ගිං ගග ඇතුළු ගංගා කිහිපයක් පිටාර මට්ටමට ! අවදානම් දිස්ත්‍රික්ක කිහිපයකට රතු එළි Featured

Published in පුවත්
Wednesday, 21 August 2024 11:12

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් තිස්දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඔවුන් දිස්ත්‍රික්ක 7 කට අයත් වනවා.

මේ අතර ගිං ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඉදිරි පැය 48 අවදානම් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේත් ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති වන බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හමුවේ ගිංග ගගේ ජලය පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

තවලම / නෙලුව / ලංකාගම හා නියාගම යන ප්‍රදේශවලට වැඩිම වර්ෂාපතනයක් ඇද හැලි ඇති බවයි වාර්තා වන්නේ.

නෙලුව / තවලම / නාගොඩ / නියාගම / වැලිවිටිය – දිවිතුර / ඇල්පිටිය / අක්මීමණ / බද්දේගම සහ බෝපේ – පොද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගිං ගග නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අගවනවා.

මෙම ප්‍රදේශවල ජනතාව ඉදිරි පැය 48 තුළ අවදානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තු දැනුම් දෙනවා.

ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබි ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රදේශයටයි.

එය මිලි මීටර 85යි දශම 5ක්. අධික වැස්සත් සමග කුකුලේ ගග වාන් දොරටු විවෘත කර ඇති අතර ඉන් තප්පරයට ඝන මීටර 200ක පමණ ජල ධාරිතාවක් කුඩා ගගට මුදා හැරෙනවා.

මේ අනුව බුලත්සිංහල හා අවට පහත්බිම් වල ජනතාවට අවදානයෙන් සිටින ලෙස බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම් දෙනවා.

මේ වන විටත් කුඩා ගග පිටාර ගැලීමෙන් බුලත්සිංහ මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

බුලත්සිංහල කළුතර ප්‍රධාන මාර්ගයේ ප්‍රදේශ කිහිපයක් ද ජලයෙන් යටවී ගමනාගමනය ඇණහිට ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

ගඟ පහළ ප්‍රදේශ යටවී ඇති අතර ගම්පහ ගනේමුල්ල සහ ගම්පහ ජාඇළ ප්‍රධාන මාර්ග කිරිදිවිට ප්‍රදේශයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

නාත්තන්ඩිය මහවැව ප්‍රදේශයේ ගම්මාන රැසක් ජලයෙන් යටවීමෙන් විශාල පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා. මැදඔය / මුට්ටිබැදිවිල / යටකලාන / ගල්අමුණු කුඩාවැව / මහවැව / ලුනුඔය / මැදපිටිය ආදී ප්‍රදේශයයි ජලයෙන් යටවී තිබෙන්නේ.

දැවැන්ත ගසක් කඩා වැටීම හේතුවෙන් හලාවත පුත්තලම දුම්රිය ගමනාගමනය ඇණ හිටියා.

අළුයම 4.30ට පුත්තලමේ සිට පානදුර බලා ධාවනය වන දුම්රිය ගස කඩා වැටී ඇති ස්ථානයේ නතර කර ඇති ආකාරයයි දක්නට ලැබුණේ. කොළඹ සිට පුත්තලම දක්වා ධාවනය වීමට නියමිතව තිබු කාර්යාලයීය දුම්රිය මේ අනුව හලාවත දක්වා පමණක් ධාවනය කෙරුණා.

මේ අතර නායයාම් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට පැනවු ඉවත් වීමේ රතු නිවේදන මේ වන විට ඉවත් කර තිබුණ ද එම ප්‍රදේශවල ජනතාව අවදානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

අද දිනයේ ද බස්නාහිර හා සබරගමුව ප්‍රදේශ ඇතුලු ස්ථාන රැසකට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
තැපැල් ඡන්ද ප්‍රකාශ කරන දිනයට පෙර එම පත්‍රිකාවල පළමු කොටස මැතිවරණ කොමිසමට භාරදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පවසයි.

-P.M

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us