රනිල් වික්‍රමසිංහ යළි පාර්ලිමේන්තු එන්නේ නැහැ - රුවන් විජේවර්ධන  

Published in පුවත්
Tuesday, 24 September 2024 12:45

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි කිසිදු මැතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්‍රකාශ කරයි. අද එජාප මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

එසේම මේ වන විට එජාපය සතුව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය වෙනුවෙන් ඔහු යළි නොපැමිණෙ බවත් පැවසීය. එම මන්ත්‍රී ධුරය වජිර අබේවර්ධන විසින් ඉදිරියටත් හොඹවනු ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා තමන් යළි මැතිවරණ සඳහහා ඉදිරිපත් නොවන බව සඳහන් කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජිතයන් සහ ඔහුට සහය දැක්වූ සෙසු පක්ෂ වල පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඇතුලු ප්‍රබලයින් සමඟ වූ හමුවේදීය.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ කිසිදු රාජ්‍ය නායකයෙකු අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පහළ ධූරයක කටයුතු කර නොමැති බවය.

එම ප්‍රතිපත්තිය අනුව යමින් තමාද ගෞරවාන්විතව විශ්‍රාම යන බව ඔහු පවසා ඇත. එහෙත් තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් ඉදිරි මහ මැතිවරණයේදී විශාල බලයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවත් අවධාරණය කර තිබිනි.

කෙසේවෙතත් පවතින රජයට ඕනෑම අවස්ථාවක තනතුරු පසෙකලා ඕනෑම සහයෝගයක් ලබා දීමට තමා සූදානම් බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත.

Last modified on Tuesday, 24 September 2024 12:49

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us