විශේෂ අවස්ථා ඇති දරුවන්ගේ අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව ඉහළ නැංවීමට සාගල රත්නායකගේ අවධානය

Published in පුවත්
Friday, 12 July 2024 11:58

සමාජයේ ජිවත් වන විවිධ අවශ්‍යතා ඇති තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලීමටත්, ඔවුන්ට ලබා දිය හැකි සහයෝගයන් ලබා දීමටත් ගරු ජනාධිපති තුමන්ගේ උපදෙස් පරීදි සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක මැතිතුමන්ගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන වැඩසටහන ආරම්භකරමින් යුත් විෂන් 2048 කණ්ඩායම විසින් රත්මලාන අන්ධ ගොළු බිහිරි විද්‍යාලයේ දරුවන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලීම අද (11)දින සිදු විය.

මෙහිදී ගරු සාගල රත්නායක මැතිතුමා විසින් අද ගොළු බිහිරි විද්‍යාලයේ දරු දරියන් සහ ගුරු මණ්ඩලය සමග සාකච්ඡා කල අතර විද්‍යාලය දෙකෙහිම සංචාරය කරමින් අඩුපාඩු සොයා බලමින්, දැනට බිහිරි විද්‍යාලයේ පවත්වාගෙන යන බේකරි පාඨමාලාව, වඩු කාර්මික පාඨමාලාව මැහුම් පාඨමාලාව, රූපලාවණ්‍ය පාඨමාලාව සහ බ්‍රේල් ක්‍රමයට ක්‍රියාත්මක පාඨමාලා ද නිරික්ෂණයට ලක්විය. එ අවස්ථාවේදිම ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසීය සම්බන්ධ කරගනමින් පාඨමාලා වල අඩුපාඩු සොයා බලා nvq 3, 4 මට්ටමට අදාල පාඨමලා සකස් කිරීම්ටත්, එවගේම එම පාඨමාලා හැදෑරිමට අවශ්‍ය පහසුම්කම් සලසා දීමටත් විද්‍යාලය තුල කඩිනමින් ඉදි කලයුතු නඩත්තු කටයුතු සහ දරුවන්ගේ ක්‍රීඩා කටයුතු සදහා අවශ්‍ය පහසුකම් සහ පුහුණු කිරීම සකස් කරන ලෙසත් නිළධාරින්ට උපදෙස් දෙන ලදි. මෙයට අමතරව දැනට එම විද්‍යාලයේ පංති පැවැත්වෙන්නේ අපොස ස.පෙල දක්වා පමණක් බවත් ඉන් අනතුරුව සමාන්‍ය පාසල් පද්ධතිය සමග එකතු වී ඉදිරි කරයුතු කරගැන යාමේ අපහසු තාවයත් විදුහල්පති තුමිය විසින් සාගල රත්නායක මහතාට ප්‍රකාශ කරන ලදි. ඒ අවස්ථාවේදිම අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කරගනින් උසස් පෙළ අධ්‍යාපන කටයුතු පවත්වෙගෙන යන අකාරය සාකච්චා කර අතර ඉදිරියේදි මෙවන් විශේෂ අවස්ථා ඇති දරුවන්ගේ උසස් පෙළ සහ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ගරු අධ්‍යාපන අමාත්‍ය තුමාත් අදාළ නිල දාරින් සමගත් සාකච්චා කර ස්ථිර වැඩ පිළිවලක් සකස් කරන බවට සාගල රත්නායක මහතා ප්‍රකාශ කලේය.

මෙයට අමතරව දිවයින පුරා පිහිටා ඇති විශේෂ අවස්ථා සහිත දරුවන්ගේ අධ්‍යාපන මධ්‍යස්ථාන වෙත රජයේ විශේෂ අවධනාය යොමු කොට එකී අධ්‍යාපන කටයුතු විධිමත් කිරීමට රාජ්‍ය මට්ටමෙන් වැඩ පිළිවලක් සකස් කිරීමටත් එ සදහා අවශ්‍ය ප්‍රතිපති සකස් කිරීමටත් කටයුතු කරන බවත් සාගල රත්නායක මහතා පැවසිය.

යුත් විෂන් 2048 කණ්ඩායම විසින් සංවිධානය කරන මෙම අවස්ථාවට සාගල රත්නායක මහතා සමග අචාර්ය ලසන්ත ගුණවර්ධන මහතාත් , ජාතික තරුණ සෙවා සභාවෙ සභාපති පසිඳු ගුණරත්න මහතාත්, ශ්‍රී ලංකා නාවික හමුදාවත්, ශ්‍රි ලංකා පොලිසීයත්, යුත් විෂන් 2048 කණ්ඩායමේ නිලධාරීන් සහ සමාජිකයනුත් සහභාගි විය.

WhatsApp Image 2024 07 12 at 11.44.31 8dfddb03

WhatsApp Image 2024 07 12 at 11.44.30 d7e829e7

WhatsApp Image 2024 07 12 at 11.44.30 5599e9da

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us