෙන් යට විය.

මේ හේතුවෙන් පවුල් 100කට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇත.

මේ අතර පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ක්‍රික්කයේ සියලුම පාසල්වලට අද (21) සහ හෙට (22) නිවාඩු ලබා දී තිබේ.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8කට නිකුත් කළ නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මකයි.

බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

මේ අතර ගිනිකොණදිග අරාබි සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි ධීවර සහ නාවික ප්‍රජාවට නිකුත් කළ අනතුරු ඇඟවීම ද තවදුරටත් බලාත්මකය.

මුහුදු රළු වීම හේතුවෙන් හම්බන්තොට ධීවර වරායෙන් ගාල්ල දොඩන්දූව ධීවර වරායෙන් ඊයේ ධීවරයින් මුහුදු ගියේ නැත.

මේ අතර පවතින කාලගුණික තත්ත්වය හමුවේ නිවාස 32කට අර්ධ හානි සිදුව ඇති බවත් පුද්ගලයින් 1,140දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවත් සඳහන් ය.

ගතවූ පැය 24තුළ වැඩිම වර්ෂාපතනය කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එය මිමි 141ක අගයකි.

වැසි හමුවේ දිස්ත්‍රික්ක ගණනාවක පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මාතර කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබුණි.

මේ අතර කොළඹ කිරුලපන පූර්වාරාම මාර්ගයේ ගමන්කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඉදි කෙරෙමින් තිබූ වෙසක් තොරණද පවතින අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් කඩා වැටී තිබුණි.

මේ අතර අධික වර්ෂාවත් සමඟ ජලාශවල ජල මට්ටම්ද ඉහළ යමින් පවතී.

රාජාංගනය ජලාශයේ ජල මට්ටමද අඩි 32ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් ජලාශයේ වාන් දොරටු 2ක් අඩි දෙක බැගින් විවෘත කර තිබේ.

අංගමුව ජලාශයේද වාන් දොරටු දෙකම විවෘතකර ඇති අතර ඉන් පිටවන ජල ප්‍රමාණය තත්පරයට ඝණ අඩි 1200කි.

පුත්තලම, තබ්බෝව ජලාශයේ වාන් දොරටු 10ක් ද මේ වනවිට විවෘත කර තිබේ.

මේ අතර කැලණි, කළු, නිල්වලා යන ගංගා සහ අත්තනගලු ඔය ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 09 සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

-P.M

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us