සමීක්ෂණ වාර්තා උඩු යටිකුරු කරන තත්වයක්     Featured

Published in පුවත්
Thursday, 01 August 2024 17:54

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද සිය නවතම සමීක්ෂණ වාර්තාව එළි දක්වා තිබේ.

මෙම වාර්තාව පසුගිය ජුනි මාසයට අදාල වන අතර ඒ අනුව පසුගිය වාර්තාවන්ට සාපේක්ෂව සජිත් ප්‍රේමදාස මහතාට කැමැත්ත දුන් පුද්ගලයන්ගේ ප්‍රතිශතය 43% දක්වා ඉහළට පැමිණ තිබේ. අනුර දිසානායක 30% දක්වා අඩුවී ඇති අතර රනිල් වික්‍රමසිංහ 20% දක්වා ඉහළට පැමිණීමත් සිදුව ඇත. පොදුජන පෙරමුණ 7% ක අඩුම සීමාවේ සිටියි. සජිත් සහ අනුර අතරින් මාස කිහිපයකට පෙර ඉදිරියෙන් සිටියේ අනුරය. 

Screenshot 2024 08 01 174734

එසේම මහ මැතිවරණයට අදාලව නිකුත් කර ඇති වර්තාව අනුව සමගි ජන බලවේගයට කැමැත්ත දුන් පුද්ගලයන්ගේ ප්‍රතිශතය 38% දක්වා වර්ධනය වී ඇත. පසුගිය අප්‍රේල් මාසයේදී සියයට 34 ක ස්ථානයෙහි සමගි ජන බල වේගයත් ජාතික ජන බලවේගයත් සමාන තත්වයක සිටියේය. නමුත් ජාතික ජන බලවේගය ඡන්ද පදනම 26% දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

ඒ අතර ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේද ප්‍රතිශතය 16%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක්සත් ජාතික පක්ෂය 7%කි. තීරණයක් ගැන නැති ප්‍රතිශතය 8%කි.

මෙම ජුනි මාසයේ පැවැති දේශපාලනික තත්වයන් හමුවේ සමීක්ෂණයට තෝරාගත් ජනතාව ලබා දුන් පිළිතුර අනුව මෙම ප්‍රතිපළ ලැබී ඇත. එහෙත් පසුගිය 'ජූලි මාසය' යනු දේශපාලනයේ පෙරළි රැසක් සිදු වූ මාසයකි. විශේෂයෙන්ම ජනාධිපති රනිල්ට සහය දීමෙන් ඉවත් වීමට පොදු ජන ‌පෙරමුණේ රාජපක්ෂ හිතවාදීන් තීන්දු කළ නමුත් එම පක්ෂයේ බහුතරයක් මැති ඇමැති වරු ජනාධිපති රනිල්ට සහය පළ කිරීමෙන් එම පක්ෂයේ දෙකඩ වීමක් සිදු විය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයද ජනාධිපතිවරයාට ලැබෙන බව ප්‍රකාශ විය. ඒ් අතරම දෙමළ ජාතික සන්ධානයද වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමට තීරණය කළ අතර චම්පික රණවක වැනි මධ්‍යස්ථව සිටි බලවේගයන්ද සිය සථාවරයන් වෙනස් කර ගන්නා තැනට පත්ව ඇත.

ඒ අතර ජනාධිපතිවරයාට සහය දීම හෝ නොදීම ගැන අනෙක් බොහෝ පක්ෂ යළි සාකච්ඡා කරන තැනට පත්ව තිබිණි.

ihp

ජනාධිපති රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල් වශයෙන් ප්‍රකාශයට පත් වුයේ ද පසුගිය මාසයේදීය. ඒ අනුව එහි බලපෑමත් මෙම සමීක්ෂණ වාර්තාවට සිදුව නොමැත.

බැලු බැල්මමට පෙනෙන්න තිබු තත්වයන් අනුව පසුගිය මාසයේ අවසන් වන විට ජනාධිපති රනිල්ගේ ජනප්‍රියත්වය ඉහළ යෑමක් පෙන්නුම් කර තිබිණි. විශේෂයෙන්ම රාජපක්ෂවරු සමඟ ගනුදෙනුව අවසන් වීමේ වාසිය ඔහුට ලැබී තිබිණි.

ඒ අතර රාජපක්ෂවරුන්ගේ වෙන් වීම මත සමගි ජන බලවේගයේ දෙකඩවීමක්ද සිදුවිය හැකි බවට මත පලව ඇත. ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිගැනීමට සූදානම් කණ්ඩායමක සහය ඔහුට ලැබෙනු ඇති අතරම දෙමළ සහ මුස්ලිම් පක්ෂ සහ එම ප්‍රජාව තුළත් එවැනි තත්වයක් වර්ධනය වෙමින් තිබේ.

මේ අනුව මේ වන විට ජනාධිපතිවරයා ගැන විශ්වාසය වර්ධනය වීම මත ජුලි සහ අගෝස්තු මාස තුළ ලැබිය හැකි සමීක්ෂණ වාර්තා තුළ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වඩා ඉස්මතු වීම වැලැක්විය නොහැකි වනු ඇත. ජුනි මාසය වන විට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටියේ සජිත් අනුර පමණි. මේ නිසා ජුලි සහ මෙම අගෝස්තු මාසයේ තත්වයන් තුළ විශාල වෙනසක් අපේක්ෂා කළ හැකිය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us