ගාස්තු අය කිරීමකින් තොරව ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් අද සිට

Published in පුවත්
Monday, 17 June 2024 18:14

පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් අද (17) සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

එමෙන්ම, කොළඹ සිට මහව දක්වා දුම්රියෙන් පැමිනෙන මගීන්ට මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වා ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

මේ වනවිට උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වී නොමැති බැවින් මෙවර පොසොන් පොහොය වෙනුවෙන් දුම්රිය යෙදවීමට නොහැකිවී තිබේ.

එම නිසා බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් මහව සහ අනුරාධපුර අතර බස් රථ පමණක් 400ක් අතිරේකව යෙදවීමට පියවර ගෙන ඇත.

මේ අතර අනුරාධපුරය හා මිහින්තලය අතර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව එය විවෘත කිරිම හා මංගල දුම්රිය ධාවනය අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී සිදුකෙරුණි.

ජාතික පොසොන් සතිය හෙට (18) සිට ආරම්භ වෙන අතර ඒ වෙනුවෙන් අටමස්ථානය කේන්ද්‍ර කරගනිමින් පිංකම් රැසක් සංවිධාන කර තිබේ.  

ඒ අනුව හෙට සිට ලබන 24 වනදා දක්වා පොසොන් සතිය ප්‍රකාශයට පත් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us