ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ගොඩගන්නට හැකි ශක්තිමත්ම උපායමාර්ගික සන්ධානය - Sherisha Technologies-Supreme Global Consortium   Featured

Published in පුවත්
Tuesday, 04 June 2024 22:48

නිසි දිගුකාලීන උපාය මාර්ගික වැඩපිළිවෙළකට අනුව ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් සමගින් වූ ශක්තිමත් ශෙරිෂා ටෙක්නොලොජීස්/ සුප්‍රීම් ග්ලෝබල් කොන්සෝටියම් සන්ධානය (Sherisha Technologies / Supreme Global Consortium ) හවුල්කාරීත්වය හරහා දිගින් දිගටම පාඩු ලබමින් මෙරට මහජනතාවට විශාල ආර්ථික බලපෑමක් කරන ශ්‍රී ලංකන් ගුවන්සේවය ලාභදායි ව්‍යාපාරයක් බවට පත් කිරීමේ තමන් සතු හැකියාව හා ඒ සඳහා ඇති විද්‍යානුකූල හා උපායමාර්ගික සැලසුම් මේ වන විටත් මෙම සන්ධානය විසින් ඉදිරිපත් කොට ඇත.

තමන්ගේ ජාත්‍යන්තර පාර්ශවකරුවන් හා ඔවුන්ගේ ශඛ්‍යතාවයන් පිළිබඳ පැහැදිලි වාර්තාවක් සමගින් එම ජාත්‍යන්තර උපායමාර්ගික හවුල්කරුවන් ගේ ක්‍රය ශක්තිය සමගින් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අත්පත් කර ගැනීමේ සිය ලංසුව ලෙසින් ඉහළම යෝජනාව ශෙරිෂා ටෙක්නොලොජීස්/ සුප්‍රීම් ග්ලෝබල් කොන්සෝටියම් සන්ධානය (Sherisha Technologies / Supreme Global Consortium ) විසින් රාජ්‍ය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට (SOERU) ශ්‍රී ලංකා රජයට දැනුම් දීම සඳහා ඉදිරිපත් කර ඇත.

Terminal Holdings LLC ඇතුළත් කිරීම

WhatsApp Image 2024 06 04 at 19.24.29 f5292d65

මෙම අභිලාෂකාමී උත්සාහයේ ප්‍රමුඛයා වන්නේ අබුඩාබි හි ටර්මිනල් හෝල්ඩිංග්ස් එල්එල්සී ය. ගෝලීය වශයෙන් ධනවතුන් ගේ ලැයිස්තුවේ ඉදිරිපෙළ නාමයක් වන කීර්තිමත් රාජකීය ගෞරවාර්හ ශෙයික් තහ්නූන් බින් සෙයිඩ් අල් නහ්යන් ට (HRH Sheikh Tahnoon bin Zayed al-Nahyan) අයත්, Terminal Holdings, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් හා එක්ව ගොන නගාගෙන ඇති සම්මුතිය හරහා මෙම සැලසුමට අවශ්‍ය විශේෂඥ දැනුම සහ මූල්‍ය ශක්තිය ගෙන එයි.

ශෙයික් තහ්නූන් යනු අබුඩාබි හි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රධාන චරිතයකි, එමිරේට්ස් හි ව්‍යාපාරික අවශ්‍යතා ලොව පුරා ව්‍යාප්ත කිරීම සඳහා ඔහුගේ මැදිහත්වීමෙන් වන සැලකිය යුතු දායකත්වය සමස්ත මැද පෙරදිග රාජ්‍යයන් අතර ප්‍රසිද්ධය. ඔහුගේ ආයෝජන ක්ෂෙත්‍රයන් බලශක්තිය, මූල්‍ය සහ ගුවන් සේවා ඇතුළු විවිධ අංශවලට විහිදෙන අතර ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන ගණනින් ඇස්තමේන්තු කර ඇත.

මෙම සුවිශේෂී ජාත්‍යන්තර කීර්තියට පත් ටර්මිනල් හෝල්ඩිංග්ස් හි මැදිහත්වීම ගුවන් සේවා උපදේශන, ගොඩබිම් හැසිරවීමේ මෙහෙයුම් සහ ගුවන් යානය තුළ ආහාර සැපයීමේ සේවා හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ වාණිජ කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇත. තවද, ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයට සැලකිය යුතු ප්‍රතිලාභයක් අත්කර දෙමින් සහ ජාතියේ ආර්ථික වර්ධනයට දායක වෙමින් ගුවන් සේවා කළමනාකරණය සහ මෙහෙයුම් සඳහා හොඳම භාවිතයන් හඳුන්වා දීම ද ඔවුන්ගේ උපදේශන කාර්යභාරය වේ.

ලොව නවීනතම ගුවන් යානාවන් ලබා ගැනීමේ උපාය මාර් ගික සැලසුම්

මෙම ශ්‍රී ලංකන් ගුවන් සේවය අත් පත් කර ගැනීමේදී මෙම ශක්තිමත් සන්ධානය විසින් සිදුකරන්නට ලැසසුම් කොට ඇති තවත් සුවිශේෂී අභියෝගාත්මක නිර්භීත පියවරක් ලෙස, මෙම සන්ධානයේ අනෙක් ශක්තිමත් පාර්ශව කරුවන් ලෙසින් එක්වන චැලෙන්ජ් එරෝ ස්පේස් එල් එල් සී (Challenge Aerospace LLC) සහ එමිරේට්ස් එරෝ ස්පේස් එල් එල් සී (Emirates Aerospace LLC) සමඟ වන හවුල්කාරීත්ව එකඟතාවයන් මත, මෙහෙයුම් වසර දෙකක් ඇතුළත එයාර්බස් ගුවන් යානා 20 ක් (පටු බඳ සහිත A320 ගුවන් යානා 9 ක් සහ හා පුළුල් බඳ සහිත A330 ගුවන් යානා 11 ක්) සැපයීමට මේ වන විටත් එකඟතාවය පල කර ඇත.

මෙම නිර්භීත ව්‍යවසාය උපාය මාර්ගික මුලපිරීම සමඟින් ඩොලර් මිලියන 300 ක් දක්වා වටිනා ගුවන් යානා අමතර කොටස් සැපයීමටත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය අත්පත් කර ගැනීමෙන් පසු මෙවන් සුවිශේෂී සැලසුම් ක්‍රියාත්මක වීමේදි සමුහයේ මූල්‍ය ශඛ්‍යතාව සැලකිය යුතු ලෙස වැඩි දියුණු වන අතර එම ආර්ථික ප්‍රගමනය තුළින් ලබන සාර්ථක ප්‍රතිඵල මෙරට ජාතික ගුවන් සේවය රටට ආර්ථික ශක්තියක් සලසන සුපිරි සන්නාමයක් බවට පරිවර්ථනය කරනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ගුවන් යානා නඩත්තු, අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ (MRO) පහසුකම ස්ථාපිත කිරීම, වර්ධනය වන කලාපීය ඉල්ලුමට සරිලන පරිදි ජාතියේ ගුවන් සේවාව ලෙසින් එම තාක්ෂණික හා සේවා යටිතල පහසුකම් සැපයීමේ ක්‍රමවේදයන් තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

මෙම සැලකිය යුතු මූල්‍ය අනුග්‍රහය හා ආයෝජනය ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් , මෙරට ජාතික ගුවන් සේවයේ පුනර්ජීවනය සඳහා ශක්තිමත් පදනමක් තබමින් මහා පරිමාණ අරමුදල් සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් සුරක්ෂිත කිරීමට ශෙරිෂා ටෙක්නොලොජීස් / සුප්‍රීම් ග්ලෝබල් සමුහයට ඇති හැකියාව ඉස්මතු කරයි.

MBS Global Investments වෙතින් ලැබෙන සුපිරි සහාය

WhatsApp Image 2024 06 04 at 19.24.29 730d6fbd

ලොව තවත් බිලියනපතියකු හා සුපිරි සමාගම් හිමිකරුවෙක් හා ආයෝජයකයෙක් වන ශෙයික් නයෙෆ් බින් ඊද් අල් තානිගේ පුද්ගලික කාර්යාලයේ ආයෝජන අංශය වන MBS ග්ලෝබල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතින් සුප්‍රීම් ග්ලෝබල් සමාගම වෙත ලබා දීමට එකගත්වයට ද මෙම සන්ධානයේ මූල්‍ය රාමු වඩාත් ශක්තිමත් කරමින් විශ්වසනීය ආයෝජන සැලසුමක වාසිය ශ්‍රී ලංකාවට ගැන ඒමට සහතිකයක් සපයයි.

MBS Global Investments එහි පුළුල් ජාලය සහ ආයෝජන විශේෂඥතාව ලෝකය තුළ විශේෂයෙන්ම තාක්ෂණික මූල්‍ය (fintech), හරිත තාක්ෂණ ( green technologies), දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රය (real estate) ,සැපයුම් සේවා ( logistics ) සහ ගුවන් සේවා (aviation) සඳහා ප්‍රසිද්ධය. MBS Global Investments හි ශක්තිමත් ආර්ථික පිටුබලය ලෙසින්, කටාර් රාජ්‍යයේ රාජකීය පවුල සමග ඇති සබැඳියාව සහ එම ආයෝජනයන්ට යොමු කරන ධනය ට ඇති ස්වෛරී හිමිකම, මෙවන් ආයෝජන වලට එළැඹීමේදී එහි විශ්වසනීයත්වය වැඩි කරන අතර ඒ සඳහා යොදන අරමුදල් වල මූල්‍ය ශක්තිය ට වඩා වැඩි ශක්තියක් හා ස්ථාවරත්වයක් ලබා දෙයි. සුප්‍රීම් ග්ලෝබල් සමගින් සම්මුතිගත වූ මෙම කටාර් රාජ්‍යයේ අතිවිශාල ධන ආයෝජනය සහ මහා පරිමාණ, බලපෑම් සහගත ආයෝජන සඳහා කැපවීම් සහගත ඉදිරිපත්වීම මෙම සම්මුතියට මෙරට ජාතික ගුවන්සේවයේ හිමිකරුවා, පරිපාලකයා හා උපාය මාර් ගික ආයෝජකයා බවට පත්වීමට මෙම සුප්‍රීම් ශෙරිෂා සන්ධානයට ඇති හිමිකමේ ශක්තියට ප්‍රාමාණික ශක්ෂි සපයයි, මන්ද ඒ මෙරට කිසිදු ව්‍යවසායකයකුට මෙතරම් විශාල කලාපීය ආයෝජන සහයෝගීතාවක් කිසි විටෙක අත් කර ගැනීමට හැකියාවක් නොමැති නිසාවෙනි .

MMAG Aviation Consortium සමඟ අඛණ්ඩ සහයෝගීතාවය

කලින් ප්‍රකාශයට පත් කළ පරිදි, MMAG Holdings Berhad හි අනුබද්ධිත MMAG Aviation Consortium SDN BHD (MAC), දිගටම ශෙරිෂා ටෙක්නොලොජීස්/ සුප්‍රීම් ග්ලෝබල් කොන්සෝටියම් සන්ධානය (Sherisha Technologies / Supreme Global Consortium ) සමුහයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉදිරිපෙළ නාමයක් ලෙසින් මෙරට ජාතික ගුවන් සේවයේ සේවා වපසරිය තවත් පුළුල් කිරීම සඳහා ශක්තිමත් භාණ්ඩ පෝෂක ජාලයක් ස්ථාපිත කිරීම, අත්පත් කර ගැනීමෙන් පසු පුළුල් ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සහ ගෝලීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස එහි ධාරිතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික භූගෝලීය තත්ත්වය ඉහළ නැංවීම විසින් මෙම සන්ධානය හරහා ලබා දීමට අපේක්ෂිත ඔවුන්ගේ දායකත්වයට ඇතුළත් වේ. මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය වඩාත් ඉහළ ප්‍රමිතියකින් සැලකිය යුතු ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය දයකත්වය සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් වෙත ලබා දෙනු ඇත.

වඩාත් පුළුල් හා වාසි දායක උපාය මාර්ගික ඉදිරි පිම්මක්

ජාතික ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම පිණිස අභිලාෂකරුවන්ගෙන් අභිලාෂ කැඳවීමේ දී ඒ සඳහා උනන්දුව ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලිය තුළ කෙටි කාලයක් තුළ සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩීංග්ස් සමාගම විසින් සිය ජාත්‍යන්තර සබඳතා හා විදේශීය හවුල්කාරීත්වයන් ඒකාබද්ධ කරගනිමින් ගොඩ නගන ලද මෙම උපායමාර්ගික සන්ධානය හරහා මෙතෙක් කල් රටට බරක් ව පැවති ජාතික ගුවන් සේවය ඉතා කෙටි කලක් තුළ එහි රැකියාවන් ද සුරක්ෂිත කරමින්, වඩාත් ප්‍රමිතිගතව උසස් තලයකට ගෙන එමින් සමස්ත ජනතාවටම අභිමානයෙන් කතා කළ හැකි සන්නාමයක් බවට පරිවර්තනය කිරීමටත් වඩාත් සාධනීය ප්‍රතිඵල අත්කර ගැනීමට ඇති හැකියාව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන ආර් ථික අරබුදයත්, ජාතික ගුවන් සේවය ලෙසින් ශ්‍රී ලංකන් සන්නාමය මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම් මෙරට කීර් තිමත් විවිධාංගීකරණ ව‍යවසායකයකු ලෙසින් ජාත්‍යන්තරයේ ප්‍රබල උපායමාර්ගික හවුල්කරුවන් සමග සන්ධානගත වී මෙවන් සුවිශේෂී කටයුත්තක් සඳහා අති විශාල, මහා පරිමාණ අරමුදල් සුරක්ෂිත කිරීමේ හැකියාව තමන් සතුව ඇති බව මේ වන විටත් මෙම සන්ධානගත ව්‍යවසාය නාමයන් හරහා තහවුරු කර ඇත.

අභිලාෂ (EOI) ඉදිරිපත් කිරීමේ අවසාන අදියර වන විට Sherisha Technologies / Supreme Global Consortium විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ජාතික අභිමානය සහ ගෝලීය පිළිගැනීමේ මූලාශ්‍රයක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව, සිය ශක්‍යතාව හා පැහැදිළි සැලසුම සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කොට ඇත. නිසි න්‍යායාත්මක හා විද්‍යාත්මක තෝරා ගැනීමක් තුළ මෙරට විවිධ පටු අරමුණු මූලික කොට ගෙන ගනු ලැබූ තීන්දු තීරණ නිසා ජාතියටම බරක් හා පාඩුවක් වූ මෙරට ජාතික ගුවන් සේවය යළිත් ශ්‍රී ලාංකික අභිමානය ගුවන පුරා පතුරවන සුපිරි ජාතික සන්නාමයක් බවට පත් කිරීමේ හැකියාව ඇත. මෙම ඒ සඳහා Sherisha Technologies / Supreme Global Consortium සිය හැකියාව සනාත කොට ඇත. බලධාරීන් විසින් ජාතික වශයෙන් සළකා ගනු ලබන මෙම තීරණ ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයට දීප්තිමත් අනාගතයක් සඳහා මග පාදමින් ජාතියේ ගුවන් සේවා ක්ෂේත්‍රයට පරිවර්තනීය බලපෑමක් ඇති කරනු ඇත.

 

පළමු ඡායාරූපය - ශෙයික් තහ්නූන් බින් සෙයිඩ් අල් නහ්යන් ට (HRH Sheikh Tahnoon bin Zayed al-Nahyan)

දෙවන ඡායාරූපය- සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සහාපති ආර්.එම් මනිවන්නන් මහතා හා ශෙයික් නයෙෆ් බින් ඊද් අල් තානි

Last modified on Tuesday, 04 June 2024 22:52

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us