සියලු දෙනාගේ ඉල්ලීම් ඉටු කළ හැකි යුගයකට රට ගමන් කරවන්න ජනතා සහයෝගයත් අවශ්‍යයි Featured

Published in පුවත්
Monday, 08 July 2024 10:08

ඉදිරි අය-වැයෙන් සියලු දෙනාගේම ඉල්ලීම් ඉෂ්ට කර හැකි අවස්ථාවකට රට ගමන් කරවිය යුතු බවත්  සඳහා ගෙන තිබෙන පියවරයන් සාර්ථක කර ගැනීමට ජනතා සහයෝගය අවශ්‍ය බවත්  අගමැති දිනේෂ් ගුණවර්ධන පැවැසීය.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ හංවැල්ල පිලිප් ගුණවර්ධන ප්‍රජා මන්දිර නව ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට  එක්වෙමිනි. 

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. 

“අපි ගොඩනැඟිලි ඉදි කරනවා. ජනතාවට පවරනවා ගොඩනැඟිලිවල ප්‍රයෝජනය ගන්න සැලැස්මකුත් තිබිය යුතුයි. පාසල් හවස දෙකහමාරට වැහුවට පස්සේ ආපහු අරින්නේ පහුවදා උදේ. එහෙම ගොඩනැඟිලි කොයි තරම් තියෙනව ද? ඒක නිසයි ආණ්ඩුව හැටියට තීරණය ගත්තේ අධ්‍යාපනය හමාර කරලා පාසල් ජීවිතය අතහැර යන දරුවන්ට විවිධ වෘත්තීය පුහුණු ලබාදීම සඳහා මේ ගොඩනැඟිලි යොදා ගැනීමට. එම වැඩපිළිවෙළ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සහ පුහුණු පාඨමාලා වෙනුවෙන් අනුමත කිරීම් මේ වන විටත් ලබා දී තිබෙනවා. අප ඒවායේ ප්‍රයෝජනය ලබා ගත යුතුයි.

ලක්ෂ හාරසීයක් පන්සීයක් නැතුව තට්ටු තුනක පාසල් ගොඩනැඟිල්ලක් දැන් හදන්න බැහැ. එම ගොඩනැඟිලිවලින් තවත් අතිරේක පැය කිහිපයක් දරුවන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන් නම් පාසල් ජීවිතයෙන් පස්සේ ඒ අයගේ අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන්.

හැමෝම විශ්වවිද්‍යාලවලට යන්නේ නැහැ. ඔක්කොමලා සියලු විභාග සමත් වෙන්නෙත් නැහැ. මවුපියන්ට ඒ බර දරන්න වෙනවා. දැන් පුහුණු පාඨමාලා වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළට පළාත් සභා, ප්‍රජා නායකයන්, ප්‍රජා සමිති, ගම්වල තිබෙන විවිධ ආයතන උදව් විය යුතුයි.

අපේ රටේ වැඩිහිටි ජනතාව වැඩිවෙන ප්‍රතිශතයක් අද පෙන්නුම් කරනවා. වැඩිහිටි ජනතාවගේ සුබසිද්ධිය පිණිස අපේ රටේ පමණක් නොව වෙනත් රටවල් සමඟත් කටයුතු කිරීමට මෙවැනි සංවිධානවලට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා, ප්‍රජා නායකයන් හරහා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැටියට ඒ වැඩපිළිවෙළට අත දෙන්න සූදානම් වී තීරණයක් අරගෙන තියෙනවා. මෙවැනි මාර්ග අපේ රටට විවෘත වීම දැන් යළිත් පටන් අරගෙන තියෙනවා.

පසුගිය කාලයේ රට මුහුණ දුන් අමාරු තත්ත්වය පසු කරලා යළිත් වර්ධනය වන ආර්ථිකයට පරිවර්තනය වෙමින් තිබෙනවා. ඒ අනුව විවිධ රටවල් අපේ රටට දාලා තිබුණු සීමාවන් ඉවත් කරන්න පටන් අරගෙන. කොරියාව විසින් පනවා තිබූ වීසා තහංචි සම්පූර්ණයෙන්ම අයින් කළා. කොරියානු සංචාරකයන්ට ලංකාවට එන්න වෙනදා තිබුණ වගේම සම්පූර්ණ සහනය අපට ලබා ගන්න පුළුවන්. අලුත් වෘත්තීන්වලට ඉඩකඩ ලැබෙන හැටියට එම සියලුම ක්ෂේත්‍ර දිහා විශේෂයෙන් බලන රටවල් හැටියට අපේ රටේ තරුණ තරුණියන්ට යළිත් විවිධ පුහුණුවීම්වලට අවතීරණ වෙන්න පුළුවන් ක්‍රමවේදයට ජපානය ඉඩ සලසා තිබෙනවා. ඒ රටවල් හා අපේ ආණ්ඩුව අතර ඇති කරගත් විශ්වාසය නිසයි. මේ වසර අභියෝගාත්මක කාලපරිච්ඡේදයක්. මේ පළාතේ ජනතාවටත් රට පුරාත් ආහාර නිෂ්පාදනය එක හා සමානව නිරත විය හැකි කාලපරිච්ඡේදයක අපි පසුගිය කාලයේ නිරත වුණා. යම් යම් ඉලක්ක පසු කරමින් රටක් හැටියට අප මුහුණ දුන් අමාරුම ආහාර අර්බුදයෙන් අපි ගොඩ ආවා. එය ඉටු කළේ ගම්බද ජනතාවයි. ඔවුන්ගේ කැපවීම තමයි අද රටට විශාලතම ශක්තියක් වී තිබෙන්නේ. ශ්‍රී ලංකාවට මෙතෙක් ගමන් නොකළ වෙන වෙන රටවල ගුවන් යානා ලංකාවේ ගුවන්තොටුපළවලට යළිත් එන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා අපේ රටට විවිධ ගුවන් සේවාවලින් පැමිණෙන සංචාරකයන් විශාල ප්‍රමාණයකින් ඉහළ යාමේ තත්ත්වය අපේ රට කෙරෙහි තබන විශ්වාසයයි.

පසුගිය දා පළාත් පාලන ආයතන රැසක අට දහසකට වැඩි පිරිසක් අපි ස්ථීර කළා. අපේ ළමයි ඉස්කෝලෙ ඉගෙන ගන්න ඕනේ. දැනට විසඳගන්න බැරුව නැවතී තිබෙන විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල ගැටලු විසඳන්න අපි විශාල උත්සාහයක් දරනවා. අපේ දරුවෝ විශාල ප්‍රමාණයකට විශ්වවිද්‍යාලවලට ඇතුළු වෙන්න ලැබිලා තියෙනවා. මේ ආයතන ජාතික ආයතන. ජාතික ආයතනවල කර්තව්‍යය අපි ඉෂ්ට නොකළොත් ඒ හානිය බරපතළයි. අපි ළමයින්ට ඉගැන්විය යුතුයි. එය අපේ යුතුකම. ඒ යුතුකම අපි ඉෂ්ට කළ යුතුයි. මමත් වැඩවර්ජන ඕන තරම් කරලා තියෙනවා. අපි මේ අමාරු කාලපරිච්ඡේදයෙන් එගොඩ වෙමු.”

Last modified on Monday, 08 July 2024 10:11

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us