ජනපති නියෝගයෙන් ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමට කඩිනම් පියවර !

Published in පුවත්
Sunday, 02 June 2024 21:53

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම පවතින ආපදා තත්වය නිසා පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ දායකත්වයෙන් ඉදිරිඅ මාස 2 ඇතුලත ඉදිකිරීමට පියවර ගන්නා ලෙසත් අදාල අංශ වෙත දැනුම් දී ඇත.

 

මේ වන විට දිවයිනේ නිරිතදිග කොටසට නොනවත්වා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ සිදුවූ ආපදා හේතුවෙන් ගතවූ පැය 24 දී පමණක් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුට දිවි අහිමිව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නිරිතදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වීමෙන් මේ වනවිට බොහෝ ප්‍රදේශවලට ඉතා තද වැසි සමඟ දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.

අද අලුයම 1ට පමණ අවිස්සාවේල්ල ඇස්වතු ඔය හදිසියේ පිටාර ගැලීමෙන් පුවක්පිටිය, කැකිල්ල ප්‍රදේශයේ දී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබුණි.

ගලා ආ සැඩපහරත් සමඟ නිවසේ දොර විවෘත කර ගැනීමට නොහැකිවීමෙන් ඔවුන් නිවස තුළම මියගොස් තිබුණි.

පොලීසිය පැවසුවේ, මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි පුද්ගලයෙක්, 36 හැවිරිදි ඔහුගේ දියණිය හා ඇයගේ 7 හැවිරිදි දියණිය බවය.

එමෙන්ම, අවිස්සාවේල්ල - හේවාඉන්න ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ නායයාමකින් 11 හැවිරිදි දැරියක් ද මියගියාය.

වර්ෂාවත් සමඟ දෙයියන්දර - දෙනගම ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස කොටසට පස් කන්දක් කඩාවැටීමෙන් කුරුඳු තලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊට යටවී මියගොස් තිබුණි.

මියගිය දෙදෙනා අවුරුදු 20 සහ 27 වයස්වල පසුවන අතර තවත් අයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මේ අතර, නොනවත්වා ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ නිරිතදිග කොටසේ කළු, කැලණි, ගිං, නිල්වලා යන ප්‍රධාන ගංගා ඇතුළු ගංගා රැසක් මේ වනවිට පවතින්නේ පිටාර ගලමිනි.

කැලණි ගඟෙහි ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ අද අලුයම 3 සිට ඉදිරි පැය 48 සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ගංවතුර අවදානම් නිවේදනයක් නිකුත් කළේය.

ඒ අනුව අද දහවල් වනවිට කැලණි ගඟෙහි නාගලගංවීදිය සහ හංවැල්ල ජලමාපක සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගියේ ප්‍රදේශ රැසකට ගංවතුර අවදානම ඉහළ දමමිනි.

කැලණි ගඟ පිටාර ගැලීමෙන් මල්වාන නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල විය.

අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම ද ජලයෙන් යටවිය.

මේ අතර කළු ගඟේ සියලු ජලමාපක මේ වනවිට සාමාන්‍ය මට්ටම ඉක්මවා ගොස් තිබේ.

කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණියෙහි මිල්ලකන්ද ප්‍රදේශයට මිලිමීටර් 149.8ක වර්ෂාවක් ලැබීමත් සමඟ අද පෙරවරු 9 වනවිට මහා ගංවතුර තත්ත්වයකට පත්වූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ඒ අනුව කළු ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල - කළුතර මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති අයුරු දක්නට ලැබුණි.

රත්නපුර නගරයේ සීවලී ක්‍රීඩාංගණය ඇතුළු කඩ සාප්පු, නිවාස ගංවතුරට හසුවී ඇති අතර ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන මාර්ග තුනම ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ලවිය.

එමෙන්ම රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගය ගැටහැත්ත ප්‍රදේශයෙන් ජලයෙන් යටවිය.

රත්නපුර - පානදුර ප්‍රධාන මාර්ගයට ගල්කඩුව ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටි ගමනාගමනයට බාධා එල්ලවෙද්දී එම මාර්ගය කොටඹේ හා මෝදර ප්‍රදේශවලින් ජලයෙන් යටවී තිබුණි.

මේ අතර නිල්වලා ගඟ සහ කිරමආර ඔය මේ වනවිට ප්‍රදේශ රැසකින් පිටාර ගැලීම ආරම්භ වී තිබේ‍.

ඒ අනුව පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇත.

මේ අතර ගිං ගඟ බද්දේගම සහ තවලම ජලමාපක සුළු ගංවතුර මට්ටමක පවතින අතර ඒ ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් යටවිය.

ඒ අනුව මේ වනවිට ගාල්ල - බද්දේගම මාර්ගය , ගාල්ල - බටුවන්ගල මාර්ගය සහ ගාල්ල -මාපලගම මාර්ගය ඇතුළු පහත්බිම් රැසක් ජලයෙන් යටව පවතී.

ප්‍රධාන ගංගා ආශ්‍රිත ප්‍රදේශ මෙන්ම නිරිතදිග කොටසේ තවත් ප්‍රදේශ රැසකින් ජල ගැලීම් ආපදා වාර්තා වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටිනාමළුව මහවැව පිටාර ගැලීමෙන් පහත්බිම් රැසක්ද ජලයෙන් යටවී තිබේ.

හක්මන බෙලිඅත්ත මාර්ගය , තංගල්ල නලගම මාර්ගය සහ වලස්මුල්ල දෙයියන්දර මාර්ගයද මුළුමනින්ම ජලයෙන් යටවී තිබේ.

සීතාවක ගඟ දෙපස අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගය තල්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ලවිය.

දැඩි වර්ෂාපතනය සමඟ හමායන තද සුළං හේතුවෙන් ගස් කඩාවැටීමෙන් බොහෝ ප්‍රදේශවල නිවාසවලට හානි සිදුව තිබූ අතර විදුලිය බිඳවැටීම් ද වාර්තා විය.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට වරකාපොල හැලගල ප්‍රදේශයේදී විශාල ගසක් කඩාවැටීමෙන් රථ වාහන ධාවනයට බාධා එල්ල වූ ගස මේ වන විට ඉවත් කර ඇති බව වාර්තා විය.

තද සුළං තත්ත්වය සමඟ IDH රෝහල අසලදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී තිබුණි.

එමෙන්ම ගාලු පාරේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී මාර්ගයේ නාම පුවරුවක කොටසක් බස් රථයක් මතට කඩාවැටී අනතුරක් සිදුවිය.

පවතින වැසි සහිත කාලගුණත් සමඟ ගාල්ල නෙළුව ප්‍රදේශය ජලයෙන් යටවිම හේතුවෙන් අවතැන් වු පිරිස් මුදාගැනිමට ආරක්ෂක අංශ සහ ඇතුළු ආපදා කළමනාකරන ඒකකය කටයුතු කළේය.

නෙළුව නගරයට ප්‍රවිශ්ට වන මාර්ග සියල්ල ජලයෙන් යටවීමෙන් නෙළුව ප්‍රාදේශිය රෝහලේ ගැබිනි මවක් සහ ශ්වසන ආබාධයකින් පෙළෙන අලුත උපන් දරුවෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවනින් උඩුගම රෝහල දක්වා රැගෙන ගොස් තිබුණි.

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 09ක් සදහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කිහිපයක ජනතාව ට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කෙරුණි.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉංගිරිය, බුලත්සිංහල හා පාලින්ද නුවර ප්‍රදේශවලටද නායයාමේ රතු නිවේදන බලාත්මක වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර, අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලුම පාසල් හෙට දිනයේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා සඳහන් කළේය.

Last modified on Sunday, 02 June 2024 21:56

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us