රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් ගැන බන්දුලගෙන් පැහැදිලිකිරීමක් Featured

Published in පුවත්
Tuesday, 20 August 2024 09:17

රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් පිලිබඳ රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ, අනුව 24%ත් 25%ත් අතර ප්‍රමාණයකින් සියලු රජයේ සේවකයන්ගේ මූලික වැටුප ජනවාරියේ සිට ඉහළට යන බවත්ය.

“කැබිනට් අනුමැතිය ලැබූ රාජ්‍ය සේවක වැටුප් වර්ධක යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපාදන මත වසර තුනක් නොවෙනස්ව පවතිනවා. කුමන රජයක් පැවතුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා මත එය ක්‍රියාත්මක විය යුතුයි. අය-වැය වෙනුවෙන් මේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. එයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. නමුත් ඇතැම් මාධ්‍ය මෙය නිවැරදිව ප්‍රචාරය කර නෑ.” යනුවෙන් රජයේ කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

“කැබිනට් මණ්ඩලයේදී ජීවන වියදම් පිළිබඳ සිදු කළ ප්‍රකාශය වැරදි ආකාරයට සමාජගත වෙනවා නම් එය නිවැරදි කරන්න කැබිනට් ප්‍රකාශක වශයෙන් මට යුතුකමක් සහ වගකීමක් තිබෙනවා. දීර්ඝ කාලයක් මූලික වැටුප ගළපලා නැති නිසා මූලික වැටුප ඉහළ නැංවීම සහ රුපියල් 25,000 බැඟින් ජීවන වියදම් දීමනාව වසර තුනක් නොකඩවා දෙන බවට යෝජනාවක් තිබුණා.

මේ තීරණ මම දැනුම් දුන් පසු හිතවත් මාධ්‍ය ආයතන එහි කොටසක් පමණක් සමාජගත කර තිබෙනවා. එහිදී බොහෝ අය සඳහන් කළේ මූලික වැටුප ගැන නොව රුපියල් 25,000ක් වැඩි කිරීම පිළිබඳ පමණයි.

ආණ්ඩුකරණය සහ දේශපාලනය කිරීම යනු කරුණු දෙකක්. මේ වන විට මුදල් අමාත්‍යාංශය අය-වැය ලේඛනය සකස් කරමින් තිබෙනවා. ඒවාට ඇතුළු කිරීමට කැබිනට් මණ්ඩල නිවේදනය නිවැරදි විය යුතුයි. සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක දීමනාවක් සංශෝධනය නොකොට වසර තුනක් පුරාවට දීම සිදු වෙනවා.

හදිසියේම ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්. - දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි.

දෙවනුව මූලික වැටුප සංශෝධනය වී නැතිනම් සියයට 255.35 අතර ප්‍රමාණයකින් වැඩි වෙනවා. පහළම සේවකයන්ට අවම වශයෙන් මසකට රුපියල් 55,000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙනවා.

2027 දක්වා අය-වැය සඳහා හිඟ වන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය දීමට කටයුතු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්. ඒ සඳහා එකඟතා ලේඛනවලට අත්සන් කර තිබෙනවා.

කවුරුන් ආණ්ඩු බලය හෙබවුවත් මූල්‍ය අරමුදල විසින්ම සංශෝධනය කළේ නැත්නම් මූල්‍ය අරමුදලේ කටයුතු එලෙසින්ම සිදු වෙනවා. වැටුප් වර්ධක යෝජනාව මූල්‍ය අරමුදලෙන් සපයා ගන්නා නිසා මේ යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ මේ වැටුප් ගෙවීමට මුදල් තිබෙන නිසයි. මූල්‍ය කළමනාකරණ වගකීම් පිළිබඳ පනතක් තිබෙනවා.

මම කරන්නේ රාජකාරියක්. ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යෑම පිළිබඳව තීන්දු තීරණ ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත්, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාත්, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් වන අප සැම දෙනාත් සතියකට වරක් රැස් වෙනවා. එම රැස්වෙන අවස්ථාවේදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන් කැබිනට් පත්‍රිකා න්‍යාය පත්‍රයට අනුව සාකච්ඡා වෙනවා. එසේ සාකච්ඡා වන කැබිනට් පත්‍රිකා රහස්‍ය ලේඛන ලෙස සැලකෙනවා. ඒවා එළියට රැගෙන යෑමක් සිදු වන්නේ නෑ. ගනු ලබන කැබිනට් තීරණය ඊට පසුව එන කැබිනට් මණ්ඩලයේදී තමයි ස්ථිර එකක් බවට පත් වන්නේ. විශේෂ අවස්ථාවලදී හැර එකී තීරණ කැබිනට් ලේකම්වරයා විසින් නිල වශයෙන් ඒ ඒ අමාත්‍යාංශවල ලේකම්වරුන්ට ගනු ලැබූ තීරණවල පිටපත් යවනවා. ඒ සඳහා කැබිනට් ලේකම් කාර්යාලය තිබෙනවා.

කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමෙන් පසු රටේ ජනතාවට වැදගත් විය හැකි කරුණු පිළිබඳව දැනුම් දීමට කැබිනට් ප්‍රකාශකවරයෙක් ඉන්නවා. අප ඒ අනුව වැදගත් කොටස් ජනතාවට දැනුම් දුන්නා. එම කටයුත්ත ගුණාත්මක වශයෙන් පවත්වාගෙන යෑමට මාධ්‍යවේදීන් වගකීමකින් යුතුව කටයුතු කළා. නමුත් මම කරනු ලැබූ ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූලික රාජ්‍ය භාෂා වන සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ඉදිරිපත් කරනවා. කැබිනට් ප්‍රකාශන වනාහි ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ පෞද්ගලික ප්‍රකාශනයක් නොවෙයි.

2048 වනවිට දුප්පත්කම පිටුදැක ජනතාව උසස් තත්ත්වයකට ගෙන ඒම සඳහා ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 20,000 ඉක්මවන තත්ත්වය ඇති කර ගැනීමට ගමන් කළ යුතු ආර්ථික වැඩපිළිවෙළ නීතියක් බවට පත් කර තියෙනවා. වැරදි මැඬපැවැත්වීමට දූෂණ විරෝධී පනතක් සම්මත කර තිබෙනවා. මින්පසු කවුරුන් මේ රටේ ජනාධිපති වුවත් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරනවා නම්, පාර්ලිමේන්තුවේ සම්මත කළ නීතියට ගරු කරනවා නම් රාජ්‍ය කළමනාකරණයේදී ප්‍රධාන පනත් පහක නියමයන් පිළිපැදිය යුතු වෙනවා. සල්ලි අච්චු ගහන්න බැරි ශ්‍රී ලංකා මහ බැංකු පනත, අවශ්‍ය ලෙස ණය ගන්න බැරි ණය පාලන පනත, කැමැති කැමැති ලෙස අය-වැය හදන්න බැරිවෙන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත, ආර්ථික ප්‍රතිපත්තියේ ගමන් කළ යුතු දිසාව ආර්ථික පරිවර්තන පනත, දූෂණ විරෝධී පනත කියලා පංචායුධයක් පාර්ලිමේන්තුව විසින් සකස් කරදී තිබෙනවා ජනතාවගේ ආරක්ෂාවට.

රටේ ජනතාව දේශපාලන වශයෙන් මේ වේලාවේ තීරණාත්මක අවස්ථාවක ඉන්නේ. කුමන දේශපාලන පක්ෂයකට අයිති වුණත්, කුමන දේශපාලන මතයක් දැරුවත්, රට කතා කළ යුත්තේ මේ රට නිදහසින් පසුව දරුණුම අගාධයට වැටී තිබූ අවස්ථාවේදී එයින් බේරී ඊට පසුව රට තිබූ තැනින් හුස්ම ගන්න තබන තත්ත්වයට පත් කර නැවත එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න සෑම මනුෂ්‍යයෙක්ම කතා කළ යුතුයි. දයාසිරි ජයසේකර මහතා වැනි උගත් නීතිඥයන් සමඟ මේ අණපනත් පහ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම තමයි වැදගත් වන්නේ. ඉහත සඳහන් කළ පනත් පිළිබඳව අපි සාකච්ඡා කරමු. එකතු වෙමු. ඒ සඳහා සියලුම දේශපාලන නායකයන්ට ආරාධනා කරනවා.”පිලිබඳ රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ, සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක දීමනාවක් වසර තුනක් පුරා හිමි වන බවත්, පහළම සේවකයන්ටත් අවම වශයෙන් මසකට රුපියල් 55,000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් හිමි වන බවත්ය.

ඒ, අනුව 24%ත් 25%ත් අතර ප්‍රමාණයකින් සියලු රජයේ සේවකයන්ගේ මූලික වැටුප ජනවාරියේ සිට ඉහළට යන බවත්ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් පිලිබඳ මෙලෙස අදහස් දැක්වීය.

“කැබිනට් අනුමැතිය ලැබූ රාජ්‍ය සේවක වැටුප් වර්ධක යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපාදන මත වසර තුනක් නොවෙනස්ව පවතිනවා. කුමන රජයක් පැවතුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා මත එය ක්‍රියාත්මක විය යුතුයි. අය-වැය වෙනුවෙන් මේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. එයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. නමුත් ඇතැම් මාධ්‍ය මෙය නිවැරදිව ප්‍රචාරය කර නෑ.” යනුවෙන් රජයේ කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

“කැබිනට් මණ්ඩලයේදී ජීවන වියදම් පිළිබඳ සිදු කළ ප්‍රකාශය වැරදි ආකාරයට සමාජගත වෙනවා නම් එය නිවැරදි කරන්න කැබිනට් ප්‍රකාශක වශයෙන් මට යුතුකමක් සහ වගකීමක් තිබෙනවා. දීර්ඝ කාලයක් මූලික වැටුප ගළපලා නැති නිසා මූලික වැටුප ඉහළ නැංවීම සහ රුපියල් 25,000 බැඟින් ජීවන වියදම් දීමනාව වසර තුනක් නොකඩවා දෙන බවට යෝජනාවක් තිබුණා.

 මේ තීරණ මම දැනුම් දුන් පසු හිතවත් මාධ්‍ය ආයතන එහි කොටසක් පමණක් සමාජගත කර තිබෙනවා. එහිදී බොහෝ අය සඳහන් කළේ මූලික වැටුප ගැන නොව රුපියල් 25,000ක් වැඩි කිරීම පිළිබඳ පමණයි.

ආණ්ඩුකරණය සහ දේශපාලනය කිරීම යනු කරුණු දෙකක්. මේ වන විට මුදල් අමාත්‍යාංශය අය-වැය ලේඛනය සකස් කරමින් තිබෙනවා. ඒවාට ඇතුළු කිරීමට කැබිනට් මණ්ඩල නිවේදනය නිවැරදි විය යුතුයි. සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක දීමනාවක් සංශෝධනය නොකොට වසර තුනක් පුරාවට දීම සිදු වෙනවා.

දෙවනුව මූලික වැටුප සංශෝධනය වී නැතිනම් සියයට 255.35 අතර ප්‍රමාණයකින් වැඩි වෙනවා. පහළම සේවකයන්ට අවම වශයෙන් මසකට රුපියල් 55,000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙනවා.

2027 දක්වා අය-වැය සඳහා හිඟ වන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය දීමට කටයුතු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්. ඒ සඳහා එකඟතා ලේඛනවලට අත්සන් කර තිබෙනවා.

 කවුරුන් ආණ්ඩු බලය හෙබවුවත් මූල්‍ය අරමුදල විසින්ම සංශෝධනය කළේ නැත්නම් මූල්‍ය අරමුදලේ කටයුතු එලෙසින්ම සිදු වෙනවා. වැටුප් වර්ධක යෝජනාව මූල්‍ය අරමුදලෙන් සපයා ගන්නා නිසා මේ යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ මේ වැටුප් ගෙවීමට මුදල් තිබෙන නිසයි. මූල්‍ය කළමනාකරණ වගකීම් පිළිබඳ පනතක් තිබෙනවා.

මම කරන්නේ රාජකාරියක්. ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යෑම පිළිබඳව තීන්දු තීරණ ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත්, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාත්, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් වන අප සැම දෙනාත් සතියකට වරක් රැස් වෙනවා. එම රැස්වෙන අවස්ථාවේදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන් කැබිනට් පත්‍රිකා න්‍යාය පත්‍රයට අනුව සාකච්ඡා වෙනවා. එසේ සාකච්ඡා වන කැබිනට් පත්‍රිකා රහස්‍ය ලේඛන ලෙස සැලකෙනවා. ඒවා එළියට රැගෙන යෑමක් සිදු වන්නේ නෑ. ගනු ලබන කැබිනට් තීරණය ඊට පසුව එන කැබිනට් මණ්ඩලයේදී තමයි ස්ථිර එකක් බවට පත් වන්නේ. විශේෂ අවස්ථාවලදී හැර එකී තීරණ කැබිනට් ලේකම්වරයා විසින් නිල වශයෙන් ඒ ඒ අමාත්‍යාංශවල ලේකම්වරුන්ට ගනු ලැබූ තීරණවල පිටපත් යවනවා. ඒ සඳහා කැබිනට් ලේකම් කාර්යාලය තිබෙනවා.

කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමෙන් පසු රටේ ජනතාවට වැදගත් විය හැකි කරුණු පිළිබඳව දැනුම් දීමට කැබිනට් ප්‍රකාශකවරයෙක් ඉන්නවා. අප ඒ අනුව වැදගත් කොටස් ජනතාවට දැනුම් දුන්නා. එම කටයුත්ත ගුණාත්මක වශයෙන් පවත්වාගෙන යෑමට මාධ්‍යවේදීන් වගකීමකින් යුතුව කටයුතු කළා. නමුත් මම කරනු ලැබූ ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූලික රාජ්‍ය භාෂා වන සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ඉදිරිපත් කරනවා. කැබිනට් ප්‍රකාශන වනාහි ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ පෞද්ගලික ප්‍රකාශනයක් නොවෙයි.

2048 වනවිට දුප්පත්කම පිටුදැක ජනතාව උසස් තත්ත්වයකට ගෙන ඒම සඳහා ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 20,000 ඉක්මවන තත්ත්වය ඇති කර ගැනීමට ගමන් කළ යුතු ආර්ථික වැඩපිළිවෙළ නීතියක් බවට පත් කර තියෙනවා. වැරදි මැඬපැවැත්වීමට දූෂණ විරෝධී පනතක් සම්මත කර තිබෙනවා. මින්පසු කවුරුන් මේ රටේ ජනාධිපති වුවත් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරනවා නම්, පාර්ලිමේන්තුවේ සම්මත කළ නීතියට ගරු කරනවා නම් රාජ්‍ය කළමනාකරණයේදී ප්‍රධාන පනත් පහක නියමයන් පිළිපැදිය යුතු වෙනවා. සල්ලි අච්චු ගහන්න බැරි ශ්‍රී ලංකා මහ බැංකු පනත, අවශ්‍ය ලෙස ණය ගන්න බැරි ණය පාලන පනත, කැමැති කැමැති ලෙස අය-වැය හදන්න බැරිවෙන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත, ආර්ථික ප්‍රතිපත්තියේ ගමන් කළ යුතු දිසාව ආර්ථික පරිවර්තන පනත, දූෂණ විරෝධී පනත කියලා පංචායුධයක් පාර්ලිමේන්තුව විසින් සකස් කරදී තිබෙනවා ජනතාවගේ ආරක්ෂාවට.

රටේ ජනතාව දේශපාලන වශයෙන් මේ වේලාවේ තීරණාත්මක අවස්ථාවක ඉන්නේ. කුමන දේශපාලන පක්ෂයකට අයිති වුණත්, කුමන දේශපාලන මතයක් දැරුවත්, රට කතා කළ යුත්තේ මේ රට නිදහසින් පසුව දරුණුම අගාධයට වැටී තිබූ අවස්ථාවේදී එයින් බේරී ඊට පසුව රට තිබූ තැනින් හුස්ම ගන්න තබන තත්ත්වයට පත් කර නැවත එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න සෑම මනුෂ්‍යයෙක්ම කතා කළ යුතුයි. දයාසිරි ජයසේකර මහතා වැනි උගත් නීතිඥයන් සමඟ මේ අණපනත් පහ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම තමයි වැදගත් වන්නේ. ඉහත සඳහන් කළ පනත් පිළිබඳව අපි සාකච්ඡා කරමු. එකතු වෙමු. ඒ සඳහා සියලුම දේශපාලන නායකයන්ට ආරාධනා කරනවා.”

-P.M

Leave a comment

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us