ජනපතිගෙන් ගුරුවරුන්ට පාඩමක් Featured

Published in පුවත්
Wednesday, 03 July 2024 14:37

පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලය තුළ සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනය කඩාකප්පල් කරන පිරිස්වලට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් තමා නීතිපති උපදෙස් ඉල්ලු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයක් අමතමින් අද පෙරවරුවේ ජනාධිපතිවරයා පවසා සිටියේ කඩාකප්පල්කාරී ක්‍රියාවලට තමා ඉඩ නොතබන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

"විනයක් ඇතුව වැඩකරන්න. විනයක් නැතුව අධ්‍යාපන සේවයක් ගෙනියන්න බැහැ. මීට ඉස්සර ඇති වුණ වර්ජන... පාසල්වල ඒ වර්ජන හොඳ නෑ. හේතුවකුත් නැහැ. 2022දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ එකම පඩි වැඩිවීම දුන්නේ මේ ක්ෂේත්‍රයේ. මේ අවුරුද්දේ අපි හැමකෙනාටම රුපියල් 10,000 දීමනාවක් දුන්නා දෙපාරකට. අන්න ඒක කරලත් එදා වැඩවර්ජනයක් තිබ්බා පංති කාමරවලට ආවේ නැහැ. ඊළඟ දවසේ කාටවත් කියන්නේ නැතුව නැවැත්තුවා. දෙපාරක් දවස් කැඩුවා. කාටද මේ හානිය වුණේ. මේ සිසු සිසුවියන්ට විශේෂයෙන්ම රජයේ පාසල්වල ඉන්න සිංහල මාධ්‍ය සිසු සිසුවියන්ට. මට යාපනේ මන්ත්‍රීවරයෙක් කිව්වා අපි ඉඩදුන්නේ නැහැ මෙහෙම වැඩවර්ජනය කරන්න. ඔක්කොම ආවා. ඔක්කොම පාසල් ගෙනිච්චා. මුස්ලිම් පාසල් ගණනාවකුත් ගෙනිච්චා. අපේ ගෙදර ළඟ තියෙනවා ලේඩිස් කොලේජ් එක, ඒ වගේම අනෙක් පුද්ගලික පාසල් සියල්ලම ගෙනිච්චා. මොකක්ද මේ මිනිස්සු කළේ ? මේ නායකයෝ කළේ සිංහල මාධ්‍යයේ පාසල් ඔක්කොම නැවැත්තුවා. ශිෂ්‍ය නායකින් කිහිපදෙනෙක් ඇහුවා ජනාධිපති, අපි ගිහින් උගන්වන්න ද මේ අයට කොහොම ද මේ අයට විනය තියාගන්නේ කියලා. ඒ මට්ටමට අද ගුරුවරු වැටිලා තියෙන්නේ. සමහර පාසල්වල ගුරුවරුන්ට තර්ජනය කළා එන්න එපා කියලා. මෙහෙම සෙල්ලම් කරන්න ඉඩදෙන්න හොඳ නෑ. මම නීතිපතිතුමා එක්ක සාකච්ඡා කළා මට දෙන්න කිව්වා ඒ ගැන යෝජනාවක් උදේ 7.30 ඉදලා දවල් 1.30ට සෘජුව හෝ වක්‍රව කිසිකෙනෙක්ට පංති කඩාකප්පල් කරන්න බැහැ. පාසල වහලා හෝ වර්ජනය කරලා හෝ වෙනත් විදියකට. ඒ පියවර අපිට ගන්න සිද්ධ වෙනවා අනාගත පරපුර වෙනුවෙන්. මින් පස්සේ නම් මා එක්ක තරහා වෙන්නේ එපා මට සිදුවෙයි මීට වඩා තදින් ක්‍රියාකරන්න. මම එදා මල්වත්ත ස්වාමින් වහන්සේ එක්ක කිව්වා හදිසි නීතිය දාලා පාසල් ගෙනියන්න අපි ලෑස්ති කියලා."

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us