ශ්‍රී ලංකාව තිරසාර මාවතකට ගෙන යන්න මෙරට බලධාරීන්ගේ උත්සාහයට පැරිස් සමාජයෙන් ප්‍රශංසා Featured

Published in පුවත්
Thursday, 27 June 2024 15:15

ශ්‍රී ලංකාව තිරසාර වර්ධන මාවතකට අවතීර්ණ කිරීම සඳහා මෙරට බලධාරීන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට දරන ප්‍රයත්නය ප්‍රශංසනීය බව ශ්‍රී ලංකා ණය හිමි කමිටුව ඇතුළත් පැරිස් සමාජය පවසයි.

ශ්‍රී ලංකාව ඊයේ එළැඹි ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් සම්බන්ධයෙන් ඉන්දියාව සහ මෙරට අමෙරිකානු තානාපතිනියද අද (27) සිය ප්‍රසාදය පළ කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය, වර්ධනය සහ ස්ථාවරත්වය උදාකරලීම උදෙසා නොසැලී කැපවී සිටින බවය.

එසේම ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මියද ඊයේ ශ්‍රී ලංකාව එළඹුණු ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අමෙරිකාව සාදරයෙන් පිළිගන්නා බව X අවකාශයේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

එම ගිවිසුම් මෙරට මූල්‍ය පරිසරය පිළිබද විශ්වාසයක් ගොඩනැංවීමට ඉවහල්වන බව ඇය තැබූ සටහනේ සඳහන් ය.

මේ අතර මෙරට නිල ණය හිමියන්ගේ කමිටුවට අයත් පැරිස් සමාජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව තිරසාර වර්ධන මාවතකට අවතීර්ණ කිරීම සඳහා මෙරට බලධාරීන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට දරන ප්‍රයත්නය ප්‍රශංසනීය බවය.

2022 වසරේ අප්‍රේල් 12 වනදා ශ්‍රී ලංකාව ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවට නිවේදනය කරන අවස්ථාවේ ලක් රජයට අමෙරිකානු ඩොලර් බිලියන 37ක පමණ විදෙස් ණය ගෙවීමට ඉතිරිව තිබුණි.

ඒ අතරින් ව්‍යාපෘති හෝ වැඩසටහන් සඳහා ලබාගත් ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 22.3ක් වූ අතර වාණිජ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 14.7කි.

ව්‍යාපෘති හෝ වැඩසටහන් ණයවලින් අමෙරිකානු ඩොලර් බිලියන 11.7ක් බහුපාර්ශ්වීය ණය වන අතර අමෙරිකානු ඩොලර් බිලියන 10.6ක් ද්විපාර්ශ්වික ණය වෙයි.

එම ණයවලින් ද්වීපාර්ශ්වික ණයහිමියන්ගේ නිල කමිටුවට අයත් රටවල් 17ක අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය සහ චීනයට අයත් අමෙරිකානු ඩොලර් බිලියන 4.2ක ණය වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 10 ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගතකරණයට ඊයේ එකඟතාව පළවුණි.

මෙලෙස ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කෙරුණු මුළු ණය ප්‍රමාණය මෙරට සමස්ත විදෙස් ණයවලින් 27% ක ප්‍රතිශතයකි.

එම ණයවලින් කොටසකට ගෙවීමට සහන කාලයක් හිමි වන අතර ණය වාරික සහ පොලී ගෙවීමේ කාලයද දීර්ඝ කර තිබේ.

මේ අතර මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව ඊයේ එළඹුණු ගිවිසුම් පිළිබඳව ඉන්දියාව සිය ප්‍රසාදය පළ කරයි.

-DERANA 

Last modified on Thursday, 27 June 2024 15:16

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us