ජනපති රනිල් අනුරට ඉක්මන් සුවය පතයි

Published in පුවත්
Monday, 09 September 2024 13:13

අනුර කුමාර දිසානායක අපනයන ආර්ථිකයක් ගැන කථා කරන විට සුනිල් හඳුන්නෙත්ති ආනයන ආර්ථිකයක් ගැන කථා කරන ජාතික ජන බලවේගයේ සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද කියා තමා මීට පෙර ඇසු ප්‍රශ්නයට අනුර කුමාර දිසානායක වේදිකාවේ පිළිතුරු ලබා දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එසේම දූෂණය නැති කිරීමට දූෂණ විරෝධි පනත ක්‍රියාත්මක කරන බවට අනුර කුමාර කළ ප්‍රකාශයක් පිළිබඳවද සිහිපත් කළ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දුෂණය පිටුදැකීමට තමන් ගෙනා දුෂණ විරෝධි පනත පමණක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් නොවන බවයි.

ඒ වෙනුවෙන් ගත යුතු වැඩිදුර පියවර “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන මගින් ඉදිරිපත් කර තිබෙන බවත් අනුර කුමාර දූෂණය පිටු දකිනවා නම් එක් පනතකට සීමා වී සිටිමින් අනෙක් පනත්වලට සහය නොදෙන්නේ ඇයි කියා තමා ප්‍රශ්න කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

මැතිවණය යනු විවාදයක් බවත්, එක් දේශපාලන වේදිකාවක අසන ප්‍රශ්නයට අනෙක් වේදිකාවේ පිළිතුරු දිය යුතු බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුර කුමාර ඉක්මණින් සුව වී පැමිණ මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද කියා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (08) පස්වරුවේ වැලිමඩ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියා.

පසුගියදා ධූරයෙන් ඉල්ලා අස්වු සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරළ මහත්මිය ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් වේදිකාවට එක්වීම ද මෙම රැලියේ සිදු වූ විශේෂත්වයක් වුණා.

ජන රැලිය ඇමතු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද අනුර කුමාර බැදුම්කරය ගැන කථා කරන්නේ එහි නඩු තීන්දුව ගැනවත් නොදැන බවයි.

අවශ්‍ය නම් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන ලෙස තමාට දැනුම් දිය හැකි බවත් අනුර කුමාරට ද තමන්ගේ නීතිඥයන් එහි යැවිය හැකි බවත් ජනාධිපතිවරයා පවසනවා.

මේ අතර ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් ඇති සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්තිය අද ජනතාවට තෝරා ගැනීමට නොහැකි වී තිබෙන බවද ජනාධිපතිවරයා ජන රැලිය අමතමින් සඳහන් කළා.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ පැවසුවා,

අපි රට ගොඩනැඟීමට ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. “පුළුවන් ශ්‍රී ලංකා” කියන්නේ සැප්තැම්බර් 22 වනදා සිට ආරම්භ කළ හැකි වැඩපිළිවෙළක්. මම ඔබෙන් ඉල්ලා සිටින්නේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිම සඳහා ජනවරමයි.

ජනතාවගේ ජිවන බර සැහැල්ලු කර ආදායම් මාර්ග සලසාදීමේ වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම අපි ජනතාව වෙනුවෙන් අස්වැසුම සහ උරුමය වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම අප ලබන වසරේදී තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා.

ජනතාවට සැබෑ සහන හිමි වන්නේ “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහනින් පමණයි. ඒ වගේම තරුණ තරුණියන්ට රැකියා හිමිවන්නේ “පුළුවන් ශ්‍රී ලංකා ”වැඩිසටහනින් පමණයි. අනෙක් අපේක්ෂකයින් මේවා පිළිබඳ කතා කර නැහැ.

ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් අප පුළුල් වැඩසටනක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ පළාතේ අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් ද අප විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරනවා.

වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය සහ ඌව පරණගම කැප්පෙටිපොළ විද්‍යාලය යන විද්‍යාල දෙකේම අධ්‍යාපන මට්ටම බදුල්ල, බණ්ඩාරවෙල පාසල්වල මට්ටමට ගෙන ඒමට අප කටයුතු කරනවා.

අද සජිත් ප්‍රේමදාසට ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් තිබෙනවා. සතුටු දැයක් කියලා එකක් තිබෙනවා. ඒ වගේම බ්ලු ප්‍රින්ට් 3 කියලා තවත් එකක් තිබෙනවා. මේ දෙකෙන් කොයි එකද තෝර ගන්නේ කියා ජනතාවට ප්‍රශ්නයක් තිබෙනවා.

මම බලපොරොත්තු වන්නේ අපනයන ආර්ථිකයක් ඇති කිරීමටයි. අනුර කුමාරත් අපනයන ආර්ථිකයක් ඇති කරන්න සූදානම් කියලා කිව්වා. මට ඒ පිළිබඳ සතුටු හිතුනා. නමුත් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. නිදහස් වෙළෙඳ ගිවිසුම් නැතිව අපනයනය කරන්න බැහැ.

ඒ වගේම සුනිල් හඳුන්නෙත්ති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධව නඩු දැම්මා. අපනයන කර්මාන්ත ඇති කිරීම ව්‍යවස්ථාවට විරුද්ධයි, දේශීය කර්මාන්ත ආරක්ෂා කළ යුතුයි කියලා එහි කියවෙනවා. මොවුන්ට හරි ප්‍රතිපත්තියක් නැහැ.

මම පසුගිය සිකුරාදා මොරවක රැස්වීමට ගිය අවස්ථාවේ, අනුර කුමාර සෙනසුරාදා මොරවකට පැමිණෙන නිසා එහිදී පිළිතුරු දෙන්න කියලා මා ප්‍රශ්න දෙක්ක යොමු කළා. නමුත් එතුමා ඊට පිළිතුරු දුන්නේ නැහැ. ඊට පසුව මම දැක්කා එතුමා අසනීප වෙලා කියලා. ඒ නිසා මේවට පිළිතුරු දෙන්න එතුමා ඉක්මණින් සුවවේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

එතුමාට මම අහපු ප්‍රශ්නයට පිළිතුරු දෙන්න බැහැ, නමුත් මම යාපනයේ කළ කථාවට පිළිතුරු දී තිබුණා. මේ රටේ ජනතාව දැනගත යුතුයි ඔබතුමන්ලා අපනයන ආර්ථිකයකයටද, ආනයන ආර්ථිකයකටද යන්නේ කියලා. අනුර කුමාර අපනයන ආර්ථිකයක් ගැන කථා කරන විට සුනිල් හඳුන්නෙත්ති ආනයන ආර්ථිකයක් ගැන කථා කරනවා.

ඒ වගේම අනුර කුමාර අද බැදුම්කරය ගැන කථා කරනවා. බැදුම්කරය ගැන විභාග කරන්න කිව්වේ මම. ඊට පස්සේ අපි කොමිසමක් දැම්මා. මම කොමිසමේදී කිව්වා මගේ කිසිම සම්බන්ධක් නැති නමුත් සමහර අය වැරදි කරුවන්ද කියා සොයා බැලීමට නඩු දාන්න කියලා. ඒ අනුව නඩු දැම්මා. නමුත් මහාධිකරණයේ එය ඔප්පු නොවු නිසා ඒ අය නිදහස් වුණා.

අභියාචනාධිකරණයට ගිය විටත් එහිදී ද ඔප්පු වුණේ නැහැ. ඒ අනුව ඔවුන් නිදහස් වුණා. අනුර කුමාර කියනවා බැදුම්කරයට සම්බන්ධ අයව නීතිය ඉදිරියට ගෙන එනවා කියලා. අධිකරණය කියනවා ඔවුන් නිදහස් කියලා.

අවශ්‍යනම් මම කියන්නම් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිහින් ඇපෑලක් දාන්න කියලා, අනුර කුමාර දිසානයක මහතාට අවශ්‍ය නම් එතුමාගේ නීතිඥයොත් එතනට යවන්න පුළුවන්. අඩු තරමින් මොවුන් කතා කළ යුත්තේ මේවා දැනගෙනයි. මේ නඩුවෙන් කවුරු වැරදිකරු වුණාද, කවුරු නිදොස් වුණාද කියලවත් ඔවුන් දන්නේ නැහැ.

අනුර කුමාර කියනවා දුෂණය නැති කරනවා කියලා. ඒ වගේම දුෂණ විරෝධි පනත ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් මම කියන්න කැමතියි දූෂණය වළක්වන්න විරෝධි පනත පමණක් ප්‍රමාණවත් නැහැ. එය ගෙනාවේ අපියි. දුෂණය වැළැක්විමට තවත් ගත යුතු පියවර අපි “පුළුවන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ මඟින් ඉදිරිපත් කර තිබෙනවා. මම කැමතියි එතුමා ඒවට එකඟ වෙනවද කියලා අහන්න.

අපරාධයකින් අත්පත් කරගන්නා ලද දේපළ පිළිබඳ පනත් කෙටුම්පත අප ඉදිරිපත් කර තිබෙනවා. ඊට අනුර කුමාර සහයෝගය දෙනවද? නැද්ද? කියා මම අහනවා. ඊළඟට අපි ජාතික දුෂණ විරෝධි සැලැස්ම ක්‍රියාත්මක කරනවා. අනුර කුමාර ඊට සහය දෙනවද? කියලා මම අහනවා.

විගණකාධිපතිවරයාගේ බලතල පුළුල් කිරීම සඳහා 2018 අංක 19 දරණ ජාතික විගණන පනත සංශෝධනය කිරීමට එකඟද? නැද්ද? කියා මට කියන්න. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ආයතන අපි තවත් බල ගන්නවනවා. ඒකට සහාය දෙනවද? කියා මම අනුර කුමාරගෙන් අහනවා.

වත්කම් හා බැරකම් තොරතුරු දැන් වෙබ් අඩවියෙන් බලාගත හැකියි. ඔබ ඊට පක්ෂද? නැද්ද? මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය පිළිබඳ නීතිය දැඩි කිරීමට එකඟ වෙනවද? නැද්ද? සමාගම් නීති සංශෝධනය කිරීමට එකඟ වෙනවද? කියලා මම ඔහුගෙන් අහනවා.

දැන් දෙවැනි ප්‍රශ්නය ඇයි ඔබේ දූෂණ විරෝධී වැඩසටහන එක පනතකට සීමා කර තිබෙන්නේ? ඇයි අප සම්මත කළ අනෙක් පනත්වලට සහාය ලබා නොදෙන්නේ? ඇයි ඒ ගැන අනුර නිශ්ශබ්ද කියා මම අහනවා. මෙම කටයුතු වෙනුවෙන් පනත් මාලාවක් අවශ්‍යයි.

ඒ නිසා මම මා මිත්‍ර අනුර කුමාරට ප්‍රශ්න දෙකක් යොමු කරනවා. පළමු ප්‍රශ්නය අපනයන ආර්ථිකය පිළිබඳ ඔබේ ප්‍රතිපත්තිය රටට කිවයුතුයි. දෙවැනි ප්‍රශ්නය අපේ දුෂණ විරෝධි වැඩසටහනට සහාය දෙනවද නැත්නම් එක නීතියකට සිමා කර ගන්නවද කියා කිවයුතුයි.

අනුර කුමාර දිසානායක මගේ මිත්‍රයා මට මේකට පිළිතුරු ලබා දෙනකන් මම මේ ප්‍රශ්නය දිගටම ඔහුගෙන් අහනවා. ඡන්දය කියන්නේ විවාදයක්. එක වේදිකාවක අහන ප්‍රශ්නයට අනෙක් වේදිකාවේ පිළිතුරු දිය යුතුයි. අනුර ඔබ වේදිකාවේ සිටිය යුතුයි. ඒ නිසා ඔබතුමා ඉක්මණින් සුවපත් වී මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

Last modified on Monday, 09 September 2024 13:18

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us