සියලු දෙනාගේ සහයෙන් රනිල් රට ගොඩ ගත්තා - සාගල

Published in පුවත්
Tuesday, 13 August 2024 08:41

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පළපුරුද්ද සහ ජාත්‍යන්තර සම්බන්ධතා සහ වැඩපිළිවෙළක් තිබුණ නිසා මේ රට ගොඩගන්නට පුළුවන් වුණේ යැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක හෝමාගමදී මහතා ඊයේ (12) පැවසීය.

හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලයේ සාමාජිකයින් මෙවර ජනාධිපති මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම වෙනුවෙන් හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක නීතිඥ රංග අබේසිංහ මහතා සංවිධාන කළ විශේෂ සාමාජික හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ ද පැවසීය.

කොච්චර දේශපාලන පළපුරුද්දක් තිබුණත් ජාත්‍යන්තර සබඳතා තිබුණත් වැඩපිළිවෙළක් නොතිබුණා නම් අපිට ගොඩයන්න බෑ. ජනාධිපතිතුමාට වැඩපිළිවෙළක් තිබුණා. ඒ නිසා වැඩපිළිවෙළ බය නැතුව ක්‍රියාත්මක කළා. ජනතාවත් ඒකට සහයෝගය දුන්නා. ඒකයි මෙතරම් ඉක්මනින් අපිට ගොඩඑන්න හැකියාව ලැබුණේ.

එදා ගෑස් නැති තෙල් නැති බෙහෙත් නැති අපේ රට සම්පූර්ණයෙන් වැටිලා තිබුණේ. බොහෝ නායකයෝ මඟහැරලා හිටපු වෙලාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වුණා. එතුමාට පක්ෂ භේදයෙන් තොරව සියලුම මන්ත්‍රීවරුන් සහාය දුන්නා. ඒ නිසා ඒ වේලාවේ රට වැටිලා තිබිච්ච ආගාධයෙන් ගොඩගැනීමට එතුමාට හැකියාව ලැබුණා.

අපි සූදානම් වෙමින් පවතින්නේ අපේ රටේ අනාගතය තීන්දු කරන මැතිවරණයකට. රනිල් වික්‍රමසිංහ මහතා අපේ පක්ෂයේ නායකයා. නමුත් මේ වතාවේ එතුමා ඉදිරිපත් වෙන්නේ කාගෙත් නායකයා හැටියටයි. පක්ෂයක් නැතිව ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට. අපේ පක්ෂයට එක මන්ත්‍රීකමක් පාර්ලිමේන්තුවේදී තිබියදී පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ විශ්වාසය දිනා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබුණා. ඒ විශ්වාසය මත තමයි මේ රටේ නායකත්වයට පත්වුණේ.

රට අමාරු තැනකට වැටිලා තිබුණා අපි ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම වැටිල තිබුණා. එතුමාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න ශක්තිය දුන්නේ පක්ෂ ගණනාවක් නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක්. එතුමා නිර්පාක්ෂිකව වසර දෙකක් වැඩ කළා. ඒ නිසාවෙන් රට ස්ථාවර කර ගැනීමට එතුමාට හැකියාව ලැබුණා. මේ දවස්වල බංග්ලාදේශයේ සිදුවන දේ දකිනකොට අපිට ඒ කාලෙ ආයෙත් මතක් වෙනවා. අපි බංග්ලාදේශය තරං ගොඩක් දරුණ වුණේ නෑ. ගෑස් තෙල් කවද ඇයිද දන්නෑ. ඖෂධ ටික අඩුපාඩු වෙන්න පටන් ගත්තා.ආහාර හිඟයක් මතුවීමෙන් තිබුණා. ඒ හැම දේකින්ම අපිව බේර ගත්තේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමාගේ දේශපාලන පළපුරුද්ද සහ ජාත්‍යන්තර සම්බන්ධතා සහ වැඩපිළිවෙළක් තිබූණ නිසා තමයි මේ රට ගොඩදාගන්න පුළුවන් වුණේ. කොච්චර දේශපාලන පළපුරුද්දක් තිබුණත් ජාත්‍යන්තර සබඳතා තිබුණත් වැඩපිළිවෙළක් නොතිබුණා නම් අපිට ගොඩයන්න බෑ. එතුමාට වැඩපිළිවෙළක් තිබුණා ඒ නිසා බය නැතුව ක්‍රියාත්මක කළා. ජනතාවත් ඒකට සහයෝගය දුන්නා. ඒකයි මෙතරම් ඉක්මනින් අපිට ගොඩ එන්න හැකියාව ලැබුණේ.

මුලින්ම එතුමාගේ මැදිහත්වීම මත රටවල් ගණනාවක උදව්වෙන් යල කන්නයට අවශ්‍ය පොහොර ටික ලබා දීමට හැකියාව ලැබුණා. ඒ දවස්වල ගෑස් නැවක් මිල දී ගන්න අපිට හැකියාව තිබුණෙ නෑ. කොටස් වශයෙන් තමයි මිල දී ගත්තේ.ඉතා අමාරු අපහසු කර්තව්‍යයක් කරල තමයි රට මේ තත්ත්වෙට ගන්න හැකියාව ලැබුණේ.

ඒ කාලය තුළ ජනාධිපතිතුමා පක්ෂයක් බදාගෙන වැඩ කළේ නෑ. ඒක දේශපාලනිකව අපේ පක්ෂයට පාඩුවක්. රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති වෙලා අපේ පක්ෂ නායකයා විදිහට ඉන්නකොට අපිට ඉස්සරහින් පොහොට්ටුවේ මැති ඇමැතිවරු යනකොට අපිට දුකක් දැනුනොත් තමා. ඒත් හැමෝම එකතුවෙලා එතුමා ජනාධිපති කරගත්තේ. දැන් අපි යළිත් ඒ වැඩේම කරන්න වුවමනයි.

මෙවර ඒ කටයුත්ත අපි ඉස්සරහින් කරන්න ඕනේ. එහෙම කිව්වට අනිත් අයව පැත්තකට දාලා කරන්න යන්න හොඳ නෑ. ඒක නොවෙයි කළ යුත්තේ. අපි හැමෝම එකතු කරගෙන වැඩ කරලයි මේ ගමන යන්න ඕනේ.අපි නායකත්වය දෙන්න වුවමනා තැන අපි නායකත්වය ලබා දිය යුතුයි. අපි නායකත්වයට උදව් කරගෙන යන්න වුවමනා තැනදී ඒ කටයුත්ත කළ යුතුයි. අපි එක පුටුවක් පස්සට වෙලා කාට හරි ඉඩ දෙන්න වුවමනා නම් එහෙම ඉඩ දිය යුතුයි. අපේ නායකයා රටේ නායකයා කරන්න තමයි මේ හැමෝම එකතුවෙලා ඉන්නේ. අපි ඒකට අවස්ථාව සලසා දිය යුතුයි.

නමුත් අපේ හිත් රිදෙන්නේ නැති වෙන්න මේ ගමන ඉදිරියෙන් ඉන්න වැඩ කටයුතු කරමු. ඒ හැම කණ්ඩායමක් තුළම අපේ අය ප්‍රබලව ඉන්න ඕනේ. වෙනින් කවුරු හරි කරයි ඒ අය කරනවනේ අපි කරන්න ඕනෑ නෑ කියලා හිතලා හිටියොත් හරියන්නේ නෑ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අපි තව අවුරුදු තුනක් වැඩ කටයුතු කරන්න වුවමනයි. ඒ අය ඇවිත් මාස හයෙන් හයට අපි ගිවිසුම් ගත වූ ආකාරයෙන් කටයුතු කරනවද කියලා හොයලා බලනවා. ඒ පසු විපරම් කරද්දී අපි යම් දෙයක් කඩ කරලා තියෙනවා නම් ඒ ගිවිසුම අනුව කටයුතු නොකර තිබුණොත් අපි නැවත ඒ ගිවිසුමට අනුකූල වෙනකම් අපේ වැඩපිළිවෙළ ප්‍රමාද වෙනවා.

හුඟ දෙනෙක් කියන්නේ මේ මූල්‍ය අරමුදල ගිවිසුම නැවත කතා කර ගන්නවා කියලා සමහරු කියනවා මේක අහෝසි කරගන්නවා කියලා අහෝසි කරනවා කියන කෑල්ල පැත්තකින් තිබුණත් සාකච්ඡා කරනවා කියමුකෝ. මාස දෙක තුනක් සාකච්ඡා කළත් අවසානයේ ඉන්න එකම තැනටයි. අපි යා යුතු මඟේ යා යුතුයි නැතහොත් අපි වැටෙනවා. එලෙස සිදුවන හැම ප්‍රමාදයක්ම රටේ ගමනට ප්‍රමාදයක් වෙනවා.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් සමඟ එකඟතාවයට පැමිණි ගිවිසුම අනුව නොගියහොත් මාර්තු මාසය වෙනකොට නැවත අපි හිර වෙනවා. නැවත පාරට බහින්න වේවි මිනිසුන්ට පෝලිම්වල හිටගන්න වේවි මේ පාර පෝලිම්වල හිටගත්තොත් හිට ගත්තාම තමයි ආයෙත් නම් අපිට ගෙවල් ඇතුළට යන්න ක්‍රමයක් එන එකක් නෑ. මොකද ආයෙත් වැටුණොත් කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ අපිට උදව් කරන්න.

ඒකත් මාර්තු මාසෙ විතරයි. මාර්තු මාසයෙන් පස්සේ යන්න විදිහක් නැති වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නතර වුණොත් ඒ සමඟම ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් නතර වෙනවා. ඒ වැඩපිළිවෙළ ටික නතර වුනොත් අපේ විදේශ සංචිතත් නතර වෙනවා. ජාත්‍යන්තරයේ විශ්වාසය අනිත් පැත්තෙන් කඩා වැටෙනවා. නැවතත් 2022 හිටපු මුල් තැනටම යන්න වෙනවා.

සංචාරකයෝ පැමිණීමත් නතර වෙයි විදේශ විනිමය ආදායමත් නවතීවී. අපිට ආයෙත් හිරවෙන්න බෑ. අපි මේ ගමන සාර්ථකව යා යුතුයි. ගමේ ජනතාවට හොඳින් කතා කරලා කරුණු පැහැදිලි කරලා දීලා මේ තියෙන අවදානම ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි. බංග්ලාදේශයේ ඇති වෙච්ච තත්ත්වයටත් එහා තත්ත්වයකට අපේ රට යාවි. ඒ තත්ත්වයට නැවත යන්න අපිට හැකියාවක් නෑ. ඒ නිසයි අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරවන්න කියලා මේ කියන්නේ. -

දිනමිණ

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us