රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අනුමතයි ! බොරු පුවත් මවන්න එපා - PMD Featured

Published in පුවත්
Tuesday, 10 September 2024 19:58

2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බවට පසුගියදා පුවත් පතක පළ වූ වාර්තා සාවද්‍ය බවත් ඒ සඳහා අදාළ අනුමැතිය මේ වන විටත් ලැබී ඇති බවත් ජනාදිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2024 මැයි මස 27 වන දිනැති අංක 24/විවිධ (020) දරණ අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පැවති වැටුප් විෂමතාවයන් පිළිබඳව අධ්‍යයනය කර, 2025 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලට ඇතුලත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට හැකිවන පරිදි රාජ්‍ය සේවයේ සියළුම අංශයන්හි වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන ලදී. එම විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් 81 ක් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා අදාල තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අතුරු වාර්තාවක් සකස් කොට තිබේ.

මේ සම්බන්ධව උදය ආර්. සෙනෙවිරත්න මහතා කරුණු පැහැදිළි කිරීමක් සිදු කරමින් කියා සිටියේ මෙම වාර්තාව සැකසීමේදී තවත් වෘත්තීය සංගම්, විවිධ සංවිධාන, ආයතන හා පුද්ගලයන් 391කගෙන් කරුණු විමසා තොරතුරු ලබාගත් බවයි.

පවතින රාජ්‍ය මූල්‍ය අවකාශයන් හා රාජ්‍ය අංශයේ සේවකයින් මුහුණ දෙන අභියෝගද සැලකිල්ලට ගෙන රාජ්‍ය පිරිවැය කළමනාකරණය කර ගැනීමට අදාළ යෝජනා ද සමඟ පවතින වැටුප් ව්‍යුහයන් සංශෝධනය සඳහා වූ උපමාණයන් හා ප්‍රමිතීන් ද රාජ්‍ය පිරිවැය අවම කිරීමට සහ ආදායම් උත්පාදන උපාය මාර්ග ඇතුළත් වූ ප්‍රතිපත්තිමය රාමුවක් මෙම අතුරු වාර්තාව මඟින් නිර්දේශ කර ඇත.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 24/1609/601/097 වූ, ‘‘රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස පත් කරන ලද විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාව” යන මැයෙන් ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් 2024 – 08 – 12 වන දින අමාත්‍ය මණ්ඩල සංදේශය යොමු කර ඇත.

මෙම අතුරු වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අතුරු වාර්තාවේ 03 ඡේදයේ සඳහන් (3.1) සිට (3.18) දක්වා වන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීම සහ එකී අතුරු වාර්තාවේ සඳහන් නිර්දේශ 2025 වර්ෂය සඳහා වන අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීම පිණිස අනුමැතිය ලබාදීම සිදුකර ඇත.

2025 පාදක වසර ලෙස සලකා සියළුම රජයේ සේවකයින් සඳහා (සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දිමනාව මාසිකව රුපියල 25,000ක් ගෙවීම,

රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප 24% සිට 50%-60% දක්වා වු පරාසයකින් වැඩි වන අතර ජීවන වියදම් දිමනාව සමඟ දළ වැටුප රු. 55,000ක් ලෙස ගෙන අනෙකුත් සියළුම තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගැලපිම,

ව්‍යාපාරික රාජ්‍ය සමාගම් හා බැංකු හැර අන් සිලුම රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දිමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම,

2020 වසරට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය නිලධාරින් හට හිමිකම් ලැබු වැටුප් වර්ධක ලබාදී ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කර අදාළ විෂමතා නිරවුල් කිරීම,

විශ්‍රාමිකයන් සඳහා ජිවන වියදම් දීමනාව, සක්‍රී සේවයේ නියුතු රාජ්‍ය නිලධාරින් සඳහා ලබා දෙන ජීවන වියදම් දීමනාවෙන් 50%කට සමාන වන පරිදි 2025 ජනවාරි සිට ලබා දීම,

දැනට පවතින බදු ප්‍රතිපත්ති තුළම මෙම වියදම් කළමනාකරණය කිරීමට යටත්ව, මෙම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ යෝජිත වැටුප් ක්‍රමය 2025 ජනවාරි මස 01 වන දින සිට රාජ්‍ය මූල්‍ය අවකාශය ද සැලකිල්ලට ගෙන අදියරගතව ක්‍රියාත්මක කිරීම එම නිර්දේශ වේ.

ඒ අනුව උක්ත විශේෂඥ කමිටුව විසින් ඔවුන්ගේ අවසන් වාර්තාව 2024.09.03 වන දින ජනාධිපතිවරයා වෙත භාරදී ඇති අතර එම වාර්තාවේ අංක 01 සිට 08 දක්වා වන නිර්දේශ මඟින් ඉදිරිපත් කර ඇති රාජ්‍ය සේවා වර්ගීකරණය, රාජ්‍ය සේවකයින්ගේ දීමනා, විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම, වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු සහ අග්‍රහාර අයකිරීම් සම්බන්ධ නිර්දේශ සහ සංශෝධන 2025.01.01 දින සිට ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීමත්, එම නිර්දේශ 2025 අයවැය යෝජනා සඳහා අන්තර්ගත කිරීමත් සිදුකොට ඇත.

ඒ අනුව මෙවන් සංවේදී කරුණු ජනගත කිරීමේදී ජනතාව නොමඟ යවන ආකාරයේ සාවද්‍ය පුවත් පළ නොකොට කරුණු සොයා බලා නිවැරදි තොරතුරු ජනගත කිරීමට කටයුතු කරන මෙන් ජනාධිපති මාධ්‍ය අංශය සියලු මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටි.

 rw1

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us