විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව 8000 ක් දක්වා ඉහළට

Published in පුවත්
Monday, 29 July 2024 11:10

ලබන මස අගෝස්තුවේ සිට රුපියල් අටදහසක් දක්වා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර  තිබේ. 

සීමා වාසික පුහුණුව ලබන සහ මේ වන විට දෙවැනි වසරේ සිටින සිසුන්ට වැඩි කළ දීමනාව අගෝස්තු මාසයේ සිට ලබා දෙන අතර නවක සිසුන් සඳහා සැප්තැම්බර් මාසයේ සිට එම දීමනාව ගෙවීමට සැලසුම් කර තිබෙන බව වාර්තාවේ. 

එම සිසුන්ට දැනට ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව ප්‍රමාණවත් නොවන බවට දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයට කළ දැනුවත් කිරීම් මත දීමනාව රුපියල් තුන්දහසකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබුණි.

අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් අනුමැතිය ගත් නමුත් මේ දක්වා එම තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොමැති වීම නිසා බව අමාත්‍යවරයා පවසයි. 

එහෙත් පවතින මුදල් කළමනාකරණය කර ගනිමින් දීමනාව වැඩි කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us