ඊයේ උදෑසන රථ වාහනවලින් බොරලන්ද ප්‍රදේශයේ සිට වැලිමඩ නගරයට විරෝධතාවකට පැමිණි ගොවීන් සමඟ නියෝජ්‍ය අමාත්‍යවරයා එරබද්ද පාලම අසලදී විරෝධතාව පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණියේය. මෙහිදී ගොවීන් තමන් පත්වී ඇති අස්ථාවර තත්ත්වය සතොස මඟින් අර්තාපල් මිලදී ගැනීම ක්‍රමානුකූලව සිදු නොවන බවත් අමාත්‍යවරයා හට පහදා දුන්නේය. අමාත්‍යවරයා උද්ඝෝෂණය නතර කරන ලෙසත් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බවත් කීය.
එමෙන්ම විශාල ලෙස අර්තාපල් අස්වනු නෙළන්නේ නොමැතිව ක්‍රමානුකූලව අස්වනු නෙළා රැගෙන එන ලෙස ගොවීන් හට පැවැසීය.
මෙහිදී උරණ වූ ගොවීහු අමාත්‍යවරයා හට බලවත් ලෙස විරෝධය පා කෑකෝ ගසමින් 'හූ' කියන්නට වූහ.
එම අවස්ථාවේදී අදාළ ස්ථානයෙන් ඇමැතිවරයා ඉවත්ව ගිය අතර ගොවීහු කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයටද අනතුරුව වැලිමඩ නගරයේද විරෝධතාවයේ නිරත වූහ.
අර්තාපල්වලට ස්ථීර මිලක් ලබාදෙන ලෙස හා සතොස මඟින් ක්‍රමවත් ආකාරයට දේශීය අර්තාපල් මිල දී ගන්නා ලෙස ඉල්ලා වැලිමඩ ප්‍රදේශයේ අර්තාපල් ගොවීන් පැවැත්වූ විරෝධතා පා ගමන සාකච්ඡා කර විසඳීමට ගිය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හට ගොවීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතාව හමුවේ පසුබැස යෑමට සිදු විය.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොකුම ගෙවල් හදන්නත් එපා ! මේක කියවන්න අමතක කරන්නත් එපා !
1. කවදාවත් පලාතෙ තියෙන ලොකුම ගේ හදන්න ගන්න එපා..
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...