අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුරම විරුද්ධ වෙයි. ජෙප්පොන්ගේ රෙදි ගැලවේ.  

Published in පුවත්
Wednesday, 04 September 2024 21:25

රටක ආණ්ඩු බලයි මාරු විය හැකි ජාතික මැතිවරණයක් සිදුවන විට ආණ්ඩු බලය වෙනුවෙන් තරග කරන විපක්ෂ කණ්ඩායම් තමන්ගෙ ආණ්ඩුවකදී ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වැඩ පිළිවෙල ආදිය ප්‍රකාශයට පත් කරයි..තමන් වෙතට සමාජයේ බහුතරයකගේ කැමැත්ත දිනා ගන්නෙ ඒ අනුවය.

පවතින ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලම විපක්ෂයත් යෝජනා කරනවා නම්, ඒ වැඩ පිළිවෙල ආණ්ඩුව සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටිනවා නම්, නැවත් විපක්ෂයට ආණ්ඩු බලය ලබා දීමෙ වුවමණාවක් නැත.

අද ජනාධිපති රනිල් තමන්ගේ ප්‍රතිපත්ති අනුව, තමන්ගේ සැලසුම් අනුව, තමන්ගේ වැඩ පිළිවෙලක් අනුව රටේ දේශපාලන ආර්ථික සමාජීය අර්බුදයන් විසඳමින් අති සාර්ථක රාජ්‍ය නායකත්ව භූමිකාවක් පෙන්වා ඇත. රට බංකොලොත්ව කර කියා ගන්න දෙයක් නැතිව සිටිය දී රට බාරගෙන අවුරුදු 2 ක තුල ඔහු සාර්ථක වූයේ ඔහුට සුපුරුදු ක්‍රමවේදයටය.

මෙම ප්‍රතිපත්ති සැලසුම් වැඩ පිළිවෙල ආදිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් කොන්දේසි ලෙස මෙරටට පටවනු ලැබු දෑ බවට විපක්ෂය විටින් විට විවේචන ඉදිරිපත් කර තිබුණත්, රනිල් දැන් දශක හතරක පමණ කාලයක් මුළුල්ලෙ කළේ, කිව්වේ මොනවාද යන්න ගැන මදක් විමසා බැලුවහොත් මේ මුල්‍ය අරමුදලේ කොන්දේසි යනු රනිල්ගෙම ප්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙලමය. 2015 සමයේ දීත් රනිල් ක්‍රියාත්මක වූයේ ඒ අනුවය. 2002 දීත් රනිල් ක්‍රියාත්මක වුයේ ඒ අනුවය.

දශක ගණනක් තිස්සෙ රනිල් අනුගමනය කළ පිළිවෙතට එරෙහිව මාරාන්තික විරෝධයක් දැක්වූ කණ්ඩායම වුයේ ජනතා විමුක්ති පෙරමුණය. අයි එම් එෆ් එකේ ප්ලග් එක ගලවනා කියමින් 2002 දී රනිල්ගේ බලය අහිමි කිරීමටද ජවිපෙ චන්ද්‍රිකාටද හේත්තු විය..එමඟින් සිදු වූයේ රටේ සංවර්ධන ගමන දශක දෙකකින් පස්සට ඇදීමය. 2022 ආර්ථික අර්බුදයට රනිල්ව එදා බලයෙන් පහ කිරීමත් හේතුවක් වූ බව පැවසිය හැකිය. මන්ද එදා එම ආර්ථික ප්‍රතිපත්තිය අඛන්ඩව ක්‍රියාත්මක වුවා නම් රට කිසිසේත්ම බංකොලොත් නොවන අතර රට මේ වන විටත් ඉහල සංවර්ධනයක් අත් පත් කරගෙනය. එම වැරදි තීන්දුවෙන් පසුව වසර 20 කට පසුව රට බංකොලොත් වීම සිදව යළි රනිල්ටම රට භාර ගන්න සිදු වූයේය.

නමුත්ට රනිල්ට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාරව යළි රට නගා සි‍ටුවීමේ හැකියාවන් මුළුමනින්ම පැවැති පාලනය විසින් අහුරා දමා තිබිණි. ප්‍රධානම ගැටලුව් වුයේ මෙරට ඩොලර් සංචිත මුළුමනින්ම අවසන් වී, ණය ගෙවා ගැනීමට නොහැකි වීම හා අලුත් ණයක් ගැනීමේ හැකියාවත් අහෝසි වී තිබීමය.

මේ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ගොස් ණය හෝ පොලි කපා ගැනීමක් ණය කල් දැමීමක් හෝ කර ගත යුතු විය. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය පැතීය. මුල්‍ය අරමුදල ඉදිරිපත් කළ කොන්දේසි රනිල්ට අමුතු කාරණයක් වූ‌යේ එය ඔහුගේම පිළිවෙතය. නමුත් රට පැවැති තත්වය අනුව ඒ කොන්දේසි මත ඉදිරියට යෑම අතිශය දුෂ්කර විය. නමුත් ඔහු එය සාර්ථක කර ගත්තේය.

මේ මොහොතෙත් ජනතා විමුක්ති පෙරමුණ, රනිල් අයි එම් සහය ගැනීම වැලැක්වීමට දන්න සෙල්ලම් සියල්ල දැමුවේය. අයි එම් එෆ් ගිහින් ගොඩගිය රටක් නැති බවත් ඔවුන්ගේ දැඩි කොන්දේසි නිසා ජනතාව බරපතල පීඩාවකට ලක්වන බවත් බටහිර රාජ්‍යයන්ට රට බිලිවීම සිදුවෙන බවත් ආදී දාහක් දේ පුකාශ කළේය. එතැනින් නතර නොවී, වැඩවර්ජන උද්ඝෝෂණ ආදිය සිදුකරමින් රජයේ වැඩ දිගින් දිගටම කඩාකප්පල් කිරීමෙහි නිරත විය.

නමුත් රටට තිබු එකම විකල්පය අනුව විපක්ෂයෙ බාධා කිරීම් මැඩ පවත්වමින් ඒහා ගැටෙමින් රනිල් එය ජය ගත්තේය. දැන් රනිල් සිය ප්‍රතිපත්තිය අනුව රටෙ ආර්ථිකය සාර්ථකව දිනෙන් දින ඉදිරියට ගෙන යමින් තිබේ. අයි එම් එෆ් ගිහින් ගොඩගිය රටවලට දිය හැකි ඉහළම ආදර්ශය අද ශ්‍රි ලංකාව බවටත් පත් කර තිබේ.

අනුර කුමාර සිය මැතිවරණ ප්‍රතිපත්තිය හදන විටත් සිතා සිටියේ මෙම අයි එම් එෆ් ගිවිසුමෙන් ඉවත්ව රට ගොඩනැගීම කළ හැකි බවය. එම ගිවිසුම් අහෝසි කරවන යෝජනාවක් ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් වී ඇත්තේ ඒ නිසාය.
' විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක්' (DSA) පිළියෙල කරන බව සඳහන් කරන්නේ ඒ නිසාය. නමුත් එවැන්නක් සිදු කිරීම මෙම ගිවිසුම අහෝසි කිරීමක් වෙයි. npp1

මේ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියත්, රට හමුවේ ඇති ආර්ථික අභියෝග ජය ගැනීමට තිබෙන් සියලු ඉලක්කයන්ද අත්හැරීමක් වෙයි.. එ් අනුව මෙම යෝජනාව අනුර ක්‍රියාත්මක කළහොත් පළමු පැයේදීම 2022 බංකොලොත් තැනෙනුත් පහළට රට කඩා වැටීම අනිවාර්යය.

කොහොම නමුත් එම යෝජනවා අනුරගේ ම වෙන්න නොහැකිය..අනුරට සිටිනවා කියන මහා ආර්ථික විශේෂඥයන් රොත්තේද උපදෙස් හා එකඟතාවය අනුව සැක සූවක් විය යුතුය..එ් අයත් තැන් තැන්වලට වී දොඩවන ආර්ථික බයිලා අනුව එය පැහැදිලිය.

ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමෙන් පසුව අනුරලාගේ යෝජනාව ගැන විශාල සාකච්ඡාවක් ඇති තිබිණි.. එ් අනුව එයට ආර්ථික මුල්‍ය ක්ෂේත්‍රවල වැඩ කරන වෘත්තිකයන්ගේ, ආර්ථික විශේෂඥයන්ගේ විවේචනය මතුව තිබිණි. එමෙන්ම විශාල භීතියක්ද ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඇතිව තිබිණි. අනුර දිනනවාය යනුවෙන් හැදි තිබු ප්‍රචාරක ‍රැල්ල අනුව අනුර ආවොත් සියල්ල විනාශ වෙනවාය කියන මතයක් ගොඩනැගුණි. කොටස් වෙළඳපොල එක දිගට කඩා වැ‍ටුනේ ඒ නිසාය. සමහර විට පාස්පෝට් පෝලිම දිගු වන්න ඇත්තෙත් අනුර ආවොත් රටේ ඉඳලා හමාරයි කියන තේරුමෙන්ද විය හැකිය.

කොහොම නමුත් එම වර්ධනයන් තිබිය දී පසුගියදා අනුර ව්‍යාපාරික හමුවක් සංවිධානය කළ අතර එහිදී තමන්‌ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සහතික කර තිබූ ආර්ථික ප්‍රතිපත්තිය නොතකා හැර,

අයි එම් එෆ් සමඟ වන ගිවිසුමෙන් ඉවත් නොවන බවත් එ් අනුව වන දැනට තිබෙන සාර්ථක වැඩ සටහන් අනුව කටයුතු කරන බවත් කියන්නට සිදුව තිබිණි.

‘අපි ඔබට සහතිකයක් දෙනවා. අපි ඒකපාර්ශවීයව කිසිසේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත්වීමට බලාපොරොත්තුවක් නෑ. ඒත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සකස් කර ඇති පරාමිතීන් ප්‍රමාණයක් තියෙනවා අපි විසින් සම්පූර්ණ කළ යුතු.

ප්‍රාථමික ගිණුමේ ශේෂය 2.3ක අපි රඳවා ගත යුතුයි ලබන වසරේ. 2032 වෙනවිට අපේ ණය අනුපාතය 98% ඉලක්කමට රඳවා ගත යුතුයි.

අපිට යම් පරාමිතීන් ප්‍රමාණයක් ලබාදීලා තියෙනවා. ඒවා රටකට අහිතකර නෑ. ඒවා ළඟා කරගැනීම නරක දෙයක් නෙමෙයි. එය කවුරු විසින් ලබාදුන්නත් එය ආර්ථික ඉලක්ක නරක ඒවා නෙමෙයි’ npp2

 

එමෙන්ම මහ බැංකුවේ ස්වාධීනත්වය අහෝසි කරන බවට කලින් කියා තිබු කතන්දර ද අමතක කර මෙහිදී ස්වාධීනත්වයට අත නොතබන බවටත් සහතිකයක් දීමට සිදු විය.

මේ පෙන්නුම් කරන්නේ අනුර අද වැටී ඇති අන්ත අසරණ තත්වයය.

එමෙන්ම ජවිපෙ තමන් ජීවිත පරිත්‍යාගයෙන් දශක ගණනක් තිස්සේ රැකගෙන ආ හරි හෝ වැරදි හෝ ප්‍රතිපත්ති ජවිපෙ නායකයාගේ පෞද්ගලික බල වුවමණාවක් වෙනුවෙන් ක්ෂණිකව වෙනස් කරමින්, රනිල් ප්‍රතිපත්තිය වඩා නිවැරදි බවත් භාර ගන්නා තැනට පත්වීම, ජවිපෙ සාමාජිකයාට ඉවසා සිටිය හැකි දැයි අප නොදනිමු.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us