ලබන මාසයේ දී අඩු ආදායම්ලාභී තට්ටු නිවාස 250,000 ක අයිතිය ජනතාවට

Published in පුවත්
Tuesday, 18 June 2024 11:57

කොළඹ නගරයේ තිබෙන අඩු ආදායම්ලාභී තට්ටු නිවාස 250,000 ක අයිතිය ලබන මාසයේ දී ජනතාව වෙත ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1,524 දෙනෙකු වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (17) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“දැන් මේ රටේ අමාරු කාලේ හැම එක්කෙනාටම දුක් විඳින්න තියෙනවා. අලාභය අපි බෙදා ගන්නවා. හොඳ වෙන කොට ලාබේ අපි ඔක්කොම බෙදා ගන්නේ නැහැ. කොටසක් විතරයි ලාබේ බෙදාගන්නේ. ඉතින් මම බැලුවේ, මේකට මුහුණ දෙන, ගොවිතැන් කරලා අපිට උදව් කරන සාමාන්‍ය ජනතාවට මේ ලාබෙන් කොටසකුත් දෙන්න ඇයි බැරි කියලා. අපි අලාබෙන් දුන්නා නම්, ලාබෙනුත් කොටසක් දෙන්න ඕනේ. හොඳයි නරකයි දෙකම තියෙන්නේ ඕනේ. වැස්ස කාලෙත් තියෙන්න ඕනේ, ඉඩෝරෙත් තියෙන්න ඕනේ. එකක් විතරක් බෙදාගන්න බැහැ. දෙකම බෙදාගන්න ඕනේ. ඒ නිසා මූලික වශයෙන් බැලුවේ සින්නක්කර අයිතිය හැම එක්කෙනාටම ලබලා දෙන්න. කොළඹ නගරයේ අපිට කුඹුරු නැහැ බෙදලා දෙන්න. ඒත් අඩු ආදායම් තට්ටු නිවාස තියෙනවා, දෙලක්ෂ පනස්දාහෙම අයිතිය මම දෙනවා, එන මාසයේ. අපි දැන් අයිතිය බෙදන්නේ. අයිතිය හැම එක්කෙනාටම දෙනවා. අයිතිය කියන්නේ ලොකු දෙයක්.“

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us