ජනපති Ibrahim Rahisi ගේ අවසන් කටයුතු අද ! මියගිය ප්‍රභූන් අතරින් එක් අයෙක් පැයක් පමණ උදව් ඉල්ලා ඇති බවත් හෙළිවේ Featured

Published in පුවත්
Tuesday, 21 May 2024 09:52

හෙලිකොහෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපති ආචාර්ය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රහිසි ගේ දේහය පිළිබඳ අවමංගල උත්සවය අද දින (21) ඔහුගේ උපන් බිම වන මෂාඩ්හීදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

පෙරේදා (19) රාත්‍රීයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් 63 හැවිරිදි ඉරාන ජනාධිපතිවරයා, 60 හැවිරිදි විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු 9 දෙනෙකු මියගිය හ.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රහිසි සහ විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අලි අබ්දුල්හානියාන් ඇතුළු දූත පිරිසක් ඊයේ අසර්බයිජානය වෙත පැමිණියේ, ඉරාන අනුග්‍රහයෙන් ඉදිකළ කිස් කලාසි සහ කොඩාෆරීන් නැමති වාරි ව්‍යෘපෘති දෙක විවෘත කිරීම සදහායි.

අර්සර්බයිජානයේ සිට ඉරාන ජනාධිවරයා ඇතුළු පිරිස යළිත් ඉරානය බලා පිටත්ව ගියේ, හෙලිකොප්ටර් යානා තුනකින්.

ඉන් ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ගමන් ගනිමින් සිටියේ අමෙරිකාවේ නිෂ්පාදිත බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයකයි.

ඉරාන ජනාධිපතිවරයා රැගත් බෙල් 212 යානයට අසර්බයිජානයේ සිට ඉරාන දේශ සීමාව පසුකර වැඩිදුරක් යාමට නොහැකි විය.

පෙරේදා (19) රාත්‍රීයේම පළමු තොරතුර වාර්තාවූයේ යානය රළු ගොඩ බෑමක් සිදුකර ඇති බවයි.

අයහපත් කාලගුණය හේතුවෙන් සෝදිසි මෙහෙයුම් සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

හෙලිකොප්ටරය ගොඩබස්වන්නට ඇතැයි, සිතන ස්ථානයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පැවති අතර කඳු සහ වනාන්තර ප්‍රදේශයේ බාධාවකින් තොරව පෙනෙන සීමාව මීටර් පහකට සීමාවී තිබිණි.

මෙම ප්‍රදේශය පිහිටා තිබුණේ ඉරානයේ ටබ්‍රිස් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 50 ක් පමණ උතුරු දෙසට වන්නයි.

ඉරාන ආරක්ෂක අංශ, රතු අඩසඳ ගලවා ගැනීමේ කණ්ඩායම් මෙන්ම තුර්කි සහ අසර්බයිජාන සහන කණ්ඩායම්ද ඊට සහය ලබාදී තිබිණි.

රුසියාවද විශේෂ පුහුණුව ලැබූ කණ්ඩායමක් පිටත්කර හැරීමට සූදානම්කර තිබූ අතරවාරයේ ඊයේ දින (20) උදෑසන ගලවා ගැනීමේ කණ්ඩායම් හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වූ ස්ථානය හා සුන්බුන් සොයා ගැනීමට සමත් විය.

ඊයේ දින දහවල් වන විට සුන්බුන් පැවති ස්ථානයට ගලවා ගැනීමේ කණ්ඩායම් ළඟාවූ අතර මලසිරුරු ඉවත් කර ගැනීමට ඔවුන් පියවර ගත්හ.

ඉරාන ජනාධිපතිවරයා, ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුලු 9 දෙනෙකු යානයේ සිටි අතර ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉරාන රජය ඊයේ දහවල් වනවිට නිවේදනය කළේ ය .

ඉරානය නිල වශයෙන් මිය ගිය බවට නිවේදනය කළ නාමයන් පහත පරිදි වේ.

ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි,
විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අලි අබ්දුල්හානියාන්,
ඉරාන උත්තරීතර නායකයාගේ නැගෙනහිර අසර්බයිජාන නියෝජිත මුහම්මද් අලි අල් හෂේම් ඉමාම්වරයා,
නැගෙනහිර අසර්බයිජානයේ ආණ්ඩුකාර මලෙක් රහ්මාති,
ජනාධිපතිවරයාගේ ආරක්ෂක කණ්ඩායමේ ප්‍රධානී සර්දාර් සෙයිද් මෙහ්දි මෞසෙවි,
ගුවන් නියමු කර්නල් සෙයිද් තාහෙර් මොස්තෆාවි,
සහායක නියමු කර්නල් මොහ්සෙන් දර්යානුෂ් සහ
පියසර තාක්ෂණ නිලධාරී මේජර් බෙහ්රුස් ගාදිමි.

මෙම හෙලිකොප්ටරය සමග ගමන් ගත් සෙසු හෙලිකොප්ටර් යානා දෙක ටබ්රීස් නගරය වෙත නිරුපද්‍රිතව ගමන්කර තිබිණි.

හෙලිකොප්ටර් අනතුරෙන් ජීවිතක්ෂයට පත් ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමය විවෘත කිරීම සඳහා අප්‍රේල් 24 වැනිදා ශ්‍රී ලංකාවේද නිල සංචාරයක නිරත විය.

1960 දෙසැම්බර් 14 වනදා උපත ලැබූ, රයිසි වෘත්තියෙන් නීතිවේදියෙකි.

ඔහු ඉරාන ජනාධිපති ධුරයට පත්වූයේ 2021 වසරේදී යි.

2004–2014 කාල සීමාව නියෝජ්‍ය අගවිනිසුරු ධුරය දැරූ ආචාර්ය රයිසි 2014–2016 කාලසීමාවේ ඉරානයේ නීතිපතිවරයායි.

2019–2021 කාලසීමාවේ අගවිනිසුරු ධුරය දැරූ ඔහු වඩාත් කතාබහට ලක්වූයේ, ඊශ්‍රායල පලස්තීන යුද ගැටුම් තිව්‍රරවීමත් සමගයි.

අමෙරිකාව ඇතුළු ඊශ්‍රායල මිත්‍ර පර්ශ්වයේ චෝදනාව වූයේ, ඔහු පලස්තීනයේ හමාස් සටන්කාමීන්ට සහය දක්වන බවටයි.

පලස්තීනයට සහය පලකරමින් යේමනයේ හූතී කැරලිකරුවන් රතු මුහුදේ නෞකාවලට ප්‍රහාර එල්ල කළ අතර ඔවුන්ට සහය ලබාදෙන බවටද ඊබ්‍රාහිම් රයිසිගේ නායකත්වයට චෝදනා එල්ල විය.

පසුගිය අප්‍රේල් 13 දා ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයට ,ඩ්‍රෝන ප්‍රහාර සහ බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේ පසුගිය අප්‍රේල් පළමු වැනිදා සිරියාවේ ඩමස්කස් අගනුවර ඉරාන තානපති කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ බෝම්ම ප්‍රහාරයට පිළිතුරු ලෙසයි .

එම ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලයට කිසිදු සමාවක් නොදෙන බවටත් අදාල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් ඉරානය සෘජු ප්‍රකාශයක් සිදු කළේ, ඉරාන ඊශ්‍රායල් අර්බුදය තවත් තීව්‍ර කරමිනි.

පසුගිය අප්‍රේල් 13 දා ඉරානය රටක් ලෙස පළමු වරට ඊශ්‍රායලයට ප්‍රහාර මාලාවක් එල්ල කළේ මේ අතරතුරයි.

මෙම පසුබිම තුළ ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි අප්‍රේල් මාසයේ පාකිස්ථානයේ හා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමද දැඩි ආන්දෝලනයට තුඩු දුන්නේ ය.

උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් ඉරානයේ චබහාර් වරායේ පර්යන්තයක් අවුරුදු දහයක කාලසීමාවක් සඳහා ලබා ගැනීමට අදාළව ඉන්දියාව කටයුතු කිරීම මෙම සිදුවීම් මාලාවේ ආසන්නතම සිදුවීමයි.

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ඇමරිකාව පැවසුවේ, ඉරානය සමග ගනුදෙනු කරන ඕනෑම පාර්ශ්වයකට සම්බාධක පැනවීමට පසුබට නොවන බවයි.

කෙසේවෙතත් මේ වනවිටත් පාර්ශ්ව රැසක් මෙම හෙලිකොප්ටර් අනතුර පිළිබඳව ප්‍රශ්ණාර්ථ මතුකර තිබේ.

ඒ අතර ජනාධිපතිවරයා ගමන් කරන හෙලිකොප්ටර් යානයක් අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින මාර්ගයක් තෝරාගන්නේ ද යන්න පිලිබඳව විදෙස් පුවත් විශේලේෂකයින් ප්‍රශ්න කර තිබිණි.

මේ අතර ගුවන් සේවා විශ්ලේෂකයෙකු උපුටා දක්වමින් අල් ජසීරා වාර්තාකර තිබුණේ හෙලිකොප්ටර් නියමුවාගෙන් හෝ වෙනත් ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුගෙන් සන්නිවේදනයේ ඌනතාවයෙන් අදහස් වන්නේ "බරපතල පාලනය කිරීමේ ගැටලුවක්" නිසා අනතුර සිදුවූ බවයි.

මේ අතර අනතුරෙන් පසුව ඉරාන උත්තරීතර නායකයාගේ නැගෙනහිර අසර්බයිජාන නියෝජිත මුහම්මද් අලි අල් හෂේම් ඉමාම්වරයා පැයක පමණ කාලයක් උපකාර ඉල්ලා වෙහෙසවී ඇතැයි, ඉරානයේ අර්බුද කළමනාකරණ ඒජන්සියේ ප්‍රධානී මොහොමඩ් නාමි උපුටා දක්වමින් BBC ය වාර්තා කළේ ය.

BBC වාර්තාවට අනුව ඉමාම්වරයා ජනාධිපති කාර්යාලය සමග සම්බන්ධ වීමටද උත්සාහ කර තිබේ.

කෙසේවෙතත් ඊයේ පස්වරුව වනවිටත් මේ හෙලිකොප්ටර් අනතුරට හේතුව ඉරානය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොතිබිණි.

මේ අතර ඊයේ පස්වරුවේ ඉරාන උප ජනාධිපති 68 හැවිරිදි මොහොමඩ් මොක්බර් අන්තර්වාර ජනාධිවතිවරයා ලෙස පත්කෙරිණි.

අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස මොක්බර්, කථානායකවරයා, අගවිනිසුරුවරයා සමග ත්‍රිපුද්ගල කවුන්සිලයේ සාමාජිකත්වයට පත්වේ.

ඉරානයේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ මරණයෙන් දින 50 ක් ඇතුළත නව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි.

මේ අතර නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස බග්හෙරි කානි මහතා පත්කර තිබේ.

Last modified on Tuesday, 21 May 2024 14:34

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us