ඉදිරියේ දී වී අස්වැන්න දෙගුණ කර ගැනීමේ ඉලක්කය සපුරාගත හැකියි

Published in පුවත්
Tuesday, 02 July 2024 11:59

ඉදිරි වගා කන්න හයක් තුළ වී අස්වැන්න දෙගුණ කර ගැනීමේ ඉල­ක්කය සපුරා ගත හැකි බව කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ ලේකම් ජානක ධර්ම­කීර්ති  පැව­සීය.

එමෙන්ම ඔහු පවසා සිටියේ ඒ සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ  දී ඇති ඉලක්ක සපු­රා­ලීම පිණිස සාම්ප්‍ර­දා­යික කෘෂි කර්මා­න්ත­යෙන් ඔබ්බට ගොස් වැඩි­වන ආහාර අව­ශ්‍ය­තාව සපු­රා­ලී­මට තාක්ෂ­ණික පැකේ­ජ­යක් හඳුන්වා දී ඇති බවයි. 

කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ ලේකම් ජානක ධර්ම­කීර්ති මේ බව සඳ­හන් කළේ ‘දෙව­ස­රක ප්‍රග­තිය සහ ඉදි­රිය’ මැයෙන් ඊයේ (01) ජනා­ධි­පති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාක­ච්ඡා­වට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් ලේක­ම්ව­රයා මෙසේද පැව­සීය. 

‘කෘෂි කර්මා­න්ත­යට නව තාක්ෂ­ණය හඳු­න්වා­දීමේ ප්‍රති­ලාභ මේ වන විටත් ලැබෙ­මින් පව­ති­නවා. සම්ප්‍ර­දා­යා­නු­කූල කෘෂි­ක­ර්මා­න්ත­යෙන් ඔබ්බට ගොස් වැඩි වන ආහාර අව­ශ්‍ය­තාව සපු­රා­ලීම කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය සතු වග­කී­මක්. එය මේ වන විට සාර්ථ­කව කළ­ම­නා­ක­ර­ණය කර­මින් සිටින බව කිව යුතුයි. මේ වන විට ගන්න වී අස්වනු ප්‍රමා­ණය දෙගුණ කර ගත යුතු බවට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා දී ඇති ඉල­ක්කය ඉදිරි වගා කන්න හයේ සපුරා ගැනී­මට අවශ්‍ය පිය­වර ගෙන තිබෙ­නවා. ඒ සඳහා කෘෂි නවී­ක­රණ වැඩ­ස­ට­හන යටතේ අප විසින් තාක්ෂ­ණික පැකේ­ජ­යක් හඳුන්වා දී තිබෙ­නවා. තවද පුරන් කුඹුරු ඇතුළු සියලු කුඹුරු වී වගා­වට යොදා ගැනී­ම­ටත් සෙසු වගා බිම් වෙනත් වගා­වන්ට යෙද­වී­ම­ටත් අප කට­යුතු කර තිබෙ­නවා. මේ වන විට වී වගාවේ සාර්ථක ප්‍රති­ඵල අත්කර ගනි­මින් රටට අවශ්‍ය සහල් මෙට්‍රික් ටොන් අට ලක්ෂ­යක අස්වැ­න්නක් ලබා­ගෙන තිබෙන බව ද කිව යුතුයි. වී මිල සම්බ­න්ධ­යෙන් අමා­ත්‍යාං­ශ­යක් ලෙස මැදි­හ­ත්වී­මට හැකි­යා­වක් නෑ. නමුත් විවෘත ආර්ථි­ක­යේදී මිල පවත්වා ‍ගැනීම සාධා­ර­ණව සිදු වනු ඇති බව රජයේ බලා­පො­රො­ත්තු­වයි. මිල ඉහළ යෑම වරක් දෙව­රක් සිදු වුණාට රජ­යට මැදි­හත් විය නොහැකි වුණත් එය දිගින් දිග­ටම සිදු වෙනවා නම් ඊට මැදි­හත් විය හැකියි. මේ වන විට සහල් වර්ග දෙකක පම­ණක් තොග පවත්වා ගෙන ගියත් ඉදි­රි­යේදී සිය­ලුම සහල් වර්ග­වල ආර­ක්ෂිත තොග පවත්වා ගනි­මින් වෙළෙ­ඳ­පො­ළට නිකුත් කිරී­මට කට­යුතු කර­නවා.ඒ වගේම වියළි කලා­පය පිළි­බඳ වැඩි අව­ධා­න­යක් යොමු කර­මින් කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ නිර්දේශ මත පුරන් කුඹුරු වෙනත් වගා­වන්ට වෙන් කර දෙනවා. එය ආහාර නිෂ්පා­ද­නයේ සාධ­නීය ඉදිරි පිය­ව­රක් වනු ඇති.

මේ වන විට කෘෂි කර්මා­න්තය දේශීය සීමා­වෙන් ඔබ්බට ගොස් විදේ­ශීය වෙළෙ­ඳ­පොළ ඉලක්ක කර ගෙන විශේෂ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කෙරෙ­නවා. ස්ට්‍රෝබෙරි, අඹ, අන්නාසි වැනි පල­තුරු භෝග අප­න­ය­න­යට වැඩි නැඹු­රු­වක් දක්නට ලැබෙ­නවා.

මීට අම­ත­රව අස්වැන්නේ උච්ඡා­ව­ච­නය සහ අස්වනු හානි පිළි­බඳ අව­ධා­නය යොමු කර­මින් දඹුල්ලේ ශීතා­ගා­ර­යක් ස්ථාපිත කිරී­මට ද නිය­මි­තයි. යෝග්‍ය වගා පිළි­බඳ ගොවියා දැනු­ම්වත් කළත් ඔවුන් ඒ ගැන නොතැ­කීම නොව­න්නට මෙරට අව­ශ්‍ය­තා­වට සරි­ලන නිෂ්පා­ද­න­යක් සිදු කර­නවා. අප අමා­ත්‍යාං­ශය යටතේ ක්‍රියා­ත්මක ආර්ථික මධ්‍ය­ස්ථා­න­වල කළ­ම­නා­කා­රී­ත්වය හේතු­වෙන් අස්වනු හානි 50%කින් පමණ අවම කර ගැනී­මට හැකි වී තිබෙ­නවා. ගොවි­යාගේ සහා­යද ඇතිව අස්වනු ක්‍රමා­නු­කූ­ලව වෙළෙ­ඳ­පො­ළට නිකුත් කිරීමේ ක්‍රම­යක් සකස් කිරී­මට අප තව­දු­ර­ටත් කට­යුතු කර­මින් සිටි­නවා.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us