එය රතිඤ්ඤා දමා සැමරිය යුතු දෙයකි Featured

Published in පුවත්
Wednesday, 26 June 2024 16:11

අර්බුද විසින් නායකයන් බිහි කරනු ලැබේ යැයි කියන්නේ අර්බුදය විසඳීම සඳහා විසදුම් යෝජනා රැගෙන කවුරු හෝ ඉදිරිපත්වන බව පමණක් නොවේ. ඒ සඳහා වැඩපිළිවෙලක් සහ ඊට ධෛර්යමත් භාවයක් තිබීමය. එය ක්‍රියාත්මක කිරීම හරහා අර්බුදය විසින් සැබෑ නායකයන් බිහිකරයි.

කොහොම නමුත් රනිල් කියන්නේ අලුත් නායකයෙක් නොවෙයි. පරිණත නායකයෙකි. ඔහු රටට නායකත්වය දුන් අවස්ථා ගනනාවත් තිබිණි. මීට පෙර රට අර්බුදයට ගිය බොහෝ අවස්ථාවල ඔහු ඉදිරිපත් වී ඒ කුමක් හෝ විසඳුමක් ලබා දී රට බංකොළෙත් නොවන තැනකට පත්කරන්නට සමත් විය. නමුත් ඔහුගේ පාලන සමයන් හීදී රට ගොඩනැගුම වෙනුවෙන් ඉදිරිපත් කළ වැඩපිළිවෙල බාධාවකින් තොරව ක්‍රියාත්මක කරවීමට, මෙරට වාමාංශික සහ ජාතිකවාදී නැතිනම් ගැලරි චූන් කරන ජනප්‍රියවාදී දේශපාලනය විසින් ඉඩ දුන්නා නම් රටට මේ කළ දසාව අත්වන්නේ නැත. වර්ථමාන අත්දැකීමද එයය. රනිල්ට එරෙහි බාධා කිරීම වල අඩුවක් නැත.

අද මුල්‍ය අරමුදලේ සහය ගෙන ආර්ථික අර්බුදය විසඳාගැනීමට සිදුකරන මෙහෙයුම කඩාකප්පල් කරදැමීමට මෙම මජර අවස්ථාවාදීන් තමන්ට හැකි උපරිමය කළේය. සජිත්ලාද අනුරලාද විමල්ලාද ඩලස්ලාද සිරිසේනලාද අර්බුදයෙන් රට ගලවාගැනීම වෙනුවෙන් කිසිවක් කළේ නැත. අර්බුදය තවදුරටත් අර්බුදයටම යවා ඉන් පටු වාසි ප්‍රයෝජන ගන්න මාන බැලුවා විතරය. දැන් කපන්න බැරි අත සිඹින්නාක් මෙන් රනිල් මුල්‍ය අරමුදලේ ණය ගැනීම ගැන ප්‍රශස්ති ගයන්නටද විපක්ෂයේ සමහරු පටන් ගෙන ඇත. නමුත් සැබැවින්ම පෙන්නුම් කරන්නේ මොවුන්ගේ ඇති කූහක බවය. රනිල්ට අයි එෆ් එම් ණය කීයටවත් ගන්න බැරි බව කිව් අය දැන් ණය ගත්තට රට හදන්න පුළුවන්දැයි ප්‍රශ්න කරයි. රට හදලා පෙන්වන්න අභියෝග කරයි. ඒ අතර මුල්‍ය අරමුදලේ පළමු දෙවෙනි තුන්වෙනි වාරික ලැබෙන්නේ නැති බව කිය කියා සිටියේය.

ඒ මුල්‍ය අරමුදල සමඟ එකඟවූ ප්‍රතිසංස්කරණය කරන්න ආණ්ඩුවට බැරි වෙන නිසා යැයි කීවේය.
මේ විපක්ෂය, ඒහෙම කීවේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ඉඩ නොදි කඩාකප්පල්කාරී ලෙස කටයුතු කරමින්ය. ඒ මෙම විපක්ෂයේ කුහක කමය. එසේම රුපියල ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වීම සිදුවන විට එය බොරුවක් යැයි කිව්වේය. එය කෘතිමව කළ දෙයක් යැයි ද කීවේය. කෘතිමව හෝ ස්වභාවිකව හෝ එය සිදු කර රටේ හදිසි ප්‍රශ්නයක් බේරගන්න කටයුතු කිරීම ගැන මේ අය මීක් නැත. ආණ්ඩුවක්, රජයක් තිබෙන්නේ සිදුවෙන දේවල් ඔහේ බලාගෙන ඉන්න නොවේ. අනතුරක් වෙන කොට කරබාගෙන ඉන්න නොවේ. තත්වයන් පාලනය කරමින් වඩා යහපත් දේ රටට ලබාදීම වෙනුවෙනි. රුපියලේ අගය වැඩි වෙන ලෙස යම් ක්‍රියාමාර්ගයක් ගත්තා නම් මෙම අර්බුදයෙන් මිදීම වෙනුවෙන් කළ දෙයක් මිස රැවැටීමක් හෝ වැරදීමක් නොවේ.

ඒ වගේම රනිල් බලයට පත්වීමට පෙර ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන උදේ හවා මාධ්‍ය වලට කරුණු පැහැදිලි කරමින් සිටි ආර්ථික විශේෂඥයන් කියන ඇතැම් පිරිස් වල කුහකත්වයද රජය අත්පත්කර ගනිමින් තිබෙන ජයග්‍රහණ හමුවේ, මුදල ලැබීම සමඟ පැහැදිලිව පෙන්නුම් කර තිබේ. ඇතැමුන් රනිල්ගෙන් ආර්ථීක උපදේශක තනතුරු හෝ රජයේ ඉහළ තනතුරු බලාපොරොත්තුව සිට ඒවා නොලැබීමේ වේදනාවෙන් දෝ ආර්ථිකය ගැන සත්‍ය කරුණු විකෘති කරමින් සිල්ලර ජනප්‍රියවාදි කරුණු ගොතමින් රනිල් සිදුකරමින් සිටින ඔවුන්ම කිව් ආර්ථික ප්‍රතිසංස්කරණයන් විවේචනය කරමින් සිටින අයුරුද දකින්නට ලැබේ.

මේ කුහකකම මේ රටේ හැටියක්ය. බොහෝ අයට නිවැරදි දේ කරන, සාර්ථක දේ කරන මිනිසුන් දීහා බලා සිටින එක ඇහැට කටු අනිනවා වැනිය. ඒ නිසා කරන්නේ තමන් දන්නා ශිල්පය වුවත් අවභාවිතා කරමින් වින කැටීමය. අද මේ ආණ්ඩු විරෝධීන්, රනිල් විරෝධීන් වී ඇති බහුතරයක් ඒ දේවල් කරන්නෙ කුහකකම තක්කඩිකම නිසාය. තමන්ගේ වාසියට යමක් නොකෙරෙන විට ඒකට කෙළවා දැමීමේ වුවමණාවෙනි. 'ආරංචිය සුබයි' යනුවෙන් පෝසටර් වටයක් වදින විටම විපක්ෂය කළඹල වීමෙන් පෙන්වන්නේ ඔවුන්ට රටට කෙළවා දැමීමට ඇති වුවමණාවය.

කොහොම නමුත් රනිල් දැන් රට ගොඩනැගීමට අවශ්‍ය අඩුම කුඩුම ටික මේ වන විට ලැහැස්ති කරගෙන අවසන්ය. තිබුණු විශාලම අභියෝගය වූයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමය. එය රටට වඩාත් වාසිදායක ලෙස කර ගැනීමට සමත්ව තිබේ.

නමුත් දුෂ්කර ගමනක්, අවධානමෙන් යායුතු ගමනක්, ඉලක්කයක් සහිත ගමනක්, අභියෝගත්මක ගමනක් ඉදිරියෙහි තිබේ. රනිල් පරිස්සම් විය යුත්තේ රටට වින කරන ජාතිකවාදීන්ගෙන්, ජනප්‍රියවාදීන්ගෙන් සහ වාමාංශිකයන්ගෙනි. මේ අය තනි තනිවමත් එක පොකුරටත් රටට හානි කළ හැකි ජඩයන් පිරිසකි. ඒ අමුතුවෙන් කිව යුතු නැත. ඉතිහාසය පුරාම රටට විශාලම හානිය කළෙත් සිදු කරමින් සිටින්නෙත් මෙම ජඩයන් පිරිස බව පුන පුනා කිව යුතු නැත. ඔප්පු කළ යුතු නැත. සත්‍යය සෑම සියළු දෙනාම අත්දැකීමෙන්ම විඳගෙන තිබේ.

පසුගිය කාලය පුරා මුල්‍ය අරමුදලේ සහය ලැබීම ගැන ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන පාර්ලිමේන්තුවේ පැවැති කතා බහ තුළ විපක්ෂයේ කුහකකම අභිබවා ගොස් එය මහා කාලකන්ණිකමක් දක්වා වර්ධනය වෙමින් පැවැති බවද පෙනෙන්නට විය. මේ ගනුදෙනු ගැන පට්ටපල් බොරු, විකෘති අදහස්, නොමඟ යැවීම් ඇති පදම් තිබිණි.

මේවා පට්ටපල් විහිළු කතාය. මරි මෝඩ කතාය. තමන්ගේ සිහිබුද්ධියක් නැති පාක්ෂිකයන් මේ කතා වලින් ඇන්දවිය හැකි නමුත් රටේ ආර්ථිකය අයාලේ යවා විනාශ කර තිබු මට්ටම අනුව මුල්‍ය අරමුදලේ ණය කොන්දේසිත් බරපතල දේ නොවන බව මේ ගනුදෙනුව ගැන ප්‍රාමාණික දැනුමක් ඇති නම් වටහා ගත හැකිය. අනෙක් වැදගත්ම දේ මේ එකදු නිර්දේශයක් හෝ කොන්දේසියක් හෝ අමුතුවෙන් ඉදිරිපත්ව නැත. ඒ සියල්ල කාලාන්තරයක් තිස්සේ රජය විසින් නොකර පැහැර හැරි දේවල්ය.

මේ නොකළ දේ ගැන පසුගිය කාලයේ මෙරට ආර්ථික විශේෂඥයන් නිරන්තරයෙන් කතා කර ඇත. ඒවා නොකිරීම නිසා රට බංකොළාත් භාවයට යන බව කියන්නේ වසර ගනනාවක සිටය. අද වෙනසකට ඇත්තේ ඒ සියල්ලම එකවර කරන්න සිදුව තිබීමය. එකින් එක ලෙඩ වැඩි වෙන විට බොන්න වෙන බෙහෙත් ප්‍රමාණයද වැඩිවෙයි. තිත්ත බෙහෙත් ගොඩක් එකවර බොන එක අමාරුය. සජිත්ලා අනුරලා විමල්ලා බලයේ සිටියත් මේ තිත්ත බෙහෙත් හැර වෙන බෙහෙත් ලැබෙන්නේ නැත. ලෙඬේ සුව කරන්න අව්‍යශ්‍ය බෙහෙත මිස වෙන පැණි රස බෙහෙත් ඉල්ලුවාට දොස්තර එහෙම කරන්නේ නැත.

රටේ කිසිදු ප්‍රශ්නයකට, ගැලරි චූන් කරන කතා වට්ටෝරු මිස ඇත්ත විසඳුම් සජිත්වත් සජබයවත් අනුරටවත් ජවිපෙටවත් මෙතෙක් ඉදිරිපත් කර නැත.

විපක්ෂයේ කුහකම මතුවන තවත් විදිහක් නම් මෙම මුල්‍ය අරමුදලේ ණය ගනුදෙනුව සිදුකිරීමට හේතු සාධක වූ ඇත්ත අර්බුදය යටපත් කර, ණය ලැබීමෙන් අරක වෙනවාද? මේක වෙනවාද? කෝ කළාද ? ආදී වශයෙන් මේ ගනුදෙනුවෙන් සෘජුව විසැඳීමට ලක් නොවන වෙනත් සිල්ලර ගැටළු මතු කිරීමය.

මෙලෙස විවිධ ප්‍රශ්නවලට ලක්වූ කොටස් ගැන කියමින් ඒ අයව වැල් පාලමෙන් එතෙර කළාදැයි අසයි. සහන දුන්නාද අහයි. ඒ අයගේ ප්‍රශ්න මුල්‍ය අරමුදලේ ණයෙන් විසඳන හැටි අසයි. මේවා ගැලරි චූන් කරන ප්‍රශ්නය. මේ ප්‍රශ්න ඇතිවීමට හේතු භූත වු මුලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමෙන් තොරව මේ අතිරේක ගැටළු විසඳිය නොහැකි බව මේ මුග්ධ විපක්ෂය කියන්නේ නැත.

රටක ආර්ථික අර්බුද විසඳනවා කියන්නේ බදු අය නොකර සිටීම නොවේ. ජනතාවට සහනාධාර ලබා දීම නොවේ, නිකම් කන්න බොන්න ලබා දීම නොවේ. තවදුරටත් එහෙම වෙනවා නම් එහි තේරුම රටේ ආර්ථිකය අර්බුදයක තිබෙන බවය. නමුත් මේ අර්බුදය විසඳා ගන්නා තෙක් පීඩාවට පත් ජනතාවට සහය වීම වෙනුවෙන් සමාජ ආරක්ෂණ ජාලයක් මේ වන විට සකසා ක්‍රියාත්මක වෙමින් තිබේ. එය මුල්‍ය අරමුදල ද අවධාරණය කරන වැඩපිළිවෙලකි. ජනපති රනිල්ගේ පාලනය ජන පීඩක ජනතා ද්‍රෝහි පාලනයක් නොවෙයි. මේ සියල්ල සිදු කෙරෙන්නෙ ජනතාවගේ වුවමණාවන් තිරසාරව සපුරාලීම වෙනුවෙනි. පැලැස්තර විසඳුම් වලින් පලක් නැත. අනාගත පරම්පරාවට සංවර්ධිත රටක් උරුම කර දෙන්න නම් අද මේ අමාරු පියවර ගත යුතුය.

විපක්ෂයේ බාධාකිරීම මධ්‍යයේ ඒ නොතකා හැර අධිෂ්ඨානශීලිව කටයුතු කරමින් ජනාධිපති රනිල් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සමත් වීම රත්ඤ්ඤා දමා කිරිබත් කා සැමරීමෙහි වරදක් නැත. මන්ද එය ඒ තරමට රටට වැදගත්ය.

විපක්ෂය කතා කරන්නෙ ගැලරියටය. ජනප්‍රියවාදී මුග්ධ විසඳුම්ය. මේ අය ඔවුන්ගේ විසඳුම් අරගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියොත් ඔවුන් පෙරළා ප්‍රශ්න කරනු ඇත්තේ, තමන්ව විහිළුවකට ගත්තාද කියාය? මුලින් රාජපක්ෂලා නොගිහින් හිටියේ මේ නිසාය. අවසන් මොහොතේ හෝ ඔවුන්ට යන්න වෙන තැනට පත්වූයෙත් රනිල්ගේ කීමටය. රනිල් අවශ්‍ය ඇත්ත විසඳුම දුන්නේය, උදව්කරන්නම් කියා පොරොන්දුව දුන්නේය. නමුත් ඔවුන් ප්‍රමාද විය. අවසන අර්බුදය විසින්ම අර්බුදය විසඳීමට අවශ්‍ය නායකයා ලෙස රනිල් පත්කර ගත්තේය. ඒ අනුව විපක්ෂය දැන් රිජෙක්ට්ය. උත්තරය තියෙන්නේ තමන් ගාවය, විසඳුම තියෙන්නේ තමන් ගාවය කියමින් පසුගිය අවුරුදු කිහිපයේ නටපු නාඩගම් දැන් අවසන්ය.

Last modified on Wednesday, 26 June 2024 16:14

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us