පරිසර දින සැමරුම සඳහා වෙන්කළ මුදල් විපතට පත් ජනතාව වෙනුවෙන් යොදවන ලෙස ජනපතිගෙන් උපදෙස්

Published in පුවත්
Tuesday, 04 June 2024 10:35

එළඹෙන ජූනි මස 05 වනදා එනම් හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදුන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

ජනතාව දුෂ්කරතාවට මුහුණ දී සිටින මේ අවස්ථාවේ ඇතැමුන් විවේචනයට පමණක් සීමාවෙමින්

දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ ගන්නා බව පෙන්වා දුන් ඒ මහතා මේ මොහොතේ අවශ්‍ය වන්නේ සියලු දෙනා එක්ව විපතට පත් ජනතාව එම තත්ත්වයෙන් මුදවා ගැනීම බව ද සඳහන් කළේය.

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ඊයේ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

''මේ වන විට ඇතිව තිබෙන අයහපත් කාලගුණය නිසා විශාල පිරිසක් අවතැන් වී සිටිනවා. රජයක් ලෙස ඔවුන්ට සහන සැළසීමට අප ආරම්භකර තිබෙනවා. දිවයිනේ සෑම ප්‍රදේශයකම අවතැන් වූ පිරිස් සඳහා ආහාර ලබාදීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ වගේම ගංවතුර පහව යාමත් සමඟ එම ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු ඉතා ඉක්මණින් සිදු කරන ලෙස සියළුම පළාත් පාලන ආයතන වෙත දැනුම් දීතිබෙනවා. ඒ සමඟම ඩෙංගු වැනි වසංගත රෝග පැතිරයාමේ අවදානමක් ද තිබෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස ද අප විසින් අදාළ නිළධාරීන් දැනුම් දී තිබෙනවා. එමෙන්ම ආපදාවට පත්ව ඇති පාලම්, බෝක්කු සහ මාර්ග පිළිසකර කරන ලෙස ද දැනුම් දී අවසන්.
ආපදාවන්ගෙන් හානියට පත්වූ පවුල් සහ ප්‍රදේශවල සංවර්ධන සහ සුබසාධනය වෙනුවෙන් පළාත් සභා, පළාත් පාලන අමාත්‍යාංශය එක්ව ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මෙම ක්‍රියාවලියේ දී මුදල් පිළිබඳව අවධානය නොකර ඊට අවශ්‍ය කටයුතු යොදන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියළුම දිස්ත්‍රික්
ලේකම්වරුන්ට දැනුම් දී තිබෙන බව ද සඳහන් කළ යුතුයි.

නමුත් මේ අවස්ථාවේ ඇතැම් පිරිස් විවේචනයට පමණක් සීමාවෙමින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරනවා. නමුත් සිදුවිය යුත්තේ එය නොවෙයි. මෙම අවස්ථාවේ විවේචනයන්ට වඩා වැදගත් වන්නේ සියළු දෙනාම එක්වී අවතැන් ජනතාවට මුදා ගැනීම සඳහා කටයුතු කිරීමයි.
ඒ වගේම ගංවතුර තත්ත්වයක් ඇතිවීමට පෙර එය පාලනය කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම වෙනුවෙන් මැදිහත් වීමක් අවශ්‍ය වී තිබෙනවා. ඒ
සඳහා රජයක් ලෙස, කුමන කාරණා වෙනුවෙන් අවධානය යොමු කළ යුතු ද කියා සොයා බලන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ බළධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ වගේම හෙට (04) සිට දින 10ක් තුළ පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර පත්වීම් ලබා නොමැති සේවකයන් 8400කගේ සම්මුඛ පරීක්ෂණ පවත්වා ස්ථිර පත්වීම් ලබාදීමට සැළසුම් කර තිබෙනවා.එමෙන්ම මෙම කටයුත්ත කඩා කප්පල් කිරීම සඳහා පිරිසක් කටයුතු කරමින් සිටින
බව ද මේ වන විට අපට අනාවරණ වී තිබෙනවා. ඒ නිසා කවර තත්ත්වයක් යටතේ වුවද රජය සම්බන්ධයෙන් විශ්වාසයෙන් කටයුතු කරන ලෙස ද මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල තවද ජූනි මස 05 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූණා. නමුත් එම සැමරුම් උළෙල අවලංගු කර ඒ සඳහා වෙන්කර තිබූ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

නමුත් ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් පැල දස ලක්ෂයක් දිවයින පුරා රෝපණය කිරීමේ කටයුත්ත අප විසින් සිදු කරනවා. ඒ වගේම ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙලට සමගාමීව සෑම නිවසකම එක් පැලයක් රෝපණය කරන ලෙස ද 
ඉල්ලා සිටිනවා''

-P.M

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us