විපක්ෂය උගුලක. IMF කොන්දේසි වෙනස් කොළොත් රාජ්‍ය සේවකයන්ට වැඩි පඩි නැහැ.   Featured

Published in පුවත්
Sunday, 18 August 2024 23:23

රාජ්‍ය සේවකයන්ට 2025 සිට වැටුප් වැඩි වෙන්නෙ IMF ගිවිසුම අනුව බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත. ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපාදන මත වසර තුනක් පුරා ක්‍රියාත්මක වන පරිදි, සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක දීමනාවක් වසර තුනක් පුරා නොකඩවා ලබා දෙන බවත්, පහළම ශ්‍රේණියේ රාජ්‍ය සේවකයකුට අවම වැටුපක් ලෙස රුපියල් 55,000ක් හෝ ඊට වැඩි මුදලක් ලබා දෙන බවත්, මූලික වැටුප 24%-35% අතර ප්‍රමාණයකින් වැඩි කරන බවත්, 2025, 2026, 2027 වර්ෂ සඳහා මුදල් ප්‍රතිපාදන (IMF) මගින් සපයන බවත් බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

IMF සමඟ ඇති ගිවිසුම අනුව කැබිනට් මණ්ඩලය මගින් අනුමත වූ මෙම වැටුප් වැඩි කිරීමේ යෝජනාව කුමන ආණ්ඩුවක් පැවතුනත් ක්‍රියාත්මක කළ යුතු බව ද ඇමතිවරයා පවසයි..

මේ අනුව, මුල්‍ය කළමනාකරණයේදී රාජ්‍ය ණය පාලන පනත, මූල්‍ය කළමනාකරණ වගකීම් පනත, ආර්ථික පරිවර්තන පනත, නව ශ්‍රී ලංකා මහ බැංකු පනත, සහ දූෂණ විරෝධී පනත යන පනත්වල ප්‍රතිපාදන අනුව රජය කටයුතු කළ යුතුය.

ඇමැතිවරයා සඳහන් කරන මෙම කාරණය අනුව බරපතල අර්බුදයකට පත්ව ඇත්තේ විපක්ෂ කණ්ඩායම්ය.

සජබය සහ ජාජබය විසින් තමන් බලයට පැමිණිය හොත් IMF ගිවිසුම වෙනස් කරන බවටත්, එහි එකඟතා අනුව වන වර්තමාන බදු පැනවීම වෙනස් කර ලිහිල් කරන බවත් ආර්ථික ප්‍රතිපත්ති හා අණ පනත් වෙනස් කරන බවත් මේ වන තෙක්ම සහතික කර පවසමින් තිබිණි. යම් ලෙසකින් ඒකපාර්ශ්විකව එවැනි වෙනස් කිරීමක් සිදු කළහොත් මුලින්ම IMF ගිවිසුම කඩ කිරීමක් වන අතර එම සංවිධානය රටට ලබා දෙන සහනයන් නතර කරනු ඇත. ඒ අනුව යෝජිත රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමේ කැබිනට් තීන්දුව ද අහෝසි වේ.

මෙම වසර තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමකට ප්‍රමාණවත් නැත. එම නිසා මෙම වසරේ වැටුප් වැඩි කිරීමක් කිසිසේත් සිදු කළ නොහැකි බව රු 25,000 ක වැටුප් ඉල්ලා ජවිපෙ මූලිකත්වයෙන් සිදු කළ වර්ජනය දියත්ව තිබු මොහොතේ ජනාධිපති රනිල් සෘජුව සඳහන් කර තිබිණි. එමෙන්ම වැටුප් වැඩි කිරීමක් සඳහා අමතර බදු පැනවීමක්ද සිදු කිරීමට සිදු වන බව ආර්ථික විශ්ලේෂකයන් පවා පෙන්වා දී තිබිණි.

ඒ අතර පසුගියදා රාජ්‍ය සේවක වැටුප් 2025 ජනවාරියේ සිට වැඩි කිරීමට රජය තීරණය කිරීම විවාදාත්මක විය. ඒ සඳහා රජයට ආදායම් ලැබෙන්නේ කෙසේ දැයි ප්‍රශ්නකාරී විය. ඇමැති බන්දුල සිදු කර ඇති ප්‍රකාශයෙන් එම ගැටළුව රජය විසඳා ගෙන තිබෙන ආකාරය පැහැදිලිය. නමුත් විපක්ෂය කිසි විටෙක තමන් මේ සඳහා මුදල් සොයා ගන්නා ආකාරය පැහැදිලි කර නොමැත.

මේ අනුව විපක්ෂ කණ්ඩායමක් බලයට පැමිණියත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා බදු වැඩි කිරීමකින් හැර අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ හැකියාවක් කිසිසේත්ම නැත.

එම තත්වය තුළ ඔවුන්ටත් සිදු වන්නේ IMF ගිවිසුම් අනුව කටයුතු කරමින් වැටුප් වැඩි කිරීම වෙනුවෙන් එම අරමුදල් අත්පත් කර ගැනීමය. ඒ අනුව විපක්ෂයට කටමැත දෙඩවීම් පසෙකලා තව දුරටත් IMF ගිවිසුම අනුව කටයුතු කිරීමට සිදු වේ.

ඔවුන් දැනටමත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බවට පොරොන්දු දී ඇති බැවින් රජයට මුදල් නොමැති බව පවසා ඒ මඟ හැරිය නොහැක. ඒ වෙනුවෙන් වැඩ වර්ජන මෙහෙය වීමද ඔවුන් සිදු කර තිබිණි. එසේම එම වැඩ වර්ජන රැල්ල අත් හිටවූවේ ද මේ විපක්ෂ බලයට පැමිණීමෙන් පසුව ඒ ලබා දෙන පොරොන්දුව මතය. ඒ අතර IMF ගිවිසුම වෙනස් කර ජනතාව පීඩාකාරී ආර්ථිකයෙන් මුදවා ගන්නා බවට බවට සපත කිරීමද කර ඇත.

මේ අනුව විපක්ෂය දැන පත්ව ඇත්තේ සිටින්නේ ගෙදර ගියොත් අඹු නසි, මඟ සිටියොත් තෝ නසී තත්වයකටය. දැන් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් IMF ගිවිසුම රැකීමට විපක්ෂයට සිදු වන අතර එයින් ඉවත් වුවහොත් සජබ හෝ ජාජබ ආණ්ඩුවක පැවැත්ම රාජ්‍ය සේවකයන් විසින් තීරණය කරනු ඇත. විපක්ෂය මේ හඹකේ සිර කළේ ජනාධිපති රනිල්ය. නමුත් ඒ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙනි. රාජ්‍ය සේවකයා වෙනුවෙනි.

මේ අනුව ඉදිරි ජනාධිපතිවරණයට පෙර මෙම ගිවිසුමෙන් ඉවත් වෙනවාද නැද්ද යන්න ගැන මේ විපක්ෂ පක්ෂ දෙක රාජ්‍ය සේවකයාට පැවැසිය යුතුය. ඔවුන්ගේ ඡන්දය ඒ අනුව ලැබෙන නොලැබෙන බව තීරණය වෙනු ඇත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us