පොහොට්ටු දේශපාලන මණ්ඩල රැස්වීමේ ඉදලා තියෙන්නේ මන්ත්‍රීවරු 16 යි.

Published in පුවත්
Monday, 29 July 2024 21:31

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදී පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීන්දු කළ ශ්‍රී
ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට අද (29) සහභාගී වී ඇත්තේ එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පමණක් බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බවට වන යෝජනාව දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ, පක්ෂ ලේකම් සාගර කාරියවසම් විසිනි.

එම යෝජනාවට විරුද්ධව සහභාගී වූ මන්ත්‍රීවරුන් 11 දෙනෙකුම ඡන්දය ප්‍රකාශ කර ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රදීප් උදුගොඩ, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සහන් ප්‍රදීප්, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග කනක හේරත්, මොහාන් ප්‍රිදර්ශන, ජනක වක්කුඹුර පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා හැරුණු විට දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වූ බොහෝදෙනා විවිධ සංවිධාන මට්ටමින් ගෙන්වූ අය බවයි.

SLPP 2024.07.29 1

කෙසේවෙතත් දේශපාලන මණ්ඩල රැස්වීමේදී පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂකධූරය බලාපොරොත්තුවෙන් සිටි ධම්මික පෙරේරා ගේ නමක් ගැන සඳහන් නොවීම විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් පැවසුවේ, ජයග්‍රහණය කළ හැකි සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ මෙය පක්ෂයේ තීරණය බවට සියලුම දෙනා එකග විය යුතු බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද වනතුරු සහාය ලබාදුන් බවයි. පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට දේශපාලන මණ්ඩලයේදී අද තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පසුගියදා ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරණයේදී තමාට සහය දෙන ලෙස ඉල්ලීමක් කර තිබිණ.

 

theleader

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us