රටපුරා රිළවුන්ගෙන් සිදුවන වගාහානි ඉහළට

Published in පුවත්
Tuesday, 09 July 2024 09:07

මේ වනවිට රටපුරා සෑම දිස්ත්‍රික්කයකම රිළවුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ ගොස් ඇතැයි එම ගොවීහු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරට පැමිණිළි කර තිබෙනවා.

පොල්, එළවළු, පලතුරු මෙන්ම වෙනත් සෑම බෝගයකටම පාහේ රිළවුන්ගෙන් සිදුවන හානිය නිසා වගාවන්ගෙන් ලබා ගත හැකි සමස්ත අස්වැන්න තමන්ට අහිමි වී ඇතැයි ගොවි ජනතාව අමාත්‍යවරයාට පවසා තිබෙනවා.

පසුගිය දිනවල (04 හා 05) අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලට ගොස් ගොවි ජනතාව හමුවී ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කළා.

මෙහිදී තම වගාවන්ට සිදුව ඇති හානිය පිළිබඳව සඳහන් කළ ගොවීන් පොල් ගෙඩි 800ක් පමණ අස්වනු ලබා ගත් තම වතුවලින් මේ වනවිට පොල්ගෙඩි 100ක්වත් කඩා ගත නොහැකි තරමට රිළවුන් විසින් අස්වනු පාළු කර ඇතැයි සඳහන් කළා.

මේ සම්බන්ධව කිසියම් ස්ථිර විසඳුමක් ලබා දෙන්නැයි ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඊට පිලිතුරු දුන් අමාත්‍යවරයා වනසතුන්ගෙන් සිදුවන වගා හානි අතර වැඩිපුරම රිළවා, වල් ඌරා, ඉත්තෑවා, මොණරා සහ දඩුලේණාගෙන් සිදුවන හානි වැඩිවී ඇතැයි ද මෙම සත්ව ගහණය සීග්‍රයෙන් ඉහළයාම ඊට බලපා ඇතැයි ද සඳහන් කළා.

චීනයේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන් ලක්ෂයක් ලබා දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කළත් ඊට එරෙහිව ඇතැම් සත්ව මිත්‍ර සංවිධාන විසින් වාරණ නියෝගයක් ගැනීම නිසා එම වැඩ පිළිවෙළ අත්හැර දැමීමට සිදුවු බව අමාත්‍යවරයා සදහන් කළා.

චීනයේ සත්වෝද්‍යානවලට රිළවුන් ලබා දීමේ වැඩ සටහන සාර්ථක විනි නම් ඊන්පසු තවත් රටවල් ගණනාවකින් මෙරට රිළවුන් ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබු බව ද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියා.

කෙසේ වුවද වගාවන් වනසතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම පතරොම් තුවක්කු ලබා දීමේ දී දැනට සළකා බලන අක්කර 05ක සීමාව අක්කර දෙක දක්වා අඩු කරන්නැයි ගොවි ජනතාව අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

මේ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසන්නැයි අමාත්‍යවරයා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

-P.,M

Last modified on Tuesday, 09 July 2024 09:09

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us