දැනටම මාලිමා ත්‍රස්තවාදයක් බිහිවෙලා Featured

Published in පුවත්
Wednesday, 04 September 2024 10:31

මෑත කාලයේ කලාකාරයෙකුට අත්වුනු කණගාටුදායකම ඉරණම අත්වුනේ මේරියන්ස්ලාටයි. තමන් හිනාවෙවී වීඩියෝවක් දැමීමේ වරදට ප්‍රසිද්ධ සමාවක් ගන්න ඒ අයට සිද්ද වුනා.

ඒ අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න කියලා මාලිමාවෙ මාධ්‍ය ප්‍රකාශකයෙක් වුනු සේපාල් අමරසිංහ වීඩියෝ මගින් ප්‍රසිද්ධියේ කියා සිටියා.

මේරියන්ස්ලා තමන්ගේ අතින් සිදුවුනේ වරදක් කියල විස්තර කරමින් දුක්ඛිත වීඩියෝවක් මුදාහැරියා. කතා කිරීමේ නිදහසවත් අඩු තරමෙ දෙන්න කියල ඔවුන් ඉල්ලා සිටියා.
මාලිමාවෙ මාධ්‍ය ප්‍රකාශක එමෙන්ම දළදා වහන්සේට අපහාස කිරීමෙන් සිරගත වූ සේපාල් තමන්ගේ වීඩියෝවෙ කියන විදිහට මේරියන්ස්ලා කලාකාරයො නෙමෙයි. එකම කලාකාරයා තමයි සංගීත්.


මේ වීඩියෝවෙන් පස්සෙ සිද්ද වෙන්න ඇති දේ පැහැදිලියි. අපහාස තර්ජන පිරුනු ඇමතුම් මේරියන්ස්ලාට එන්න ඇති. ඔවුන්ගේ සංදර්ශන පවා අවලංගු කරන බවට ඔය පිටරට මාලිමාවෙ තර්ජනය කරන්න ඇති. ඒ සියල්ල ඒ වීඩියෝව පිටිපස්සෙන් ඇහෙනවා. මේ තරම් පහත් මට්ටමකට කලාකරුවන් ඇද දමන, තමන් හිනාවීමෙන් පවා ශුද්ධ වූ මාලිමාවට අපහාසයක් වුනා කියලා වරදට සමාව අයදින තත්වයක් මාලිමාව බලය ගන්නත් කලින් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සෙ මාලිමාවට එකග නොවෙන කලාවට සිද්ද වෙන්න යන දේ කෙනෙකුට හිතාගන්න පුළුවන්.


මීට කලින් අරගලය කාලෙදි ර‍ාජපක්ෂ වෙනුවෙන් වැඩ කරපු සිංදු කියපු කලාකාරයො ගෝල්ෆේස් ඇවිත් සමාව ගන්න පටන් ගත්තා. ඒ අය ඒක කලේ ‍ලොකු බයකින්. තමන්ට ඇතිවෙලා තියෙන තර්ජනයෙන් ගැලවෙන්න. රෝහණ බැද්දගේ ලෙඩ ඇදේ ඉඳගෙන අඩඅඩා තමන්ට මොකුත් කරන්න එපා කියලා සමාව ඉල්ලුවා. ඒක අන්තිම දුක්ඛිත තත්වයක්.
ඕනම කලාකාරයෙකුට තමන් කැමති දේශපාලනයක් වෙනුවෙන් කඩේ යාමේ අයිතිය තියෙනවා. ඒක අපේ මතවාදයට විරුද්ධ වුනත් ඒ අයට තර්ජන ගර්ජන කිරීමේ අයිතියක් අපිට නෑ. ඒක ඒ අයගේ අයිතිය වශයෙන් අපි ගරු කරනවා. ඒක තමයි මානව නිදහස ගරු කරන සමාජයක ලක්ෂණය.
අරගලයේ බලහත්කාරී සමාව ගැනීම් ඉස්සරහ කොන්ද නොනමා අදීනව හිටියෙ එකම එක ගායකයායි.

ඒ සේනානායක වේරලියැද්ද. මහින්ද රාජපක්ෂගේ හඩ. එයාට විතරක් පුළුවන් වුනා කෙලින් හිටගෙන, දණින් නොවැටී ඉන්න. අනිත් හැමෝටම අරගලකරුවන්ගේ බලහත්කාරයට, මර්දනයට යටත් වෙන්න සිද්ද වුනා.


මාලිමාවෙ ජගත් මනුවර්ණගේ 'වයිට් ලෝටස්' කියන චිත්‍රපටියෙ තියෙනවා පොලිසිය විසින් ඝාතනය කරන්න කලින් තමන් විසින් කැමැත්තෙන් සියදිවි නසාගන්නවා කියලා තරුණයන් වීඩියෝවලට ප්‍රකාශ කරන දර්ශන. මේරියන්ස්ලාගේ වීඩියෝවත් අන්න එහෙම එකක්. පොලිසිය වෙනුවට එතන ඉන්නෙ උන්මත්තක මාලිමා පාක්ෂිකයො පිරිසක්.
woke සංස්කෘතියේ උන්මාදය තමයි අපි මේ දකින්නෙ. තමන්ගේ මතයට එකග නැති සියල්ලන් කලාකරුවන් හෝ අඩුම තරමේ මනුෂ්‍යයන්වත් නොවේ කියන තත්වයට මාලිමාව විසින් ත්‍රස්තවාදයක් දියත් කරමින් ඉන්නවා. ඒ බව නිර්මාල් දේවසිරි, සේපාල් අමරසිංහ වැනි ප්‍රකාශකයන් නැවත නැවත කියනවා.


ගමේ හැමෝම මාලිමාවට කියන්නෙ ඇයි කියල අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන්. හමුදා පෙරේඩ් වගේ රතු ඇඳගෙන පෙලපාලි යමින් තමන්ගේ ගේ ඉස්සරහට එන පිරිසට තමන්ගේ අදහස කියන්න පුළුවන්කමක් ඒ ගෙවල්වල මිනිස්සුන්ට නෑ. ඒ මිනිස්සු බය වෙනවා. රනිල්ට හෝ සජිත්ට දෙනවා කිව්වොත් තමන් horu දූෂිතයො යනුවෙන් හංවඩු ගහන බවට ඒ අය භීතියට පත් කරලයි තියෙන්නෙ. ඉතින් හැමෝම අපි මාලිමාවට කියනවා. මේ ක්‍රියාත්මක වෙන්නෙ රාජ්‍ය ත්‍රස්තවාදය වගේම මාලිමා ත්‍රස්තවාදය.
මේරියන්ස් නලින්ලාගෙ සිංදු අපි හැමදාම ඇහුවා. ඒ අයට කැමති දේශපාලනයක් කරන්න ඇති අයිතිය අපි හැමදාම ගරු කළා. ඒ අයගේ දේශපාලනය අපිට සිංදු අහද්දි අදාල වුනේ නෑ. ඒ කලාකරුවන් අද පත් කරලා තියෙන අසරණ තත්වය දැක්කම මාලිමාව ගැන ඇතිවෙන්නෙ කියන්න බැරි තරමෙ පිළිකුලක්.

-චින්තන ධර්මදාස

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us