නව ආර්ථිකයක් සමඟ නව අධ්‍යාපන ක්‍රමයක් ද රටට හඳුන්වා දෙනවා

Published in පුවත්
Saturday, 06 July 2024 18:56

නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදි නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ද අවශ්‍ය බවත්, ඒ සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට රට තුළ සිදු කරමින් තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන නවීකරණයේ නව පියවරක් තබමින් දකුණු පළාතේ පාසල් දරුවන් වෙනුවෙන් පාසල් 200 කට සුහුරු පංති කාමර සහ ටැබ් පරිගණක යන්ත්‍ර 2000ක් ලබාදීම සඳහා ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ අද (06) පැවති උත්සවයට එක්වෙමිනි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉන්දියානු රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනූව දකුණු පළාත් සභාව වෙත ලැබුණු රුපියල් ලක්ෂ 3000ක (කෝටි 30ක) ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

මෙම ව්‍යාපෘතිය සදහා තෝරාගත් පාසල් 200 අතරින් පාසල් 150ක් ගාලු දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අතර ඉතිරි පාසල් 50 හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවලට අයත් වේ.

එක් සුහුරු පංති කාමරයකට ටැබ් පරිගණක යන්ත්‍ර 10 බැගින් පංති කාමර 200 සඳහා ටැබ් පරිගණක යන්ත්‍ර 2000 ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දියානු මහකොමසාරිස් සන්තුෂ් ජා මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මේ වන විට ලෝකය නවීන තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. ඒ අනුව මෙරට අධ්‍යාපන ක්‍රමය ද නවීන තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කණ මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.
එදා අප අධ්‍යාපන ප්‍රතිපත්ති රැසක් රටට හඳුන්වා දුන්නා. එම අධ්‍යාපන ප්‍රතිපත්ති එම යුගයට ගැළපුනද අද වන විට සිදුව තිබෙන තාක්ෂණික දියුණුවත් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයට නව ප්‍රතිසංස්කරණ අවශ්‍යව තිබෙනවා.
මේ වන විට පාසල් තුළ කෘතිම බුද්ධි සමාජ ඇති කිරීමට අප පියවර ගෙන තිබෙනවා. එංගලන්තය ඇමරිකාව වැනි රටවල කෘතිම බුද්ධි තාක්ෂණය ආරම්භ කර වසර කිහිපයක් ගත වෙනවා. අප මේ වසරේ ආරම්භ කළ කෘතිම බුද්ධි තාක්ෂණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ගුරුවරුන්ට හොඳ පුහුණුවක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ යටිතල පහසුකම් ලබා දීමට රජය කටයුතු කරනවා. මධ්‍ය මහා විද්‍යාල සහ ජාතික පාසල් කෘතිම බුද්ධි පාසල් දක්වා උසස් කළ යුතුයි.

නවීන තාක්ෂණය සමග ඉදිරියට යාමේදී අසල්වැසි ඉන්දියාවෙන් අපට ලැබෙන සහාය ඉතා අගය කොට සලකනවා. නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා ශ්‍රී ලංකාවට අයිඅයිටී තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ලබාදීමටද කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වගේම ඉන්දියාව සමඟ බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ සාකච්ඡා සාර්ථකව සිදු වෙනවා.
මැලේසියාවේදී ඊලෝන් මස්ක් මහතා සමඟ මම සාකච්ඡා කළා. එතුමාගේ අන්තර්ජාල තාක්ෂණය, පාර්ලිමේන්තු පනත සම්මත වූ පසුව මෙරටට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඈත ගම්වල සිටින දූ දරුවන්ට තාක්ෂණික අධ්‍යාපනය කඩිනමින් ලබාදීමට එමඟින් අවස්ථාව ලැබෙනවා. අද දකුණු පළාත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා දක්වන පළාතක් බවට පත්ව තිබෙනවා. දකුණු පළාතේ පළමු ඕලන්ද පාසල තමයි අද බද්දේගම ජාතික පාසල බවට පත්වී තිබෙන්නේ.
නවීන තාක්ෂණය උපයෝගී කරගෙන අනාගතයට ගැළපෙන දරුවෙක් නිර්මාණය කිරීම මඟින් රටක් ලෙස ලෝකය ජය ගැනීමට අපට අවස්ථාව හිමි වෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා :
නිදහස් අධ්‍යාපන පනත මඟින් ශ්‍රී ලංකාව තුළ පරිවර්තනීය වෙනසක් ඇති වුණා. ඒ අනුව 46%ක්ව පැවති සාක්ෂරතාව 93%ක් දක්වා වර්ධනය වී තිබෙනවා. අද පවතින තාක්ෂණ යුගයට, කෘතිම බුද්ධි තාක්ෂණය, සුහුරු පන්ති කාමර අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඉන්දියාව ලබාදෙන සහායට ස්තුතිවන්ත වෙනවා.
අද දකුණු පළාතේ පාසල් දෙසීයකට සුහුරු පන්ති කාමර හිමිවෙනවා. ටැබ් පරිගණක 2000ක් හිමිවෙනවා. ඉදිරියේදී පාසල් ඩිජිටල්කරණයට එක් වෙනවා. ඒ වෙනුවෙන් මේ වන විට තෝරා ගත් පාසල් 1250ක් ජාලගත කරමින් සිටිනවා. ඉදිරි වසර තුනක කාලයේදි පාසල් 10026 ඩිජිටල් කිරීමට අපේක්ෂා කරනවා.
මේ සඳහා ගුරු පුහුණුව ලබාදීමටත් සැලසුම් කර තිබෙනවා. තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ විශ්වවිද්‍යාල වලින් බිහිවන විද්‍යාර්ථයින්ගෙන් 93% කට රැකියා වෙළඳපොළේ රැකියා අවස්ථා තිබෙනවා. නවීන තාක්ෂණය ඔස්සේ ලොව ජය ගැනීම සඳහා තිබෙන අවස්ථාව අප ප්‍රයෝජනයට ගත යුතුයි.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා :
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඉන්දියානු රජය ලබාදුන් සහායට ස්තුතිවන්ත වෙනවා. මේ වන විට අප පසුකරමින් සිටින්නේ සියවසේ විශිෂ්ටතම කාලයයි. ගාල්ලේ උපත ලද අධ්‍යාපන අමාත්‍යවරයෙක් වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහතා විසින් හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපන පනත මගින් එතෙක් 52%ක්ව පැවති දරුවන්ගේ පාසල් පැමිණීම 99%ක් දක්වා වැඩි වුණා.
3000ක්ව පැවති පාසල් ප්‍රමාණය 10,000ක් දක්වා වැඩි වුණා . එතෙක් රජය සතු එකම විශ්වවිද්‍යාලය වෙනුවට විශ්විද්‍යාල 13ක් ගොඩනැගුණා. වසරකට විශ්වවිද්‍යාලවලට ඇතුළත් දරුවන් ප්‍රමාණය 250සිට 45,000දක්වා වැඩි වුණා. අධ්‍යාපනය පිරි සමාජයක් ඇති කිරීම නිසා ලෝකයේ කාර්මික විප්ලවලින් පිටුපසින් සිටි ශ්‍රී ලංකාව ලෝකයේ සමාන්තරව ඉදිරියට ගමන් කිරීම ආරම්භ කළා.
ඉදිරි සියවස තුළ කෘතිම බුද්ධිය, පරිගණක සාක්ෂණතාවය, නවීන තාක්ෂණය භාවිතා කිරීම තුළින් ලෝකයත් සමඟ සමාන්තරව ඉදිරියට යාමට අවස්ථාව උදා වෙනවා. ඒ සඳහා සුහුරු අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවැරැදි දක්මකින් යුතුව මේ වන විට එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තුෂ් ජා මහතා
තම අසල්වැසියා ලෙස ඉන්දියාව සෑමවිටම ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කටයුතු කරනවා. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉහළ ස්ථානයක්. ශ්‍රී ලංකාවට තාක්ෂණක දැනුම සඳහා අවශ්‍ය පහසුකම් සහ ආධාර ලබාදීමට ඉන්දියාව ඉදිරියටත් කටයුතු කරනවා.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ , රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා , පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ යන මහත්වරු සහ දකුණු පළාත් අධ්‍යාපන නිලධාරීන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් , සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp Image 2024 07 06 at 17.48.31 52fc592d

WhatsApp Image 2024 07 06 at 17.48.30 1eeae0e9

WhatsApp Image 2024 07 06 at 17.48.30 3483d1f2

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us