සජබයේ ගම්පහ ආසන සංවිධායක ධුරය වරුණ රාජපක්ෂට

Published in පුවත්
Wednesday, 09 October 2024 22:13

සමගි ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායක ලෙස වරුණ රාජපක්ෂ මහතාව පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇත. ඒ අනුව අද දින එම සංවිධායක ධුරය ඔහු වෙත ප්‍රදානය කිරීම සිදුව තිබිණි. එමෙන්ම සමගි ජන බලවේගයේ විධායක සභිකයෙක් සහ ප්‍රතිපත්ති සහ සමීක්ෂණ සහ උපාය මාර්ග කමි‍ටුවේ උප සභාපතිවරයා ලෙස පසුගිය සතියේ පත් කර තිබිණි.

වරුණ රාජපක්ෂ මහතා වසර ගනනාවක් එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරයා ලෙස පසුගිය ජනාධිපතිවරණය දක්වා කටයුතු කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂක වරයකු ලෙසද කටයුතු කර තිබිණි.

එමෙන්ම මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස වසර 15 කට ආසන්න කාලයක් කටයුතු කර ඇති අත්දැකීම් බහුල දේශපාලනඥයකු වන ඔහු මුල් වරට පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස පත් වීම ලැබුවේ වයස අවුරුදු 21 දීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධුර කාලය තුළත් පසුගිය ජනාධිපතිවරණ සමයේදීත් අතිශය වැදගත් කාර්යභාරයක් ඉ‍ටු කරමින් නව ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දැඩිව පෙනි සිටි අතර ඔහු දක්ෂිණාංශික ලිබරල් දේශපාලන සහ ආර්ථික මතවාදය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සෘජුව පෙනී සිටීම කැපී පෙනුනි. විශේෂයෙන්ම ජවිපෙ සහ ජාජබයේ වාමාංශික ජනප්‍රියවාදී මතවාදයට එරෙහිව ඔහු දැඩි සටනක නියැළුනු අතර ඔහුට අභිමුඛ වීමට පවා එම ජවිපෙ බිය විය. වරුණ සහභාගීවන විවාදාත්මක වැඩ සටහන් මඟ හැරීම පවා ඇතැම් ජවිපෙ නායකයන් කටයුතු කර තිබිණි.

වරුණ රාජපක්ෂ එජාපයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් පසුගිය දින වල කිහිප තැනකම කරුණු දක්වා තිබුණු අතර එහිදී අවධාරණය කළ කරුණු අතර පසුගිය ජනාධිපතිවරණ පරාජය රනිල් වික්‍රමසිංහගේ හෝ සජිත් ප්‍රේමදාමසගේ පරාජයක් නොවන බවත් එය දක්ෂිණාංශක කඳවුරේ බෙදී වෙන් වීම නිසා දක්ෂිණාංශක කඳවුර දැන දැනම ලැබු පරාජයක් බවත් පෙන්වා දී තිබිණි. මේ බෙදී වෙන් විම නිසා සුළුතර ජනවරමකින් වාමාංශික ජවිපෙ රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට සමත් වූ බවත් මේ නිසා දක්ෂිණාංශික කඳවුර මේ මොහොතේදීවත් එකතු විය යුතු බවත් එම කාර්යභාරය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් නොසලකා හැර ඇති බවත් එමෙන්ම තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා සක්‍රීය දේශපාලනයේ නොයෙදීමත් නිසා තමන්ට එජාපයෙන් වෙන් වීමේ තීරණය ගැනීමට සිදුව තිබුණු බවටත් කරුණු පැහැදිලි කිරීමක් කර තිබිණි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සිය අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් නොවී පොදු ජන පෙරමුණෙන් ඉවත් වූ කණ්ඩායම් සමඟ නැවත ගෑස් සිලින්ඩරය ලකුණෙන් ඉදිරිපත් වීමත් වරුණගේ විවේචනයට හසුව තිබිණි. මේ අතර මෙවර මහ මැතිවරණය වෙනුවෙන් එජාපයේ දෙවන පෙළ නායකත්වය නියෝජනය කරන සැලකිය යුතු පිරිසක් ද ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. මේ අනුව ගෑස් සිලින්ඩරයට ලබා දෙන ඡන්දයෙන් පොදු ජන පෙරමුණෙන් ඉවත්ව පැමිණි පිරිස පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කරවීමට එජාප පාක්ෂිකයාට සිදුවන බවත් ඔහු පෙන්වා දී තිබුණේ තමන්ගේ තීරණය නිවැරදි බව අවධාරණය කරමිනි. මේ හා සමාන කරුණු දැක්වීමක් කරමින් එජාපයේ මහනුවර, යටිනුවර සංවිධායකයා ලෙස කටයුතු කළ තවත් තරුණ දේශපාලනඥයකු වන මහේෂ් සේනානායකත් වරුණ සමඟින්ම එජාපයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට සම්බන්ධ වී තිබිණි.

මේ අනුව සිය හර්ද සාක්ෂිය සහ තමන් දරන දක්ෂිණාංශික මතවාදය අනුව තමාට වඩාත් සමීප සහ සාධාරණ ප්‍රවේශයක් ලෙස තවදුරටත් දේශපාලනයෙහි යෙදීම සඳහා සමගි ජන බලවේගය තෝරා ගත් බව වරුණ පෙන්වා දී තිබිණි.

මේ තත්වයන් මත සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම මත ඔහු මෙවර මහ මැතිවරණය සඳහා සජබයේ අපේක්ෂකයකු ලෙස ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් වීමටද තීරණය කර ඇති අතර ඒ සඳහා වන නාම යෝජනා අත්සන් කිරීමත් අද දින සිදුව ඇත.

Last modified on Wednesday, 09 October 2024 22:15

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us