ලෝකයේ විශාලතම රතු ගඩොල් දේවස්ථානය

Wednesday, 10 September 2014 10:51

red-curchප්‍රංශයේ දකුනු දිශාවේ ස්පාඥ උතුරු දේශ සීමාවට ආසන්නව මිදි පිරනේ ලෙස හඳුන්වන සුන්දර කදු වැටි වලින් අඩක් වසා ගත් ලැන්ගුසුඩොක් රුස්ලෝන් හා මිදි පිරනේ යන පරිපාලන පලාත් දෙක හරහා ගලා යන කි:මි: 381 දිග නිල්වන් ත්‍රාන් ගංඟාව දෙපසට එක්වූ  තුලූස් යනුවෙන් හදුන්වන දකුනු දිග ප්‍රංශයේ සුප්‍රසිද්ධ නගරයට කි:මි: 60ක දුරින් පිහිටි පෞරානික මෙන්ම ඉතිහාසාත්මක වටිනාකමක් ලෝකයට එක්කර ඇති සුන්දර නගරයකි ඇල්බි. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනේස්කෝ ආයතනය විසින් ලැයිස්තු ගත කොට ඇති පෞරානික වස්තූන් අතරට එක්වන මෙම නගරය හරහා ගලා යන ත්‍රාන් නම් ගංඟාව ඇල්බි නගරයට අසල්වැසි ගම්මාන 15කට පමන දිය පහස ලබා දෙමින් ඊට නුදුරින් පිහිටා ඇති ලෝකයේ විශ්මිත නිපැයුමක් ලෙස හදුන්වන ලෝකයේ උසම පාලම සිටුවා ඇති දැවැන්ත කොන්ක්‍රීට් පාද අතරින් මධ්‍යධරණි මුහුදට ගලා බසී. 

මෙවැනි පරිසරයක පිහිටි මෙම සුන්දර ග්‍රාමයේ රතු ගඩොලින් නිමවූ ලෝකයේ විශාලතම හා පැර‚ පුජ්‍ය  කතෝලික දේවස්ථානයක් පිහිටා තිබේ. 


දෙවන හා සිව්වන සියවසට අයත් වර්ෂ 1282 දී ආරම්භ කර වර්ෂ 1480 දී අවසන් කල දිග මීටර 113ක්, පළල මීටර 35ක්, උස මීටර 78 ලෙස ගනනය කර ඇති සම්පූර්නයෙන්ම රතු ගඩොලින් අවසන් කල මෙම දේවස්ථානය රෝමානු කතෝලික ගෘහ නිර්මාණයේ ආරම්භක අවස්ථාව පිලිබිඹු කරන අතරම කතෝලික ඕර්තඩොක්ස් ගෘහ නිර්මාණයන්ගෙන් දේවස්ථානයේ ඇතුලත අලංකාරමත් කොට ඇත්තේය. 


පෞරානික මෝස්තරයන්ගෙන් හැඩ ගැන්වූ සියලූම කැටයම් ගොතික් කලා ශිල්පයට අයත්වේ. ගොතික් කලා ශිල්පය ප්‍රංශයේ ආරම්භක ගෘහ නිර්මාණයේ ප්‍රධාන තැන ගත් හා එකල ප්‍රසිද්ධ මෝස්තර ශිල්පය ලෙස ප්‍රංශ ඉතිහාසයට එක්වේ. 


දේවස්ථානයට යාබදව පිහිටා ඇති ඛෙර්බි මන්දිරයද එම සියවසටම අයත් යුනේස්කෝ පුරා වස්තුවක් වන මෙම මන්දිරය අද වන විට කෞතුකාගාරයක් බවට පත්කර ඇත්තේය. 


18 හා 19 වන සියවසේ ප්‍රංශයේ ජීවත්වූ චිත්‍ර කලාවට දක්ෂ එම ශිල්පයේ ප්‍රවීනයෙක්වූ හෙන්රි ඩේ තුලූස් ලූට්රෙක් ශිල්පියාගේ මන බන්ධන පැර‚ චිත්‍ර වලින් ඉහත කෞතුකාගාරය වර්නවත්වී කලා කෞතුකාගාරයක් බවට පත්වී ඇත. 


මේ වටා පිහිටි බොහෝ ගොඩනැගිලි රතු ගඩොලින් නිමා කල රතු ගඩොල් ග්‍රාමයත් ; ගම මැදින් ගලා බසින ත්‍රාන් ගංඟාවේ දෙවුර එක් කළ එම ගඩොලින් නිමවූ දැවැන්ත ආරුක්කු හැඩැති පාලම් ඇල්බි ගම එක් කොට රතු පාට පරිසරයක් මුළු ගමටම එක් කොට ඇත්තේය. 


ගම වටා සංචාරය දෙවන සිව්වන සියවසේ පරිසරයක සිරියාව මතකයට එක් කරයි. 


කිතුනු දහම් ඉතිහාසයේ පුජ්‍යත්වයෙන් සලකන හා කිතුනු සංගීතයේ මව් ලෙස සලකන කිතුනුවන්ගේ පිදුම් ලබන සෙන්ට් ෂිසිලියා  නම් ශූද්ධවූ කන්‍යා තුමියගේ නමින් මෙම දේවස්ථානය නම් කර ඇත්තේය. එතුමියගේ ජීවිත කථාව තුල  ඇල්බි ග්‍රාමය ඇයගේ තුරුනු විය පසුකල සුවිශේෂි ස්ථානයකි. 


මෙම දේවස්ථානයේ පූජාවන් හා එක්වෙන ගීතිකා ඇගේ සංගීතයේ සියුම් මිහිරි ස්වරයන් දේවස්ථානය තුල දෝංකාර  වුයේය. ඒඑදාය. අද ද එම මිහිරි හඬ බිත්ති මත එල්ලා ඇති ශබ්ද පෙට්ටි තුලින් ශ්‍රවනය කල හැක්කේය. 


මෙම සියලූ කරුනු හේතු කොට ඉහත කිතුනු දේවස්ථානය බොහෝ දෙනාගේ ගෞරවයටත් වැදුම් පිදුම් ලැබීමටත් පාත්‍රවී ඇත්තේය. දේවස්ථානයට හිමි ඵෙතිහාසික පුරාණය හේතු කොට බොහෝ සංචාරකයෝ මෙහි පැමිනෙති.


ආරුක්කු හැඩති රතු පාළම්, එක ගොඩට ගොඩ නැගුනු රතු මහල් නිවාස  හා දේවස්ථානය අසලින් ගලා බසින ත්‍රාන් ගංතෙර දෙපස ඉවුර මත පිය නගන දියනිය ''තාත්ති මේ පැත්තේ හුස්ම ගන්න හරි පහසුයි නේද? ඒ කිව්වේ පුතේ ? පැරීසියේ වගේ නෙමෙයිනේ. ඒක මට දැනුනා පුතේ. මම ආශයි මෙහේ ඉන්න. ඒ මොකද? මෙහේ පිරිසිදු ඔක්සිජන් තියෙනවා. ඒක නම් ඇත්ත පුතේ. දියනිය සමග නිවාඩුවක් ගත කල දින දෙක තුනක් පිරිසිදු ඔක්සිජන් ආශ්වාස ප්‍රශ්වාස ලැබූ මම දියනිය විදුහලේ තනි කොට අධිවේගයෙන් පැරීසියට පැමිනියෙමි


(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

unnamed

unnamed 1

unnamed 2

unnamed 3

 

unnamed 4

unnamed 6

unnamed 7

unnamed 8

unnamed 9

 

 

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us