සොබාදහම සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටිනවා - සාගල

Published in පුවත්
Tuesday, 13 August 2024 09:33

අනාගත පරපුරට යහපත් පෘථිවි තලයක් ඉතිරි කිරීම පෙරදැරිව සොබාදහම සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.

සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දියත් කළ කඩොලාන පරිසර පද්ධති නැවත වගා කිරීමේ වැඩසටහන ඉතා සාර්ථක ප්‍රයත්නයක් ලෙස ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක් ව තිබෙන බවත්, එවැනි ව්‍යාපෘති ගණනාවක් මේ වන විට රජය ක්‍රියාත්මක කර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති “ශ්‍රී ලංකා 30×30 – සොබාදහම සඳහා සංරක්ෂණය සහ ජනතාව සඳහා සෞභාග්‍යය” වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

තිරසර ආර්ථික සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින් මෙරට අද්විතීය ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය “ශ්‍රී ලංකා 30×30 (Sri Lanka 30×30)” වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

2025 – 2030 කාලසීමාව අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 කට අධික ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සැලසුම් කර තිබෙන මෙම “ශ්‍රී ලංකා 30×30” වැඩසටහන, සංරක්ෂණය සහ සංවර්ධනය සමතුලිත කරමින් ව්‍යාපෘති ගණනාවක් ඔස්සේ තිරසර සංවර්ධනය සහ හරිත ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සතු කැපවීම පෙන්නුම් කෙරෙන වැදගත් පියවරකි.

තවද මෙම වැඩසටහන 2022 වසරේදී මොන්ට්‍රියල් හි පැවති COP15 ජෛව විවිධත්ව සමුළුවේදී ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් 195ක් විසින් සම්මත කරන ලද කුන්මිං-මොන්ට්‍රියල් (Kunming-Montreal) ගෝලීය ජෛව විවිධත්ව රාමුව (GBF) ට අනුකූල වේ.

එසේම “ශ්‍රී ලංකා 30×30” වැඩසටහනෙහි අංගයක් ලෙස, රජය විසින් ජාතික ප්‍රමුඛතා සංරක්ෂණ වැඩසටහන් 9ක් හඳුනාගෙන ඇති අතර, ඒ සෑම වැඩසටහනක්ම වැදගත් පාරිසරික අභියෝගවලට විසඳුම් සහ තිරසර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සකස් කර තිබේ.

එම සංරක්ෂණ වැඩසටහන් අතරට, තෙත් කලාපීය පරිසර පද්ධතිවල ආරක්ෂාව සහ සම්බන්ධතාව වැඩි දියුණු කිරීම, ආරක්ෂාව ඉහළ නැංවීම මඟින් වියළි කලාපයේ වනාන්තර විනාශය නතර කිරීම, විනාශ වූ වනාන්තර සහ කඩොලාන වාසස්ථාන නැවත ඇති කිරීම, සංරක්ෂණය සඳහා අරමුදල් සැපයීම සඳහා ආරක්ෂිත ප්‍රදේශ සංචාරක ව්‍යාපාරය තිරසාර ලෙස සංවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම; අලි මිනිස් සහජීවනය වැඩි දියුණු කිරීම, කැලණි ගංගා ද්‍රෝණියේ සිට ගංගා පද්ධතිවල යහපත් තත්ත්වය හා ඵලදායිතාව ඉහළ නැංවීම, ස්වභාවධර්මයේ සහ මිනිසුන්ගේ යහපත සඳහා සමුද්‍රීය පරිසර පද්ධති සංරක්ෂණය වැඩි දියුණු කිරීම, තිරසාර ධීවර කළමනාකරණ පිළිවෙත් ශක්තිමත් කිරීම සහ මත්ස්‍ය තොගවල තිරසාර භාවිතය සහතික කිරීම සඳහා ප්‍රධාන වාණිජ විශේෂවල පරිහානිය නැවැත්වීම මෙන්ම තල්මසුන් නිරීක්ෂකයින් සහ නැව් මගින් තල්මසුන්ට ඇති වන බාධා අවම කිරීම මගින් සමුද්‍රීය විශාල ජීවින් ආරක්ෂා කිරීම ඇතුළත් වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා මෙසේද පැවසීය:

“තිරසාර අනාගතයක් සඳහා වන දැක්ම පිළිබඳ සාක්ෂියක් බවට හරිත ආර්ථිකයක් සඳහා අපගේ කැපවීම පත්වෙනවා. ආර්ථික සංවර්ධනය පරිසර සංරක්ෂණය සමඟ එක් කිරීම, අනාගත පරපුර වෙනුවෙන් යහපත් පෘථිවි තලයක් හිමි කර දීමට වැදගත් වෙනවා. ඒ අනුව, සොබාදහම සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව පැවසිය යුතුයි. එහි තවත් පියවරක් ලෙස 2030 වසර වන විට ලෝකයේ ගොඩබිම් සහ සාගරවලින් 30%ක් ආරක්ෂා කිරීම ඉලක්ක කරගත් ගෝලීය වැඩසටහනක් වන 30×30 වැඩසටහන අප ක්‍රියාත්මක කරනවා.

එසේම කඩොලාන පරිසර පද්ධති නැවත වගා කිරීමේ වැඩසටහන ඉතා සාර්ථක ප්‍රයත්නයක් ලෙස ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්වී තිබෙනවා. එවැනි තවත් වැඩසටහන් ගණනාවක් අප විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම බලාපොරොත්තු සහගත ඉලක්කය මගින් අප රටේ ජෛව විවිධත්වය සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් අප දක්වන කැපවීම පෙන්නුම් කරනවා. 30×30 වැඩසටහන යටතේ ඉලක්ක සපුරා ගැනීම පමණක් නොව මෙමගින් සැබෑ වෙනසක් ඇති කිරීමටත් අරමුණු කෙරෙනවා. අපගේ අද්විතීය පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් දේශීය ප්‍රජාවන්ට සහාය වීමට සහ ගෝලීය සංරක්ෂණ ප්‍රයත්නයන්ට දායක වීමට ඇති හැකියාව මෙමගින් පෙන්නුම් කෙරෙනවා. කෙසේ වෙතත්, අපට මෙම අරමුණු තනිවම සාක්ෂාත් කරගත නොහැකියි. අර්බුද සමයේදී මෙන් සෑම පාර්ශ්වයකම සහයෝගීතාව සහ හවුල්කාරිත්වය ඒ වෙනුවෙන් ඉතා වැදගත් වෙනවා.
අප සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘති සඳහා ක්‍රියාකාරීව සහභාගී වී දායක වන ලෙස ඔබට ආරාධනා කරන්නවා. ඔබේ විශේෂඥ දැනුම, නව අදහස් සහ කැපවීම ඉතා වටිනවා. අපට එකට එක්ව, විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැකියි. ඔබේ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන්, ඔබ අපගේ මෙම වැඩසටහන් වඩාත් ශක්තිමත් සහ ඵලදායී බවට පත් වෙනවා.”

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us