අපනයන නිශ්පාදන ආර්ථිකයකට මාලිමාව විරුද්ධයි. උසාවිත් ගිහින්.  

Published in පුවත්
Monday, 09 September 2024 09:31

අපනයන අභිමුඛ ආර්ථිකයක් ගොඩනැ‍ඟීමට ජාතික ජන බලවේගය විරුද්ධ බව සමඟි ජන සන්ධාන කාර්යාලයේ දී පෙරේදා (07) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මේ බව කියා සිටියේය.

සුනිල් හඳුන්නෙත්ති සහ ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ නඩුවේ සඳහන් වෙනවා අපේ රටේ ආර්ථිකය ආනයන ආදේශනවලට තිබෙන අවධානය අඩු කරලා අපනයන අභිමුඛ ආර්ථිකයකට ලංකාව වෙනස් කරන්න උත්සහ කිරීම රටේ ව්‍යවස්ථාවට පටහැනියි කියලා. ඒ නිසා අපනයන අභිමුඛ ආර්ථිකයක් හදනවානම් තුනෙන් දෙකේ ඡන්දයක් අරගෙන ජනමත විචාරණයක් තියන්න ඕනි කියලා ඔවුන් කියනවා. ඒක තමයි ජාතික ජන බලවේගයේ මතවාදය. අපනයන අභිමුඛ ආර්ථිකයක් ගොඩනඟනවාට ජාතික ජන බලවේගය විරුද්ධයි. සමඟි ජන බලවේගය ඉන්නේ ඊට අංශක 180ක වෙනස් තීරණයක. රටේ අලුත් රැකියා නිර්මාණය කරන්න, රටේ නැති නිෂ්පාදන නිර්මාණය කරන්න, අලුත් සේවා නිර්මාණය කරන්න, අලුත් තාක්ෂණය ලබා දෙන්න ඕන. ඒ නිසා ලංකාව ලෝකයට එකතු කරන්නේ නැතිව මේ දේවල් කරන්න බෑ.

ලංකාව ලෝකයට එකතු කිරීම ව්‍යවස්ථාවට පටහැනියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ජාතික ජන බලවේගය කියන්න උත්සහ කිරීමෙන් ලංකාවට ඉදිරියේ දී සිදුවෙන දේ හිතා ගන්න බැරි වෙයි. සමඟි ජන බලවේගයේ ආර්ථික දැක්මේ තිබෙන්නේ ලංකාව ලෝකයට එකතු කරන්න කියලා. සමඟි ජන බලවේගයේ ආර්ථික දැක්මේ තිබෙන්නේ රටේ අද නැති රැකියා හෙට නිර්මාණය කරන්න වැඩපිළිවෙළක්. ලංකාව ගෝලිය නිෂ්පාදන ජාලවලට එකතු කළ යුතුයි. එයයි විය යුත්තේ. ලෝකයේ සාර්ථක වුණේ නැති ආර්ථික වැඩපිළිවෙළකට ගමන් නොකළ යුතුයි. ඒ වගේම, විකල්ප ණය තිරසාර කර ගැනීමේ විශ්ලේෂණයක් ඉදිරිපත් කරලා ඒ හරහා දැන් කරගෙන යන ණය ප්‍රතිව්‍යුහගතකරණය පටන් ගන්නවා කියලා. ජාතික ජන බලවේගය මේ කරන්න යන වැඩෙන් රට නැවත කඩාගෙන වැටෙනවා.

2020 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න කිව්වෙත් මම. ඒක ගනන් ගත්තේ නෑ නමුත් අවසානයේ රට කඩාගෙන වැටුණා. විකල්ප ණය තිරසාර කර ගැනීමේ විශ්ලේෂණයක් ඉදිරිපත් කළොත් දැන් තිබෙන තත්ත්වයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. එතකොට දැන් කරගෙන යන සාකච්ඡා සියල්ල බිඳ වැටෙනවා. ඊට පසුව ජාතික ජන බලවේගයට ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් මුහු ගැහිලා නැවත සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම චීනය, ඉන්දියාව, පැරිස් ක්ලබ් සමඟ සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. මේ අය සමඟ සාකච්ඡා කරලා වැටේ මුල ඉඳලා නැවත ආරම්භ කරන්න ඕනි. එවැනි අවදානමක් ගන්න සමඟි ජන බලවේගය සුදානම් නෑ. රට එවැනි අවදානමකට ලක් කරන්න සමඟි ජන බලවේගය සූදානම් නෑ. යැයිද කීවේය.

දිනමිණ

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us