බදු මුදල් වලට, විදේශ ණය වලට මොකද වෙන්නේ කියලා ජනතාවට දැනගන්න පුළුවන් ක්‍රමයක් හදනවා - සාගල

Published in පුවත්
Monday, 01 July 2024 16:16

තමන් ගෙවන බදු මුදල් සහ රජය විදේශයන් ගෙන් ලබා ගන්නා ණය වලට මොකද වෙන්නේ එයින් නියමාකාර සේවයක් වෙනවාද යන්න ජනතාවට දැනගන්න අවශ්‍ය ශක්තිමත් නීති රාමුව සකස් කරන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නයක මහතා ඊයේ (30) මාතර පැවැති 'එක්වෙමු ජයගමු, අපි මාතර' ජන රැළියේදී අවධාරණය කළේය.

 එහිදි වැඩි දුරටත් සාගල රත්නායක මහතා මෙසේද පැවැසීය,

පසුගිය කාලයේ රුපියල පාලනයකින් තොරව අවප්‍රමාණය වුණා. ඩොරය රඅපියල් 380 වැඩි වුණා. ඒ හේතුවෙන් ජනතාවගේ ජීවන වියදම ඉහළ ගියා. උද්ධමනය සියයට 70 ට වැඩි වුණා. පොලී අනුපාතය සියයට 30 ගියා. රට පුරා ගෑස්, තෙල් ආහාර බෙහෙත් පෝලිම් ඇතිවුණා. රට සම්පූර්ණයෙන්ම ඇණහිටියා කිව්වොත් නිවැරදියි. ජනතාව පාරට බැස්සා.

එවන් තත්ත්වයක් හමුවේ එදා රනිල් වික්‍රමසිංහ මහතා බය නැතිව මේ රට ඉදිරියට ගෙන යාමේ අභියෝගය භාරගත්තා. එහිදී රටේ අනාගතය වෙනුවෙන් යම් යම් අසීරු නමුත් වැදගත් තීන්දු තීරණ ගනු ලැබුවා.

මේ රටේ පැවැති බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත්තා. බදු වැඩි කළාම ඒවා හැමෝටම රිදුනා. නමුත් අපි බදු ප්‍රතිපත්තිය පිළිවෙලක් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙන වැටුණු තැනින් රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබුවා. බදු පිට බදු වැදුන සැඟවුණු බදු ඉවත් කළා. මේවා කළේ වැටුණු තැනින් ඉදිරියට යන්න. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ගැනීමට එතුමා නායකත්වය ගත්තා. ඒ අනුව වත්මන් රජය රටේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සේවය ඉටු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එතැනින් එහාට තවත් ප්‍රතිසංස්කරණ ගනනාවක් ගෙනාවා. විදුලි බිල ප්‍රතිසංස්කරණයන් කළා. අපි පාවිච්චි නොකරන විදුලියට පවා අපිට බදුවලින් ගෙවන්න සිදු වුණා. මේක නිවැරදි කළා. පාවිච්චි කරන ප්‍රමාණයට නියම මිළ දැන් ගෙවනවා. ඉන්ධනවලටත් මිළ සුත්‍රය ගෙනාවා, අපි පාවිච්චි කරන නියම ප්‍රමාණයට පමණක් දැන් ගෙවනවා. ඒ වගේම අපිට පාඩු ගෙනා රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කළා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අඩියක්වත් තියන්න හීනයක්වත් නොදැකපු කෙනෙක් ඒකේ නඩත්තුවට බදු ගෙනවා, ඒකත් නතර කළා. පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න පටන් ගත්තා.

ඒ වගේම, දැන් බදු එකතු කරනවා නමුත් මේ බදු වලින් මොනවද කරන්නේ ? මේවා ජනතාවගේ මුදල් මේවා හරියාකාරව පාවිච්චි නොකළ නිසා තමයි මේ කඩා වැටීම සිදු වන්නේ. රජයයන් කාලයක් තිස්සේ මේ කරපු දේ අපි වෙනස් කළා.

රාජ්‍ය මුල්‍ය පාලනයට අණ පනත් ගේනවා. රජයේ මුල්‍ය අවශ්‍යතා අවම පිරිවැයකින් සපුරගන්න, රජයේ සුරැකුම්පත් වෙළඳපොළ ශක්තිමත් කරන්න පියවර ගත්තා. ඒ වගේම රජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගත කර රාජ්‍ය බැංකු ශක්තිමත් කරනවා. තව පනත් ගනනාවක් ගේනවා මේ මුල්‍ය අංශ සම්බන්ධව. විශේෂයෙන් රජයේ ණය පිළිබදව අපි පනතක් ගෙනවා.

කොහෙමද අපි ජනතාවගේ මුදල් පාවිච්චි කරන්නේ කියන එකට නීති රීති ගේනවා.
අපි තවත් එහාට හිතනවා. ජනතාව ක්ෂුද්‍ර මුල්‍ය ගනුදෙනුවලට ගොදුරු වෙනවා ඒවාගෙන ඔබව ආරක්ෂා කරන්න වැඩ පිළිවෙලක් ගේනවා.

හැම වෙලාවෙම ආණ්ඩුවේ වංචාව දුෂණය ගැන කතා කරනවා. මේක නැති කරන්න ජාත්‍යන්තර මට්ටමේ අල්ලස් හෝ දුෂණ පනතක් අලුතෙන් ගෙනාවා. එතැනිනුත් එහාට වංචාවෙන් දුෂණයෙන් අත්පත් කරගත් ධනය ලෝකේ කොහේ තිබුණත් ආපහු ගේන්න පුළුවන් විදිහට නීති රීති සකස් කරන්න පියවර අරගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මට්ටමට විනිවිද භාවයෙන් යුතුව සම්පුර්ණයෙන් කටයුතු කරන්න පුළුවන් විදිහට රජයේ ටෙන්ඩර් පටිපාටිය නිවැරදි කරන්න ප්‍රතිසංස්කරණ ගේනවා, . නමුත් මේවා එක රැයෙන් සිදු වෙන්නේ නැහැ. අපි මේ රාමුව සකස් කිරීම පියවරෙන් පියවරට ක්‍රියාත්මක කරගෙන යනවා. අපේ රටේ ජනතාවට තමන් ගෙවන බදු මුදල් වලින් රජය විදේශයන් ගෙන් ගන්න ණය වලින් ජනතාවට හරියාකාර සේවයක් වෙන්න අවශ්‍ය ශක්තිමත් රාමුව සකස් කරනවා.

ජනාධිපතිතුමා මේව කතා කරන්න පටන් ගත්තේ විපක්ෂයේ තනි මන්ත්‍රීවරයකු ලෙස සිටියදී. කාලයෙන් කාලයට ආණ්ඩු මාරු වන විට වෙනස් නොවන ප්‍රතිපත්තියක් මේ රටට අවශ්‍යයි කියලා එදා කිව්වා. මේවා මෙතැනින් නවත්වන්නෙ නැහැ. රටේ ඉදිරි ගමනට වැදගත් වෙන තවත් අණ පනත් රැසක් ගෙනවා.

ජනතාවට මේ අමාරු කාලයේ අඩු ආදායම් ලාභීන් අමතක කළෙත් නැහැ. අස්වැසුම වැඩසටහන ගෙනාවා. සමෘද්ධි වැඩ සටහනෙන් ලක්ෂ 16 කට ලැබුණු සහන ලක්ෂ 24 කට දැන් ලැබෙනවා. රුපියල් 15000 දක්වා ලබා දෙනවා. පාසල් යන දරුවන්ට දිවා ආහාර වේල, ගැබිණි මව් වරුන්ට පෝෂණ මල්ල, සහල් කිලෝ 10 බැගින් ගිය අවුරුද්දෙත් දුන්නා මේ අවුරුද්දෙත් දෙනවා. පොහොර සහනාධාරය නැවත ලබා දෙනවා, ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව දෙන්න, උරුමය ඔප්පු වැඩසටහනෙන් පරම්පරා ගනනාවක් අයිතිය ගන්න බැරිව හිටපු තමන් ජීවත් වෙලා හිටපු ඉඩමේ අයිතිය ලබා දෙනවා. මහල් නිවාස වල ජනතාවට එම නිවාස අයිතිය ලබලා දෙන්න වැනි වැඩසටහන් ගෙනාවා.

මේ සියල්ල කරන්නේ මොකටද? රටේ ආර්ථිකය වේගයෙන් ගොඩ නගන්න. හොඳ ආදායම් ගෙන එන රැකියා බහුල කරන්න මේ රටේ තරුණ පරම්පරාවේ අනාගතය සකස් කරන්න.

අපේ සැලසුම තියෙන්න රටෙත්, ඔබෙත් ආර්ථිකය දියුණු කරන්න, ඔබට හොඳ අනාගතයක් හදලා දෙන්න. අන්න ඒකටයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැම වෙලාවෙම කටයුතු කරන්නේ. අපි ඒ ඉලක්කය වෙනුවෙන් එකතුවෙමු.. මේ ගමන යමු.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us