තරුණ ප්‍රජාවගේන් 99% ක් රනිල්ට

Published in පුවත්
Wednesday, 18 September 2024 11:44

මේ රටට පත්වෙන රාජ්‍ය නායකයාට පැවරෙන වගකීම් දෙකක් ඇති බවත් පළමුවැන්න රටේ හා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමත් දෙවැන්න ජාතික ආර්ථිකය ගොඩ නැගීම බවත් එය ක්‍රියාවෙන් ඔප්පු කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව උතුරු මැද හිටපු මහ ඇමති පේශල ජයරත්න මහතා පවසනවා.

උතුරු මැද මහ ඇමති පේශල ජයරත්න මහතා මේ අදහස් පළකර සිටියේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පොළොන්නරුව නගරයේ ඊයේ රාත්‍රියේදී පැවති ජන හමුවට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පේශල ජයරත්න මහතා,

ඒ නිසා මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරිනම් රටේ ජාතික ආර්ථිකය ගොඩනගන්න බැරි නම් රටේ ජනාධිපතිකම රටේ රාජ්‍ය නායකත්වය කරන්න බෑ.

ඒ නිසා අපි කියනවා පහුගිය අවුරුදු දෙක ඇතුළත මේ රටේ නායකත්වයක් ජනාධිපතිකමත් කරලා ඔප්පු කරල පෙන්වපු නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මහතායි.ඒ නිසා අද කයිවාරු ගහන නායකයින් ඉන්නවා.

එදා රට වැටිච්ච වෙලාවෙ රට බාරගන්නෙ නැතුව අපි ට බැහැ කියල පස්ස දොරෙන් පැනල ගියා .ඒවට හේතු පාඨ කිවුවා.එදා එඩිතරව රට හාරගත්තෙ රනිල් වික්‍රමසිංහ මහතා විතරයි.

ඒ නිසා මේ මැතිවරණයේ අඩුම වියදමින් මැතිවරණය කරන්නෙ රනිල් වික්‍රමසිංහ මහතායි.දැන් සමහර අය රජයේ නාස්තිය මැතිවරණ නාස්තිය ගැන කතා කරනවා.දැන් බලන්න මේ මැතිවරණ ව්‍යාපාරයේ වැඩිම කාර්යාල ප්‍රමාණයක් දාලා වැඩිම වියදම් කරල තියෙන්නෙ කවුද බලන්න.

වැඩිම රැලි තියල,බස් ගෙනල්ලා මිනිස්සු අන්දලා මේ මැතිවරණයේ වැඩිම පෝස්ටර් ගහලා මැතිවරණය කරන්නෙ කවුද බලන්න.

ඒ නිසා අද ඔය සමාජවාදය නෑ.ධනේෂ්වර ක්‍රමයට දේශපාලනයට අවතීර්ණ වෙලා තියෙන්නෙ මාලිමාව.ඒ නිසා ඒ අය කියන දේවල් නෙමෙයි කරන්නෙ.කටින් බතල හිටවනවා .පැහැදිලිවම වෙනත් ගමනක ඔය දේශපාලන පක්ෂ යන්නෙ.

ඒ නිසා මේ මැතිවරණයේදී අලුතින් ඡන්දය දෙන තරුණයන්ගෙන් 99%ක් ඡන්දය දෙන්නෙ රනිල් වික්‍රමසිංහට.

ඒ කියන්නෙ ඒ අයට දුර දිග පේනවා.ඒ අය තාක්ෂණය දන්නවා.ඒ නිසා අන්තර්ජාලය පරිහරණය කරන සියළුම තරුණ තරුණියන් තමන්ගෙ අපේක්ෂකයා ලෙසට තෝරගෙන තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ මහතායි.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

දැන් ගැහැණු අමුතුය

දැන් ගැහැණු අමුතුය

ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්...

Connet With Us