IMF නියෝජිතයෙක් එනවා නම් විවාදයට එන්න බෑ. - අනුර   Featured

Published in පුවත්
Friday, 13 September 2024 09:48

ජනාධිපති රනිල් ජාජබයේ අනුර කුමාරට පිළිතුරු දෙන්නැයි ප්‍ර් 2ක පසුගියදා ඉදිරිපත් කර තිබු අතර ඒ අනුව අනුර කුමාර ඊට පිළිතුරු නොදී ජනාධිපති රනිල්ට විවාදයක් සඳහා පැමිණෙන්නැයි අභියෝග කළේය. ඉන් පසුන විවාද අභියෝගය බාරගන්නා බව ජනපති රනිල් ප්‍රකාශ කළ නමුත් ඊට පෙර තමන්ගේ ප්‍රශ්න දෙකට පිළිතුරු ප්‍රකාශ කරන ලෙස දන්වා තිබිණි.

එසේම පැවැත්වෙන විවාදයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයකුත් සමබන්ධ කරගමු යැයි යෝජනාවක් කළේ ආර්ථිකය ගැන අපේක්ෂකයන් දරන ප්‍රතිපත්ති හා ක්‍රියා මාර්ග ගැන අවබෝධයක් ලබා ගැනීමට එමගින් හැකි වන නිසාය. එමෙන්ම අවශ්‍ය නම් විවාදයට සජිත් ප්‍රේමදාටද සම්බන්ධ විය හැකි බවත් පැවැසීය.

කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විවාදයට ආරාධනා කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් අනුර කුමාර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ මුහුණට මුහුණ විවාදයක් සඳහා තමන් කැමැති බව ඊයේ පවසා තිබිණි.

අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ මෙම විවාදය ජනප්‍රිය රූපවාහිනී නාලිකාවකින් සංවිධානය කළ හැකි බවත් පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඕනෑම දෙයක් විවාදයට ගත හැකි බවත්ය.

"වික්‍රමසිංහ ජනාධිපතිතුමා වේදිකාවේ ඉඳන් මගෙන් ප්‍රශ්න අහනවා. ඉතින් මම එතුමාට විවෘත විවාදයකට අභියෝග කළා. එතකොට එතුමා කිව්වා අයිඑම්එෆ් එකත් එක්ක එන්නම් කියලා. අයිඑම්එෆ් එක මැතිවරණයට ඉදිරිපත් වෙනවාද? රනිල් වගකීම් විරහිත ප්‍රකාශ කරනවා," ඔහු පැවසීය. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය පිළිබඳව විපක්ෂ කඳවුර කැළඹී ඇති බවත් ජනතාව නොමඟ යැවීම සඳහා විවිධ අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවා හැරීමට පටන් ගෙන ඇති බවත් දිසානායක මහතා පැවසීය.

කෙසේ නමුත් අනුර කුමාර යෝජනා කර සිටින්නේ ඒ දෙදෙනා අතර පමණක් වන හුදකලා විවාදයකි. අඩුම තරමින් මෙය මාධ්‍යවේදීන් ඉදිරිපිට සිදුවන ප්‍රසිද්ධ විවාදයක් බවට පත් කිරීමටවත් ඔහු කැමැති නැත. මෙවැනි වැදගත් විවාදයක් පැවැත් විය යුත්තේ දෙස් විදෙස් මාධ්‍යවේදීන්, විද්වතුන් ඉදිරි පිට සිදු වන සජීවී විවාදයක් ලෙසිනි. එසේම එම සහභාගී වන්නන්ටත් අතිරේක ප්‍රශ්න අසමින් ඊට සම්බන්ධ වීමේ අවස්ථාව තිබිය යුතුය. නමුත් අනුර කුමාර ඊට එකඟ නැත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයකු සම්බන්ධ කර ගැනීමේ යෝජනාව අනුර දැඩිව ප්‍රතික්ෂේප කරන්නේ කුමන හේතුවක් නිසා දැයි පැහැදිලිය. එක අනුරට ආර්ථිකය ගැන, විෂයානුබද්ධ දැනුමක් නොමැති වීමත් මුල්‍ය අරමුදල සමඟ වන ගනුදෙනුව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කිසිදු අවබෝධයක් නොමැති නිසාය. දෙවැනි කාරණය භාෂාව පිළිබඳ ප්‍රශ්නයය. තුන්වෙනි කාරණය මේ නොදන්නාකම රට හමුවේ හෙළිදරව් වීම ගැන තිබෙන බියය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us