2029 සිට ත්‍රිරෝද රථ ආනයනය තහනම්

Published in පුවත්
Monday, 16 September 2024 08:27

විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් 2029 වසර වන විට පෙට්‍රල් හෝ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ ආනයනය තහනම් කරන බව රජය පවසයි.

මේ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

මෝටර් රථ ආනයනය නව මාදිලිවලට සීමා වන බවත් නිෂ්පාදනය කර වසර තුනකට අඩු මෝටර් රථ සහ ක්‍රීඩා මාදිලියේ වාහන (SUV) මෙන්ම නිෂ්පාදනය කර වසර පහට අඩු පොදු ප්‍රවාහන සහ වාණිජ කටයුතු සඳහා භාවිත කරන වාහන සඳහා ඇති තහනම ද ඉවත් කිරීමටද අනුමැතිය හිමිවී තිබේ.

තවද විශේෂ කාර්යයන් සඳහා සහ ආරක්ෂක කටයුතු සඳහා ආනයනය කරනු ලබන වාහන අවුරුදු දහයක් දක්වා පැරණි විය හැකිය.

එසේම ආනයනකරුවන් විසින් මෙම වාහන ආනයනය කර දින 90ක් ඇතුළත ලියාපදිංචි කර විකිණීමට අවශ්‍ය වන අතර සිදුවන ප්‍රමාදය සඳහා දඩ මුදල් අය කෙරේ. මීට අමතරව රජය මෝටර් රථ සහ අමතර කොටස් ආනයනය කරන්නන්, වාහන එකලස් කර­න්නන් සහ වෙ‍ළෙඳුන් නියාමනය කිරීම සඳහා වාර්ෂික බලපත්‍ර ක්‍රමයක් ද හඳුන්වා දීමට නියමිතය.

මේ අතර මේ වසරේ ඔක්තෝබර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 304 HS කේතය යටතේ වර්ගීකරණය කර තිබෙන මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ද ඉවත් වනු ඇත.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ගෙන ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට අනුකුලව සහ මුදල් අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව, 2024 ඔක්තෝබර් 1 වැනිදා සිට අදියර තුනක් යටතේ මෙම තහනම ඉවත් කිරීම සිදුවේ.

පළමු අදියර යටතේ පොදු මගී ප්‍රවාහන වාහන, විශේෂ කාර්ය වාහන සහ අනෙකුත් යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා 2024 ඔක්තෝබර් 1 වැනිදා සිට අවසර දෙන අතර දෙවැනි අදියර යටතේ වාණිජමය හෝ භාණ්ඩ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් භාවිත කරන වාහන ආනයනය සඳහා 2024 දෙසැම්බර් 1 වැනිදා සිට අවසර දෙනු ලබයි.

තුන්වන අදියර යටතේ පුද්ගලික භාවිත මෝටර් වාහන (මෝටර් රථ, වෑන්, ක්‍රීඩා මාදිලියේ වාහන ආදිය ඇතුළුව) ආනයනය සඳහා 2025 පෙබරවාරි 1 වැනිදා සිට අවසර දෙනු ලැබේ.

පනවා ඇති තහනම ක්‍රමානුකූලව ඉවත් කිරීම මගින් මෙරට මෝටර් රථ කර්මාන්තයේ පුනර්ජීවනය කිරීමට මෙන්ම ආර්ථිකය නංවාලීම ද අපේක්ෂා කරන අතර මෙමගින් පැරණි වාහන භාවිතය නිසා ඇති වී තිබෙන ඉන්ධන අකාර්යක්ෂමතාවය අවම කිරීම සහ නඩත්තු වියදම් ඉහළ යාම පාලනය කිරීම වැනි ගැටලු විසඳීමට උපකාරී වන බව රජය පවසයි.

වාහන ආනයනය සම්ප්‍රදායිකව ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇති බැවින් නව වාහන ආනයනයට ඉඩ දීමෙන් ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට සහ රජයේ ආදායම වැඩි කිරීමට ද අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, වාහන ආනයනය මෙරට විදේශ විනිමය සංචිත කෙරෙහි බලපෑමක් ඇති කරන බැවින් එම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා වාහන ආනයනය සඳහා අමතර තීරු බදු පැනවීම වැනි පියවර ද හඳුන්වා දී තිබේ.

දැනට භාවිත කරන වාහන විද්‍යුත් වාහන බවට පරිවර්තනය කිරීම ද මෙරට තුළ වසරකට සාමාන්‍යයෙන් මාර්ග අනතුරු 30,087ක් පමණ (මූලික වශයෙන් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ) සිදුවන අතර ඒවා තවදුරටත් අවම කිරීමේ උත්සාහයක් ලෙස රජය සිය වාහන ආනයන ප්‍රතිපත්තිවලට ආරක්‍ෂිත පියවර ද ඇතුළත් කර තිබෙන බව රජය පවසයි.

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින වැඩසටහනේ අංගයක් ලෙස ශ්‍රී ලංකාව ළඟා විය යුතු මූල්‍ය ඉලක්කවලට සහාය වෙමින්, ආනයන කටයුතු ක්‍රමානුකූලව නැවත ආරම්භ කිරීම මෙන්ම තීරුබදු හරහා අමතර ආදායමක් උපයා ගැනීමට ද මෙමගින් අපේක්ෂා කෙරේ.

එමෙන්ම ශ්‍රී ලංකාව ද අත්සන් තබා ඇති පැරිස් සම්මුතියෙහි ඇතුළත් “ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්වය (NDCs)” සපුරාලීම සඳහා පවතින කැපවීම මෙන්ම 2050 වන විට ‘ශුන්‍ය විමෝචන තත්ත්වය’ කරා ළඟාවීම සඳහා පවතින ඉලක්කය, මෙම තීරණය වෙත එළැඹීමේදී ද සැලකිල්ලට භාජනය කර තිබේ.

නව වාහන ආනයන ප්‍රතිපත්තිය මගින් පරිසර හිතකාමී වාහන කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඊට අනුව Euro 4 සිට Euro 6 දක්වා ප්‍රමිතීන්ට පරිවර්තනය වෙමින් වායු විමෝචන ප්‍රමිතීන්ට අනුකූල වීමද අවශ්‍ය වේ.

-P.M

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us