ආදීවාසී ජනතාව වෙනුවෙන් නව පනත් කෙටුම්පතක්

Published in පුවත්
Wednesday, 05 June 2024 12:20

මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටළුවලට විසදුම් ලබාදීම සදහා නව පනතක් සකස් කිරීමට හා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම සදහා රෙගුලාසි පද්ධතියක් සකස් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කටයුතු කර ඇත.

එම රෙගුලාසි පද්ධතිය පිළිබදව අදාළ පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ( 04) පස්වරුවේ පැවැත්විණි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහ වනජීවි හා වන සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය, නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාව සිදු විය.

ආදිවාසී ජනතාවට පවතින ගැටළු විසදීම සදහා සකස් කළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා විසින් මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, පනත සදහා ඇතුළත් කිරීමට නොහැකි කරුණු රෙගුලාසි යටතේ නීතිගත කිරීමට පියවර ගෙන තිබේ.

වනාන්තරවල ඇති ඖෂධ වර්ග ආදිවාසී ජනතාව විසින් නෙලා ගැනීමේදී එම ඖෂධ ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු ආකාරය පිළිබදව වනජීවි දෙපාර්තමේන්තුව විසින් රෙගුලාසි පද්ධතියක් සකස් කරමින් පවතින අතර, ඒ පිළිබදව තවදුරටත් අධ්‍යනය කිරීම සදහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

විශේෂයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින වනාන්තර ආශ්‍රිතව ජීවත් වන ආදිවාසී ජනතාවට වනාන්තරවල ඖෂධ වර්ග නෙලීමේදී නව රෙගුලාසී පද්ධතියක් කඩිනමින් සකස් කිරීමට මෙහිදී තීරණය වු අතර, සති තුනක් තුළ අදාල රෙගුලාසි පිළිබදව නිර්ණායක ලබාදීමට නියමිතව තිබේ. අදාල ඖෂධ වර්ග නිශ්චිතව නම් කර ඇති අතර, ඖෂධ වර්ග නෙලීම සිදු කළ හැකි ආදිවාසී ජනතාව පිළිබදව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් විසින් අවසර පත්‍රයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

මෙහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහ කළේය.
ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබදව පනත් කෙටුම්පත මේ වන විට අමාත්‍ය මණ්ඩලය සදහා ඉදිරිපත් කර තිබෙනවා. එය සම්මත කිරීම සිදු කිරීමත් ඔවුන් වෙනුවෙන් සකස් කරනු ලබන රෙගුලාසි පද්ධතිය නිතීගත කිරීමත් දෙකම එකවර සිදු කිරීමට නියමිතයි. ඒ නිසා පනත සම්මත කිරීමට රෙගුලාසි පද්ධතිය කඩිනමින් සකස් කළ යුතුයි. පනත සදහා ඇතුළත් කළ නොහැකි කරුණු රෙගුලාසි යටතේ නීතිගත කිරීම සිදු කිරීමට නියමිතයි. සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව මෙම පනත සකස් කර තිබෙනවා. ආදිවාසී ජනතාව පිළිබදව මානුෂිය ආකාරයෙන් සලකා බලා නව පනත් කෙටුම්පත සම්මත කිරීම කඩිනමින් පියවර ගැනීම සියලු දෙනා සතු වගකීමක් බව ද අමාත්‍යතුමා සදහන් කළේය.
උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල ප්‍රාදේශිය වශයෙන් ජීවත්වන ආදිවාසී ජනතාව පිළිබදව අවධානය යොමු කරමින් ඔවුන් ජීවත් වන ප්‍රදේශ නිශ්චිතව හදුනා ගෙන ප්‍රාදේශියව වනාන්තර ආශ්‍රිතව තම ජීවිකාව කර ගෙන යාම සදහා ඔවුන්ට පහසුකම් සැලසීමට කටයුතු කිරීම, වන සංරක්ෂණ දෙපාර්තුව යටතේ පවතින වනාන්තර ආශ්‍රිතව ජීවත් වන ආදිවාසී ජනතාව සදහා ඖෂධ නෙලීම වෙනුවෙන් නව රෙගුලාසි පද්ධතියක් සකස් කිරීමටත් මෙහිදී අවධානය යොමු විය.

තම ජනතාව පිළිබදව සලකා බලා කඩිනමින් පනත් කෙටුම්පත සම්මත කිරීමට කටුයුතු කරන ලෙස ඉල්ලා සිටින අතර, ඒ සදහා කටයුතු කරන අධිකරණ අමාත්‍යතුමා ඇතුළු සියලු දෙනාට ස්තූතිය පළ කරන බව මෙහිදී අදහස් පළ කරමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් මෙහිදි සදහන් කළේය.
වනජීවි හා වන සංරක්ෂණ, වාරිමාර්ග අමාත්‍ය, නීතිඥ පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය ද මෙහිදී අදහස් පළ කළාය.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර මහතා ඇතුළු නිතිපති දෙපාර්තමේන්තුව, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, වනජීවි දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාශය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියහ.

- දිනමිණ

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us