ධවල පත්‍රිකාවට එදා ජවිපෙ විරුද්ධ වූ නිසා තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වුණා Featured

Published in පුවත්
Monday, 09 September 2024 09:45

සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා තමා ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ වීම නිසා මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වූ බවත් තමන් තරුණ තරුණියන්ට අත්තටු ලබා දෙන විට ජනතා විමුක්ති පෙරමුණ එදා ද සිදු කළේ ඔවුන්ගේ කකුල්වලට දම්වැල් දැමීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට තරුණ තරුණියන්ට අධ්‍යාපනය යනු අත්තටු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අත්තටු තිබේනම් ඕනෑම තැනකට ඉගිළිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමා මෙරට පාසල් අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කළ බවත් සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මෙරට තරුණ ප්‍රජාව වෙනුවෙන් ඊයේ (08) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ජනතා විමුක්ති පෙරමුණ එදා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්යවරුන් ඝාතනය කළ බවත් ඔවුන්ගේ එම ක්‍රියාවන් නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 10ක පමණ පසුබෑමක් ඇති වූ බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ජවිපෙ මෙම විනාශය සිදු නොකළා නම් අද අපේ රටේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබෙන බව ද පෙන්වා දුන්නේය. ‍

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය. “අපේ රටේ තරුණ තරුණියන්ට අධ්‍යාපනය කියන්නේ අත්තටුයි. අත්තටු තිබෙනවා නම් ඕනෑම තැනකට ඉගිළෙන්න පුළුවන්. අප නිදහස් අධ්‍යාපන ක්‍රමය ඇති කළේ ඒ නිසයි. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සමයේ මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කළා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ දී පාසල් සිසුන්ට නොමිලේ පොත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කළා. මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දි ගුරු විභාගය පවත්වා ගුරුවරු බඳවා ගත්තා. ඒ වගේම අධ්‍යාපන පරිපාලන සේවය ඇති කළා. විශේෂයෙන්ම ගුරු පුහුණුව සඳහා අධ්‍යාපන විද්‍යාපීඨ ඇති කළා. ඒ වගේම පරිගණක අධ්‍යාපනය ආරම්භ කළා.

පසුව අධ්‍යාපනය අන්තර්ජාලය සමඟ එක් කළා. පිරිවෙන් අධ්‍යාපනය සඳහා පිරිවෙන්වලට මුදල් ලබා දුන්නා. ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනය ඇති කළා. මේ නිසා අද මේ රටේ අධ්‍යාපනය විශාල ලෙස දියුණු වී තිබෙනවා. එදා තිබුණේ එක විශ්වවිද්‍යාලයයි. අද විශ්වවිද්‍යාල 17ක් තිබෙනවා.

රටේ සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට මම ධවල පත්‍රිකාවෙන් යෝජනා කළා. එදා මෙම වැඩපිළිවෙළට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණා. පාසල්වලත්, රටේත් මීට විරුද්ධව විශාල ව්‍යාපාරයක් ගෙන ගියා.

ඒ නිසා මෙය ක්‍රියාත්මක කිරීමට අපට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා අද අපේ තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබී නැහැ. අපි අත්තටු දුන්නත් ජනතා විමුක්ති පෙරමුණ කකුලට දැමූ දම්වැල නිසා එම සීමාව ඇති වී තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය දියුණු කිරීමේ දී වසර 05ක-10ක පසුබෑමක් ඇති වුණා. ඒ කාලයේ බටුවත්තවිතාන උපකුලපතිතුමා, ස්ටැන්ලි විජේසුන්දර උපකුලපතිතුමා වැනි අයව ඝාතනය කළා. ඒ වගේම ආචාර්යවරුන් ඝාතනය කළා. ඒ නිසා බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැර ගියා. ඒ වගේම විශ්වවිද්‍යාවලට ඇතුළත්වීමට කැමැත්තක් තිබුණේ නැහැ.

ගුරුවරු සහ විදුහල්පතිවරුන් 50කට වැඩිය ඝාතනය කළා. ඒ වගේම පාසල් අධ්‍යාපනය කඩා වැඩුණා. මෙම තත්ත්වය නිසා අපේ අධ්‍යාපන ක්‍රමය තුළ වසර 10ක පමණ පසුබෑමක් ඇති වුණා. ජනතා විමුක්ති පෙරමුණ මේ විනාශය නොකළා නම් අද අපට ඉතා හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබෙනවා. ඒ නිසා කවුරු කෑගැහුවත් English For All වැඩසටහන යටතේ සියලුදෙනාටම ඉංග්‍රීසි දැනුම ලබාදීමට අවස්ථාව සලසනවා කියා මම තීරණය කළා.”

- දිනමීන

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us