ස්ථීර ලෙසම රටේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරනවා ඒ වෙනුවෙන් වන ජනවරම සැප්තැම්බර් 21 දා ලබා දෙන්න

Published in පුවත්
Thursday, 15 August 2024 15:41

රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තකයක් සිදු කිරීමට තමා ආරම්කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම මෙම සැප්තැම්බර් 21 වනදා තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළේ අද (15) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිය නාම යෝජනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඒ අසළ මාර්ගය දෙපස රැස්ව සිටි ආධාරකරුවන් අමතමිනි.

මැතිවරණයක් පැවැත්වීමට තබා ආණ්ඩුව ගෙන යාමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා සිතූ රටක් වසර දෙකක් තුළ ස්ථාවර තත්ත්වයකට ගෙනවිත් ජනාධිපතිවරණය ද පැවැත්වීමට හැකි පසුබිමක් නිර්මාණය කළ තමාට රට මින් ඉදිරියට ගෙන යාමේ ශක්තිය ද ඇති බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය ක‍ළේය.

රට ආර්ථික අර්බුදයකට පත් වු අවස්ථාවේ එය විසඳීමට අත නොගැසු නායකයන් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සුදුසුදැයි ජනතාව තීරණය කළ යුතු බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා එදා ගිනි ගත් රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙන යාමට තමා කටයුතු නොකළානම් අද බංග්ලාදේශයේ ඇතිව තිබෙන තත්ත්වයට ශ්‍රී ලංකාවට ද මුහුණ දීමට සිදුවන බව පෙන්වා දුන්නේය.

රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ආර්ථිකය ඉදිරියට ගෙන විත් අද මැතිවරණයක් පැවැත්වීමට හැකි රටක් නිර්මාණය කිරීමට තමාට දායකත්වය ලබා දුන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ ඇමතිවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු ආණ්ඩුවට සහාය ලබා දුන් සියලුදෙනාටත්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ඇතුළු සියලු ආරක්ෂක අංශ සාමාජිකයන්ටත් සිය ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට, රාජ්‍ය අමාත්‍යවරන්ට මන්ත්‍රීවරුන්ට මෙන්ම ආණ්ඩුවට සහාය ලබා දුන් සියලුදෙනාට මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා.

මා මේ රට භාරගත්තේ 2022 ජූලි මාසයේදී ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය අත්පත් කරගෙන මගේ නිවස ද ගිනි තබා තිබු අවස්ථාවකයි. මැතිවරණයක් පැවැත්වීමට තබා ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි වනු ඇතැයි එදා බොහෝ දෙනා සිතුවා. නමුත් මමත්, කථානායකතුමා ඇතුළු සියලුදෙනා පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට ඉඩ තැබුවේ නැහැ. පසුව එම පාර්ලිමේන්තුව මා ජනාධිපතිවරයා ලෙස පත් කර ගනු ලැබුවා. යුද හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව එදා අපට පාර්ලිමේන්තුව ආරක්ෂා කර දුන්නා. නැත්නම් අද අපටත් බංග්ලාදේශයේ වැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙනවා.

ගිනිගත් රටක එම තත්ත්වය වළක්වාලමින් අද අප රට ඉදිරියට ගෙනවිත් තිබෙනවා. සිදු වූ විනාශයන් නැවැත්වීමට එදා විපක්ෂයේ සිටි කිසිවෙක් සහාය ලබා දුන්නේ නැහැ. ආණ්ඩුවට ඉවත්වන ලෙස පවසමින් ඔවුන් පැන ගියා. ආණ්ඩුවට පිංසිද්ධ වෙන්න අද ඔවුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. එවන් පිරිසක් ආණ්ඩුවක් භාරගැනීමට සුදුසුද කියා ඔබ තීරණය කළ යුතුයි. ඔවුන්ට රටක ප්‍රජාතන්ත්‍රවාදය භාරදිය හැකිද කියා තීරණය කළ යුතුයි.

එදා ඉන්ධන පෝලිම් තිබු රටක අද ඉන්ධන පෝලිම් නැහැ. ආහාර, ඖෂධ වෙනුවෙන් පෝලිම් තිබු රටක අද එම පෝලිම් නැහැ. දැන් ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. දැන් ජනතාවට ජීවත්විය හැකි රටක් ගොඩනඟා දී තිබෙනවා. නමුත් තවමත් ජනතාවගේ ප්‍රශ්න සම්පූර්ණයෙන් විසඳී නැහැ. ඒ පිළිබඳ මම කණගාටු වෙනවා.

එදා මේ රටේ දේශපාලන නායකයන් පැනලා ගියා. ආර්ථික ප්‍රශ්නය විසඳීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් අද අප මෙම ගැටළු විසඳමින් රට ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. රට බංකොලොත් වීමට පෙර ජනතාවට නොදුන් සහන බංකොලත් බව ප්‍රකාශ කිරීමෙන් පසුව වුවත් අප ජනතාව වෙනුවෙන් අප ලබා දී තිබෙනවා. අස්වැසුම සහ උරුමය වැඩසටහන් හරහා ජනතාවට සහන ලබාදීමට අප කටයුතු කළා. ඒ වගේම පසුගිය ජනවාරි මාසයේ රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ඉදිරි වසරේ ජනවාරි මාසයේ දී එය තවත් රුපියල් දස දහසකින් හෝ පහළොස් දහසකින් වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මධ්‍යම පන්තියේ බදු බර අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම නැවත රජයේ රැකියා ලබාදීම ආරම්භ කර තිබෙනවා. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අප කටයුතු කළා. පුද්ගලික අංශයේ වැටුප් වැඩි වී තිබෙනවා. මේ අනුව රටේ ගොඩනැඟෙමින් පවතින ආර්ථිකය අප සියලුදෙනා එක්ව ඉදිරියට ගෙන යා යුතුයි. මේ ආරම්භ කළ වැඩසටහන තවත් වසර දෙක තුනක් ඉදිරියට ගෙන ගොස් මේ රටේ ජනතාව පොහොසත් කළ හැකි නව ආර්ථිකයක් රට තුළ නිර්මාණය කරන බව කිවයුතුයි.

අද අප ආරම්භ කර තිබෙන මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් මේ රටේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරිමට මා කටයුතු කරනවා. ඒ සඳහා වූ ජනවරම මෙම සැප්තැම්බර් 21 වනදා මට ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. රටේ නව ආර්ථික පරිවර්තනයක් සිදු කර මේ රටේ ජනතාවට මෙම හොඳ අනාගතයක් ගොඩනඟා දෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහ ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන කණ්ඩායම් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp Image 2024 08 15 at 15.19.02 743e47a4 

WhatsApp Image 2024 08 15 at 15.19.01 31cb1885

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us