වැඩිම කුකුළු මස් නිෂ්පාදනය මේ වසරේ

Published in පුවත්
Friday, 05 July 2024 10:00

අප රටේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම කුකුළු මස් නිෂ්පාදනය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවක් මගින් ඉදිරිපත් කර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

ඒ අනුව 2024 වසරේ මේ වනවිට මෙරට කුකුළු මස් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් මිලියන 269ක් දක්වා ඉහළ දැමීමට හැකි වී තිබෙනවා.

සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික කුකුළු මස් පරිභෝජනය කිලෝ ග්‍රෑම් මිලියන 230කි. එමෙන්ම මෙරට මෙතෙක් පැවැති වාර්ෂික කුකුළු මස් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 220- 230 දක්වා විය.

මෙම තත්ත්වය පසුගිය කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය හා රසායනික පොහොර අර්බුදය උග්‍ර ලෙස පැවැති අවස්ථාවේ සීග්‍රයෙන් පහත වැටුණා.

නමුත් මේ වනවිට සියලු කුකුලු ගොවිපොළවල සමස්ත ධාරිතාවය ඉහළ නැංවීම, සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය බලපත් සත්ව ගොවිපොළවලට හා සත්ව ආහාර නිෂ්පාදන සමාගම්වලට පමණක් ලබා දීම මෙන්ම පසුගිය වසරේ මෙරට බඩඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 220,000 ඉහළ යාම කූකුළ මස් නිෂ්පාදනය හා බිත්තර නිෂ්පාදනය ඉහළ යාමට හේතුවුණා.

මේ වනවිට ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරීම මුළුමනින්ම නැවැත්වීමට හැකි වී තිබේ. දැනට අපේ රටේ ජනතාව පරිභෝජනය කරනු ලබන්නේ අප රටේ නිෂ්පාදනය කරන ලද බිත්තර වෙනවා.

බිත්තර මිල ඉල්ලුම ඉහළ යාම නිසා මිල ගණන් රුපියල් 50 සීමාවේ තිබුනත් රටේ දෛනික පරිභෝජනයට අවශ්‍ය තරම් බිත්තර වෙළෙඳපොලේ ඇතැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ තරුන කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහනේ පළමු ගම්මාන කිහිපය කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය. තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස පහළ ලෙනගල, හල්ලොලුව හා මාපිටිගම යන ගම්මානවල වැඩකටයුතු ඊයේ (04) ආරම්භ කිරීමට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මෙම අවස්ථාවන්ට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රාජිකා වික්‍රමසිංහ, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල යන මහත්ම මහත්මීහු ද සහභාගි වුණා.

මේ වනවිට ශ්‍රී ලංකාවේ දෛනික බිත්තර පරිභෝජනය 15%කින් ඉහළ ගොස් තිබෙනවා.

පැවැති දෛනික බිත්තර පරිභෝජනය බිත්තර මිලියන 07ක් වුවද, මේ වනවිට එම ප්‍රමාණය බිත්තර මිලියන 8.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන් සංචාරක කර්මාන්තය සංවර්ධනය, මාළු මිල ගණන් ඉහළයාම හා බිත්තරවල ඇති පෝෂ්‍යදායකබව සම්බන්ධව මහජනතාව වැඩිපුර දැනුම්වත් වීම යන හේතුන් මත බිත්තර පරිභෝජනය ඉහළ ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා-

“ඊයේ මම කුකුළු මස් නිෂ්පාදකයින් හා බිත්තර නිෂ්පාදකයින් සමඟ සාකච්ඡා කළා.

අපේ රටේ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම කුකුළු මස් නිෂ්පාදනය මෙම වසරේ වාර්තා වී තිබෙනවා.

එම ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 269ක්. මේ තරම් කුකුළු මස් ප්‍රමාණයක් මින් පෙර අප රටේ නිෂ්පාදනය කර නැහැ.

ඒ නිසා තමයි රුපියල් 1700 දක්වා ඉහළ ගිය කුකුළු මස් මිල රුපියල් 1000 මට්ටමේ තබා ගැනීමට හැකි වී තිබෙන්නේ.

අද වනවිට බිත්තර කර්මාන්තකරුවෝ අතිවිශාල ලාභයක් උපයනවා.

ඒ නිසා මිල ගණන් තව ටිකක් අඩු කර ගන්න මම ඒ අය එක්ක කතා කළා.

ඒ වගේම දැන් අපේ රටේ ජනතාව පරිභෝජනය කරන්නේ අපේ රටේම නිෂ්පාදනය කළ බිත්තර.

දැන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන්නේ නැහැ.

අපේ ඉළක්කය තවදුරටත් මෙරට කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවිමට කටයුතු කිරීම” යැයිද අමාත්‍යවරයා සඳහන් කළා.

-ITN

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us