වැට් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කර ගෝඨාට වඩා හොඳටම අනුර කරන්න හදයි Featured

Published in පුවත්
Sunday, 18 August 2024 12:31

.''වැට් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරල ජනතාවට සතුටින් වැඩ කළ හැකි පරිසරයක් අපි නිර්මාණය කරනව. ජනතාව ඉහළ නංවනව.

රට ගොඩ නගන සැලසුම් අපි හදල ඉවරයි.අපි දැන් සැලසුම් හදල තියෙන්නෙ. රටෙ ආර්ථිකය දියුණු කරන්න. හොඳ ආදායමක් මගින් රට දියුණු කරන ක්‍රම අපි හඳුනාගෙන තියෙන්නෙ. අධ්‍යාපනයට මුල්තැන දෙමින් සියලුම ක්ෂේත්‍ර ගොඩ නගන අයුරු අපි සැලසුම් කරල ඉවරයි. මේ රට සෞභාග්‍යමත් රටක් බවට පත් කරල ජනතාවට සතුටින් ජීවත් විය හැකි රටක් අපි නිර්මාණය කරනව.ඒ සඳහා සැවොම එක්වී මෙම සැප්තැම්බර් 21 පවත්වන ජනාධිපති වරණයෙන් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරවන්නට එක්වන්න."

"රටට මේ විදියට යන්න දෙන්න බැහැ. රට දියුණු කරන්න ඕන. අපි බලයට පත්වූ පසු වංචාව,දූෂණය නතර කරනව. වංචකයින්ට දඬුවම් දෙනව. සොරාගත්ත දේපල රජයට පවර ගන්නව. ජනතාව සතුටින් තියන ආණ්ඩුවක් හදනවා. ඒ ටික කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි" ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉකුත්17 වනදා තංගල්ල නගරයේ පැවති රට අනුරට මැයෙන් පැවති ජන රැලියක් අමතමින් එසේ පැවසීය.

ලංකාව බංකොලොත් බවට පත් වීමේ මුලිකම ගැටළුව වුයේ වැට බදු ඇතුළුව බදු ගනනාවක් ලිහිල් කිරීමට ගෝඨාභය රාජපක්ෂ පාලනය කුටයුත් කිරීම නිසාය. සියයට 15 තිබු වැට් බද්ධ සියයට 8 දක්වා අඩු කරනු ලැබීය. මෙහිදී බලා පොරොත්තු වූයේ වැට් බද්ධ පාරිභෝගිකයාගෙන් අය කර ගැනීම නිසා වැට් බදු අඩු කිරීමෙන් භාණ්ඩ හා සේවා මිළ අඩු වී පාරිභෝගිකයාට සහනයක් ලැබෙනු ඇති බවය. එමෙන්ම භාණ්ඩ හා සේවා මිළ අඩු වීම මත ඉල්ලුම් වැඩි වීම තුළ නිශ්පාදනය වැඩි වී රටේ ආර්ථිකයට සීග්‍ර වර්ධනයකට ලක් වනු ඇති බවය.

වැට් බද්ධ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම තුළ අනුර කුමාර හෝ අනුර කුමාරට ආර්ථිකය ගැන උපදෙස් දෙන එම පක්ෂයේ ආර්ථික විශේෂඥයන් කියන අය බලාපොරොත්තු වන්නේද ගෝඨාභය බලාපොරොත්තු වූ දෙයමය විය හැකිය.

එහෙත් ගෝඨාභය බලාපොරොත්තු වූ කිසිවක් සිදු වූයේ නැත. භාණ්ඩ හා සේවා මිල අඩු වූයේ නැත. ව්‍යාපාරිකයන් එහි වාසිය අත්පත් කර ගත්තේය. නමුත් රාජ්‍ය බදු ආදායම් අඩු වීම මත රජයට මුහුණ දීමට සිදුවු ගැටළු එකින් එක පැටව් ගසමින් රජය පවත්වාගෙන යාමේ අර්බුදයක් දක්වා වර්ධනය විය. භාණ්ඩ හිඟයන් නිර්මාණය වී පෝලිම් යුගයක් නිර්මාණය විය. රට අවසානයේ බංකොලොත් විය.

වැට් බදු කපා හැරීම සිදු වෙනවා නම් ඒ අහිමි වන ආදායම රජය අත්පත් කර ගන්නා වෙනත් මාර්ගයක් තිබිය යුතුය. එනම් වැට් වෙනුවට වෙනත් බදු පැනවීමක් සිදු කළ යුතුය. නැතිනම් රජය ව්‍යාපාරයන් සිදු කරමින් ආදායම් උපදවා ගත යුතුය. නමුත් මේවා ගැන අනුරත් ඔවුන්ගේ වියත් මඟ කණ්ඩායමවත් කිසිවක් සඳහන් කරන්නේ නැත. තමන්ට සැලසුම් තිබෙනවා කියනවා හැර මේ සැලසුම් මොනවාද එමඟින් රාජ්‍ය ආදායම් කෙසේ වර්ධනය කර ගන්නවාද කියන්නේ නැත.

මේ අනුව වැට් බදු මුළුමනින්ම කපා හරින බව, තමන්ගේ වහල් පාක්ෂිකයන් චූන් කරන්න, මුග්ධ ඡන්දදායකයාගේ ඡන්දය කොල්ල කෑමට පහසු ජනප්‍රිය ප්‍රකාශයකට වඩා දෙයක් නොවේ. උගත්කමක් බුද්ධියක් වාමාංශික දේශපාලනික පරිචයක් තියෙනවා කියන අනුර වැන්නෙකුට, මහා වියතුන් තොගයක් සිටිනවා කියන ජාජබයටත් මෙවැනි තුට්ටු දෙකේ ජනප්‍රිය සිල්ලර දේශපාලනයකට ඇද වැටීමට සිදු වීම අතිශය කණගාටු දායක තත්වයකි.

මේ නිසා ගෝඨා පාලනයේ මුග්ධ තීන්දු තීරණ නිසා රට අර්බුදයකට ගොදුරු බව හෝ කල්පනාවට ගැනීමට තරම් නොහැකියාවකින් පෙලෙන්න මේ ජාජබයට රටේ පාලනය දවස් පහකට හෝ ලැබුණොත් විය හැකි විනාශය ගනනය කිරීමටවත් නොහැකි වෙනු ඇත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us